ලංකා බැංකුව දිවයිනේ බැංකුවක් විසින් ප්‍රථමවරට එහි ශාඛා සහ දෙපාර්තමේන්තු අතර පවත්වනු ලැබූ අනුකූලතා ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක් ‘Obsequentia 2020’ යන නමින් පැවැත්වූ අතර Obsequentia යන නාමය ලතින් බසින් අනුකූලභාවය යන අර්ථ දෙන දෙයි. මෙහි ආරම්භක වටය අවදානම් සහ අනුකූලතා ප්‍රශ්න විචාරාත්මක වටය ලෙස නම්කර තිබූ අතර, එහිදී තීරණාත්මක දැනුම් ක්ෂේත්‍රයන් උරගා බලනු ලැබීය. පසුගියදා ඉතා සාර්ථක අන්දමින් අවසන් වූ මෙම තරගාවලිය බැංකු ක්ෂේත්‍රයට නවතම අත්දැකීමක් ගෙන දෙමින් සියල්න්ගේම ප්‍රශංසාවට පාත්‍ර විණි.
බැංකු ක්ෂේත්‍රයේ තවත් එක් ප්‍රමුඛ පියවරක් සනිටුහන් කරමින් අනුකූලතා කේන්ද්‍රීය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන පවත්වනු ලැබුවේ බැංකුවේ ඩිජිටල් ක්‍රමවේදය උපයෝගි කරගනිමිනි. මේ සඳහා බැංකුවේ කණ්ඩායම් 112කින් තරගකරුවන් 560 දෙනෙක් සහභාගි වූහ.
මෙම තරගාවලිය සඳහා මූලික අදහස ඉදිරිපත් කරන ලද්දේ අනුකූලතා අංශයේ නියෝජ්‍ය මහා කළමනාකරු ඒ. පින්නදූවගේ මහතා විසින් වන අතර එහි අරමුණ වූයේ අනුකූලතා සහ අවදානම් කළමනාකාරීත්වය පිළිබඳ ලංකා බැංකු කාර්ය මණ්ඩලය සතු දැනුම වැඩිදියුණු කිරීමයි. මේ මඟින් තිරසාරත්වය මත පදනම් වූ විශිෂ්ට බැංකුකරණ වටපිටාවක් ගොඩනැඟීමේ ඇති වැදගත්භාවයද ඒත්තු ගැන්වීම තවත් එක් අරමුණකි.











