• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කේන්දරේ පාප ග්‍රහයන්ට සුබම ස්ථාන

September 12, 2020
in Astrology
Reading Time: 1 min read
A A
කේන්දරේ පාප ග්‍රහයන්ට සුබම ස්ථාන
Share on WhatsAppShare on Facebook

ජන්ම කේන්දරයක භාව දොළහෙන් 3, 6, 10, 11 යන ස්ථානයන් උපචය ස්ථාන ලෙසින් හඳුන්වන අතර, මෙම ස්ථානවල හිමිවන්නේද විශේෂිත තැනකි. එහිදී පාප ග්‍රහයන්ට මෙම උපචය ස්ථාන වඩාත් ගැළපෙන බවත් එම ස්ථානවලදී එම ග්‍රහයන් සුබපල ලබා දෙන බවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ඒ අනුව ඒ ඒ උපචය ස්ථානවලට පාප ග්‍රහයන්ගේ පිහිටීම සුබවන්නේ මෙලෙසිනි

03 වැන්න
ජන්ම කේන්දරයක වික්‍රමස්ථානය සහෝදර ස්ථානය, වීර්යය බලය ආදිය තුන් වැන්නෙන් කියැවෙයි. ඒ අනුව රවි තුන් වැන්නේ සිටීමෙන් වඩාත් හොඳ සුබපල ලබාදෙයි. රටට, ජාතියට වැඩදායී කටයුතු කරන්නකු නිර්මාණය කරයි. ඕනෑම අභියෝගයක් ජයගත හැකි වික්‍රමාන්විත පුද්ගලයකුද වෙයි. කුජද තුන් වැන්නේදී ගුණ දෙන සුබ කාරක ග්‍රහයෙකි. එඩිතර ගති ඇතිකර පසුනොබසින පුද්ගලයන් බිහිකරන්නට තුන් වැන්නේ කුජ කටයුතු කරයි. කාර්මික කටයුතු මෙන්ම ගණිතයටද දක්‍ෂ වෙයි. ඕනෑම අභියා්ගයකට මුහුණ දීමට හැකියාව ලැබෙයි. ශනි ග්‍රහයා තුන් වැන්නේ සිටීමෙන් සතුරන් පරදා ජය ලබයි. සිංහ ලග්න හිමියන්ට 3 වැන්නේ ශනි පිහිටීම දේශපාලනයට සුබ පෙරනිමිත්තකි.
එසේම රාහු ග්‍රහයාද තුන් වැන්නට ඉතාමත් සුබ ග්‍රහයෙකි. සිතන දෙය කරන්නෙක් වෙයි. අකීකරුද නැත. තමා උපන් ප්‍රදේශයට වඩා පිටස්තර ප්‍රදේශයකින් ජය අත්කර ගතහැකි වෙයි. දියුණුවද ලබයි.

06 වැන්න
හය වැන්නෙන් සතුරන් මෙහෙකරුවන් සහ ලෙඩ රෝග ගැන කියැවෙයි. රවි හයේ නම් ලෙඩ රෝග අඩුය. ශරීරය ශක්තිමත්ය. විරුද්ධවාදීන් මැඩපවත්වාගෙන ඉදිරියට යන්නට හැකියාවක් ලබයි. ආයතන ප්‍රධානියකුට මෙය ඉතා හොඳ පිහිටීමකි. මෙහෙකරුවන්ද හොඳින් වැඩ කරයි. සොරසතුරු කරදර නැත. සැප සම්පත් සපිරි ජීවිතයකට වාසනාව ඇත. කුජ හයේ නම් සතුරන්ට බය නැත. අලසකමින් තොරව වැඩ කරයි. දේපොළ ආරක්‍ෂා කර ගැනීමට සමත් වෙයි. ශනි හයේ නම් සතුරන් මැඩපවත්වාගෙන සිටීමේ දක්‍ෂයෙකි. බලය ලබා ප්‍රසිද්ධ අයෙක් වීමට හැකියාව ඇත. කඩිසරව කටයුතු කරන්නකු ලෙසද කැපී පෙනෙයි. රාහුද හය වැන්නට ඉතාම සුබ ග්‍රහයෙකි. රාහුගේ වේගය නිසාම මේ අයද එක තැන නොසිටියි. ආයතන ප්‍රධානියකු වුවද නිතරම තම සේවකයන් ගැන සොයා බලා කටයුතු කරයි. සොර සතුරන් ළං නොවෙයි. තම වස්තුව රැක ගැනීමට අපහසු නැත.

10 වැන්න
10 වැන්න යනු සතර කේන්දර ස්ථානවලට අයිති ස්ථානයකි. දස වැන්න කර්මස්ථානයකටද අයිතිය. ගෞරවය, ප්‍රසිද්ධිය, බලය, ජයග්‍රහණය වගකීම වැනි දේ මෙයින් නියෝජනය වෙයි. 10 වැන්න රවිටත්, කුජටත් දිග්බල ස්ථාන වෙයි. රවි 10 වැන්නේ නම් පියාට සුබයි. පියාගෙන් අමතර උපකාර ලබයි. වැඩකටයුතුවලට දක්‍ෂ අයකු වෙයි. ඕනෑම කටයුත්තක් ඉතා හොඳින් පිළිවෙළට කිරීමේ හැකියාව නිසා ඉන් සාර්ථක විය හැකිය. ඉහළ පිළිගැනීමක් ලබන අතරම, රාජ්‍ය අංශයේ පිළිගැනීමකටද හිමිකම් කීමට වාසනාව ඇත. කුජ ග්‍රහයාද 10 සුබපල දෙන ග්‍රහයෙකි. දහ වැන්නට කුජ පිහිටීම දිග්බල නිසාද යහපත්ය. එක තැනක රැඳී සිටි සුළු සුළු ආදායම් ලබන්නට සිත් නොදෙයි. නිතරම වැඩි ආදායමක් ලබා ගැනීමට කටයුතු කරයි. මෙය හොඳ ව්‍යාපාරිකයකුටද සුබ පිහිටීමකි. නිතරම මහන්සි වී වැඩ කිරීමට පෙලඹෙයි. එයින් දියුණුව ලබාගත හැකිය.
එසේම දහ වැන්නට රාහුද ඉතාමත් සුබය. ප්‍රසිද්ධියටද හේතු යෙදෙයි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සුබ පිහිටීමක් මෙන්ම කාර්යය ශූර පුද්ගලයන් බිහිකරයි. විවිධ ප්‍රදේශවල යමින් කරන රැකියා මේ අයට ඉතාමත් හොඳින් ගැළපෙයි.
11 වැන්න
11 වැන්න යනු අයස්ථානය ලෙසින්ද සැලකෙයි. ධනය ලැබීම පෙන්වන ස්ථානයකි. ආදායම මාසිකව වැනි දේද 11 වැන්නෙන් පෙන්වයි.

රවි 11 නම් ආණ්ඩුව සමඟ සම්බන්ධව කටයුතු කරන්නටත්, ඉන් ජයග්‍රහණ ලබන්නටත් වාසනාව ලබා දෙයි. වැඩිහිටි අයගෙන්ද, ස්වාමි පක්‍ෂයෙන් ආධාර, උපකාර ලබාගනී. උfiාගයෙන් කටයුතු කරන්නෙකි. උසස් අය ආශ්‍රයට ලැබේ. තම දක්‍ෂකම නිසාම ප්‍රසිද්ධ වීමට වාසනාව ලැබේ. ආඩම්බරකාරයකු වෙයි. කුජ 11 නම් වෙහෙස මහන්සි වී ආදායම් ලබයි. පොළොවෙන් ආදායම් ලබයි. මැණික් ව්‍යාපාර කරන, පතල් කපන අයට හොඳින්ම ගැළපෙයි. කුජ 11 සිටීමෙන් හොඳින් හෝ නරකින් මුදල් උපයයි. සුබ දේවල්වලින් සෑහීමකට පත්නොවීමේ තත්ත්වයක් ඇත.
ශනි 11 සිටීම දේශපාලනයට ඉතාමත් සුබ පිහිටීමකි. වතුපිටි දේපොළ ලබයි. බලාපොරොත්තු අත්නොහැර කටයුතු කිරීමෙන් ජය ලබයි. ගුණ යහපත් අයකු ලෙස ප්‍රසිද්ධිය ලබයි. රාහු 11 සිටීමෙන් මුදල් ඉපැයීමේ දක්‍ෂයකු බිහිකරයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

HNB FINANCE පොළොන්නරුව ශාඛාවේ 16 වැනි සංවත්සරයේදී පරිසර පවිත්‍රතාවට මුල්තැනක්

Next Post

අතීතයට යන ගමනක්… අපේ මුතුන් මිත්තන්ගේ ජීවන රටාව හා ආහාර පාන

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.