• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජනකගෙන් අලුත් තාලෙ අලුත් වැඩක්

September 23, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ජනකගෙන් අලුත් තාලෙ අලුත් වැඩක්
Share on WhatsAppShare on Facebook

කෝපි කඬේ ‘පිනා’ගේ චරිතය ඔබට මතකද? ආරම්භයේ සිටම කෝපි කඬේ නැරඹූ ප්‍රේක්ෂකයනට නම් ‘පිනා’ව අමතක නැති බව නිසැකය. ප්‍රහර්සනයෙන් පිරුණු පිනාගේ කුළෑටි චරිතයට පණ දුන්නේ එවකට කඩවසම් ගැටවර තරුණයකු ලෙස ටෙලි සිනමාවට පැමිණි ජනක කුඹුකගේය. හිටි අඩියේම වාගේ ‘පිනා’ට සමුදුන් ජනක කුඹුකගේ එයට පසුව ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් තුළ සොඳුරුතම ආන්දෝලනයක් ඇති කළ තවත් එක් අපූර්වතම චරිත නිරූපණයකට මැදිවූයේ විමලරත්න අධිකාරිගේ ඉසිවර අසපුව හරහාය. එලෙස විවිධාකාර වූ නිරූපණයන් හරහා චරිත මැවූ දක්ෂ චරිතාංග රංගවේදියකු වූ ජනක කුඹුකගේ අලුත් වැඩකට අත ගහන්නට යන ආරංචිය අපේ කනට වැටුණේ අහම්බෙනි. ‘සීමා මායිමට එහා රසවතුන් සොයා යන ගමනක නියැළෙන්නට අදහස් කරන ඔහුගේ අමුතු පහේ නිර්මාණ කාර්යය ගැන කතා කරන්නට ඉතා සුහදව හෙතෙම අප හා එක්වූයේ මෙලෙසිනි.
ඉතින් ජනක කොහොමද මේ දවස්වල ජීවිතේ?
වරදක් නැහැ. සුපුරුදු පරිදි කලා කටයුතුවල නිරතව සිටිනවා.
ඒ ගැන තොරතුරු ටිකක් කියනව නම්?
ටෙලිනාට්‍ය තුනක රූගත කිරීම්වල නිරතව ඉන්නවා. එකක් ‘නීල පබළු’. දෙවැන්න ‘ඇය’ ටෙලි නාටකය. තුන්වැන්න නාලන් මෙන්ඩිස් මහතාගේ නැවැත විකාශනයට සූදානම් වන ‘නෑනලා’ ටෙලිනාට්‍යයෙහි රූගත කිරීම් යළිත් ආරම්භ වීම.
අලුත් තාලේ වැඩකට සූදානම් වන ආරංචියක් තියෙනවා?
ඔව්. එහෙම වැඩකට අතගහලා තමයි තියෙන්නේ. අලුත් යමක් කියන්නේ මෙහෙමයි. යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න අවශ්‍ය සියලු විධි විධාන සූදානම් කරලයි තියෙන්නෙ. “Lines & Beyond”, නමින් ප්‍රේක්ෂකයන් හමුවට එන එහි සරල සිංහල අරුත වන්නේ ‘සීමා මායිමට එහා’ යන්නයි. ඒ හරහා කතා කරන්නට සූදානම් වන්නේ අපි හැමෝම ජීවත් වන මේ භූමිය මතට රසවතෙක් නිර්මාණය කරන්නේ කොහොමද කියන කාරණය ගැනයි.
මෙතැනදී අප විවිධ ක්ෂේත්‍රවල සිටින කලාකරුවන්ව වගේම විවිධ වූ වෘත්තිකයන්වද ඒ සඳහා සහභාගි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එම වෘත්තිකයන් හරහා අපි සමාජයට කතා කරනවා. ඔවුන් තුළ යම් රසවතකු සිටිනවාද? ඒ තුළින් ඔවුන් සමාජයට දී තිබෙන දායකත්වය කොයි තරම්ද? ඉදිරියටත් එය දෙන්නට ඔවුන් සූදානම්ද? යන කාරණයන් ගැන ටිකක් පුළුල්ව කතා කරන්නට අප බලාපොරොත්තු වෙනවා.
මෙවැන්නක් ආරම්භ කරන්නට හිතුවේ ඇයි කියලා ඇහුවොත්?
දැන් දැන් ඇදී යන මෙම සමාජ ක්‍රමය අනුව මිනිසුන්ගේ ටේස්ට් එක එහෙමත් නැත්නම් රසඥතාවය ගැන විශාල ප්‍රශ්නයක් තිබෙනවා. එය දීර්ඝ කාලීනව දේශපාලන සහ තවත් විවිධ වූ හේතූන් මත ඇතිවූවක්. ඉතින් ,ඛසබැි ) ඊැහදබා, චැනලය හරහා ඒ ගැන යම් කතාබහක යෙදෙන්නට අප උත්සාහ කරනවා. බොහෝ විට මෙය උඩුගං බලා පිහිනීමක් බව කෙනකුට සිතෙන්නට පුළුවන්. නමුත් අපි පොඩි උත්සාහයක් ගන්නවා මෙහි සාර්ථකත්වයක් දකින්න.
අපි යැයි කිව්වේ මෙයට සහභාගි වන තවත් පිරිසක් සිටිනවාද?
ඔව්. අසෝක අතාවුදහෙට්ටි, නිපුනි වික්‍රමගේ සමඟ මගේ පුතා වාසුල කුඹුකගේද මේ සඳහා සම්බන්ධ වෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි විදේශගතව සිටින අපේ ලාංකික රසවතුන්ද මේ සඳහා සම්බන්ධ කර ගන්නටයි අපි ඉලක්ක කර ගන්නේ. එම මෙහෙවර සඳහා වාසුල අපට ඕස්ටේ්‍රලියාවේ පදිංචිව ඉඳගෙන සහයෝගය දෙනවා.
“Lines & Beyond” සාර්ථක වේ යැයි යන විශ්වාසය ඔබ තුළ තියෙනවද ජනක?
“Lines & Beyond” සඳහා ආරම්භය දුන්නේ ලොකු ආත්මවිශ්වාසයකින් තමයි. එය වටා පිරිස රොදබැඳ ගැනීමට අවැසි සියලු පියවර අපි ගන්නවා. නමුත් වැඬේ නොකර කයිවාරු කියන එක හොඳ මදියි. ඒ නිසා “Lines & Beyond” ප්‍රේක්ෂකයන් අතරට එනතුරු එහි සාර්ථක අසාර්ථක බව ගැන කතා කරන්නට හදිස්සි විය යුතු නැහැ මම හිතන්නේ. හැබැයි “Lines & Beyond” හරහා අප කරන්නට තනන්නේ හොඳ යමක්. සමාජයට අහිතකර නොවන යමක්. අපි හොයා යන්නට උත්සාහ කරන්නේ රසවතුන්ව. යම් කෙනකු තුළ කිසියම් වූ රසවතකු සිටිනවා. අන්න ඒ රසවතා තුළින් තමයි නිර්මාණශීලී පුද්ගලයකු බිහිවන්නේ. ඒ නිර්මාණශීලී බව ඔස්සේ තමයි ඒ ඒ අය සිය රසය ලොවට බෙදාහරින්නේ. ඔවුන් වෛද්‍යවරුන් විය හැකියි. කලාකරුවන් විය හැකියි. “Lines & Beyond” තුළ අප සතු කාර්යභාරය වන්නේ එකී විවිධ පුද්ගලයන් තම රසය තුළින් සමාජයට කළ මෙහෙවර ගැන සරලව කතාබහ කිරීමයි.
“Lines & Beyond”, එළිදකින දිනය වැඩි ඈතක නොවේද?
මම හිතන්නේ බොහෝ විට එය නුදුරු දිනෙක සිදුවේවි. එතෙක් අප බලා සිටිමු.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සීරියස් වෙලා ඇදවැටුණු ‘සීරියස්’ සීරියස් එකෙන්ම නැඟිටියි

Next Post

චන්ඩිපාට් දාලා බලෙන් ගෙනාව නම් මම බැඳලා ළමයිනුත් ඉඳීවි

MORE NEWS

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.