කොමර්ෂල් බැංකුව විසින් මෙරට විශාලතම අන්තර්ජාල ගමන් සමාගම වන Findmyfare වෙත LANKAQR විකල්පය හඳුන්වාදීමෙන් පසුව එම සමාගම විසින් QR කේත මගින් අන්තර්ජාල ගෙවීම් භාරගැනීම ආරම්භ කර තිබේ.
මේ අනුව, ගුවන් ගමන් සහ සිනමා ප්‍රවේශ පත්‍ර, හෝටල් නවාතැන්, දුරකතන රීලෝඞ් findmyfare.com ඔස්සේ මිලදීගැනීමේදී LANKAQR යටතේ වන ශ්‍රී ලංකාවේ පළමු QR කේත පදනම් කරගත් ගෙවීමේ ඇප් පහසුකම වන ComBank Q+ මගින් මුදල් පියවීමේ අවස්ථාව ගනුදෙනුකරුවන්ට ලබාදී ඇත.
මෙම QR කේත ගෙවීමේ විකල්පය Visa සහ Mastercard වැනි අනිකුත් වොලට් ගෙවීම් විකල්ප සමග එකට ලැයිස්තුගත කර තිබෙන බවත් ඒ තුළින් වෙබ් අඩවියට බහු සේවා ගනුදෙනු සැකසීමට අවස්ථාව උදාවෙන බව බැංකුව සඳහන් කරයි.
මේ තුළින්, වෙළෙඳුන්ට ComBank Q+ ඇප් පහසුකම මගින් LANKAQR සමග අනුකූලවන ඕනෑම QR කේත පදනම් කරගත් අයදුමක් තුළින් ගෙවීම් භාරගැනීමේ හැකියාව තිබෙන අතර එහිදී ගනුදෙනුකරුවන්ට තමන්ගේ ජංගම දුරකතනයෙන් වෙළෙන්දාගේ QR කේතය ස්කෑන් කර ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත, ඩෙබිට් කාඞ්පත, ජංගම ගිණුම හෝ ඉතිරිකිරීමේ ගිණුම මගින් ගෙවීම් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.











