ශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකථන සන්නාමය වන Samsung Sri Lanka විසින් සිය පාරිභෝගිකයන් සහ හිතවත් අලෙවි නියෝජිත ජාලය වෙත ආකර්ෂණීය ත්‍යාග ප්‍රදානය කිරීමේ අරමුණින් මේ සැප්තැම්ර් මාසයේ දී අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් පෙළක් ක්‍රියාත්මක කරයි. ‘Samsung Mobile Wasi Mase’ සහMega Vehicle Bonanza එළිදැක්වීමත් සමඟ ී්පිමබට ප්‍රවර්ධන මාසය ආරම්භවන අතර මේ හරහා දැනට පවතින වෙළෙඳපොළ නැංවීමට අවශ්‍ය කර තිබුණු උපරිම ජවය සහ ආකර්ෂණය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
ඔබේ සිහින දුරකථනය මිලදී ගැනීමට අනගි වට්ටම් දීමනා සහ පොලී රහිත වාරික ගෙවීමේ සැලසුම්
Samsung Mobile ‘Wasi Mase’ හරහා තෝරාගත් දුරකථනවලට ආකර්ෂණීය වට්ටම් දීමනා සහ පොලී රහිත වාරික ලෙස පහසු ගෙවීමේ අවස්ථා හඳුන්වාදී ඇත. වැඩියෙන්ම අලෙවිවන Samsung දුරකථන රාශියක් අතරින් තමන් කැමති ඕනෑම දුරකථනය සුවිශේෂී මිලකට තෝරා ගැනීමේ අවස්ථාව මේ හරහා පාරිභෝගිකයන්ට හිමිවේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දුරකථන සන්නාමය ලෙස Samsung ස්මාර්ට් ජංගම දුරකථන සියලු වයස් කාණ්ඩවල සිටින ජනතාවගේ හද බැඳගෙන ඇති නමුත් තමන්ගේ ජීවන රටාවට සහ අපේක්ෂාවලට වඩාත්ම සමීප තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Samsung Galaxy දුරකථන පෙළ රටේ තරුණ තරුණියන් සහ මිලේනියල්ස්ලා අතර වඩාත් ඉහළ ආකර්ෂණයක් ලබාගෙන තිබේ.











