මැලිබන් බිස්කට්ස් (පුද්.) සමාගම තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට මෑතකදී සමත් විය. පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි ජුමෙරා එතිහාඞ් ටවර්ස් හෝටලයේ පැවති Global Performance Excellence සම්මාන උළෙලේදී (GPEA) විශිෂ්ටතම ජාත්‍යන්තර සම්මානයක් දිනාගැනීමට එම සමාගමට හැකියාව ලැබිණි.
ආසියානු කලාපයේ ගෝලීය විශිෂ්ටත්ව ක්‍රියාකාරීත්වයන් ඇගයීමට ලක්කරන ප්‍රධානතම නිල ජාත්‍යන්තර සම්මාන වැඩසටහන මෙය වේ. ලාභ සඳහා නොවන සංවිධානයක් වනAsia Pacific Quality Organization Inc. (APQO) මගින් මෙය පරිපාලනය කරනු ලබයි. ජාත්‍යන්තර තලයේදී ව්‍යාපාරවල නිරන්තර දියුණුවට සහ තිරසර සංවර්ධනයට අවශ්‍ය වන ක්‍රියාකාරීත්ව විශිෂ්ටත්වය සම්බන්ධ දැනුම ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම ඉලක්කයකි.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් මැලිබන් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවි ජයවර්ධන මහතා මෙසේ පැවසීය. “ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම අතර මෙසේ ඇගයීමට ලක්වීම අප ලද විශාල ගෞරවයක්. අප ප්‍රමිතිය උදෙසා දක්වන කැපවීම නැවත වරක් තහවුරු කරන්නක් ලෙස මෙම සම්මානය හැඳින්වීමට පුළුවන්. අඛණ්ඩව දෙවැනි වරටත් මෙම සම්මානය හිමි කරගැනීම සඳහා කැපවුණු සියලුම දෙනාට ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. වසර 60කට අධික කාලයක් පුරා පාරිභෝගිකයන්ට විශිෂ්ටතම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන මෙන්ම නැවුම් අත්දැකීම් සම්භාරයක්ද තිළිණ කිරීමට හැකිවීම අපට විශාල සතුටක්. මේ ගමනේදී අප උසස්ම අමුද්‍රව්‍ය සහ නවීන නිෂ්පාදන ක්‍රියාවලි භාවිත කරමින්, පාරිභෝගිකයන්ට ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන තිළිණ කරන අතරම තිරසර ප්‍රගතියක් අත්පත් කරගැනීමට සමත් වීම නිසා අපට තුන්වරක්ම ජාතික ප්‍රමිති සම්මානයද දිනාගැනීමටත් හැකියාව ලැබුණා.”
ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලයක ඇගයීම් අනුව GPEA සම්මාන උළෙලේදී තරගකරුවන් අතරින් ජයග්‍රාහකයෝ තෝරා ගැනෙති. මෙය ජාතික මට්ටමේ ප්‍රමිති සම්මාන දිනූ සන්නාමවලට ජාත්‍යන්තර තලයේ ක්‍රියාකාරීත්ව මට්ටම් හඳුනාගෙන ඊට සමගාමීව අඛණ්ඩ දියුණුව කරා යෑමට ලැබෙන මහඟු අවස්ථාවකි.