• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොලිවුඩ් නිලි චක්‍රබෝර්ති අත්අඩංගුවට

September 12, 2020
in Heart
Reading Time: 2 mins read
A A
බොලිවුඩ් නිලි චක්‍රබෝර්ති අත්අඩංගුවට
Share on WhatsAppShare on Facebook

පසුගිය දින කිහිපය තුළ උතුරු ඉන්දීය සිනමාව ගිනිතැබූ උණුසුම්ම පුවත එය විය.28 හැවිරිදි තරුණ රියාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන අධිකාරිය විසිනි. පසුගිය ජුනි මස තම නිවෙසේදීම සියදිවි නසාගත් සුෂාන්ත් සිං රාජ්පුට් ඛේදවාචකයෙන් පසුව රියා චක්‍රබෝර්තිට නිවනක් නොවීය.

සුෂාන්ත්ගේ දෙණ ඉදිරියේ දැඩි සංතාපයකට පත්ව සිටි රියා ගැන ශෝකයට පත්ව සිටි රසිකයන් ඇගේ ට්වටර් ගිණුම හරහා දුක හිතෙන පණිවුඩ කෝටි ගණන් මුදාහැර තිබුණේ, රියා සිය පෙම්බරයාණන්ගේ මරණය හමුවේ දැඩි ශෝකයට පත්ව සිටිනු දැකීමෙන් ඔවුනගේ සිත්හි හටගත් ආත්මීය වූ ශෝකය නිසාය.

එහෙත්..,
ශෝකප්‍රාප්ත වූ ඒ හැඟීම සුණුවිසුණු වී ගියේ, සුෂාන්ත්ගේ මරණය සියදිවි නසාගැනීමකට වඩා කිසිවකුගේ පෙළඹීමක් මත සිදුවූ ගෙල වැළලා ගැනීමක් බවම සුෂාන්ත්ගේ පියා රහස් පොලිසිය හමුවේ කළ සැක සහිත පැමිණිල්ල නිසාය.

රියා සහ සුෂාන්ත් අතර පෙම් පළහිලව්ව ආරම්භ වූයේ 2019 වසරේ ගිම්හාන සමයේදීය. අලුත් විලාසිතාවට අනුව ඔවුන් දෙදෙනා ‘ලීව් ඉන් ටුගෙදර්’ පන්නයට එකට විසීම ආරම්භ කළේ ඊට නොබෝ කලකට පසුවය.

රියාගේ මටසිළුටු ප්‍රේමනීය ස්වරූපය ඉතා ඉක්මනින් වෙනසකට බඳුන් වෙමින් තිබූ වග සුෂාන්ත් තමා සමඟ පවසා සිටිය බව සුෂාන්ත්ගේ පියා පොලිසියට දුන් කටඋත්තරයෙහි සඳහන්ව තිබිණි.
මවුපියන් ඇතුළුව පවුලේ අය සමඟ කතාබහ කිරීමට හෝ ඇසුරු කිරීමට රියා ඉඩ නොදෙන බවත් නිතර මුදල් ඉල්ලා ඈ තමාට කරදර කරන බවත්, මුදල් නොදෙන විටෙක රියාගේ සහෝදරයා වූ ෂොයික් තමාට අඩන්තේට්ටම් කළ බවද සුෂාන්ත් තමා සමඟ පවසා තිබූ බව සුෂාන්ගේ පියා සඳහන්කර තිබිණි.

ඔහු කී සියල්ල තද මුසාවක් බව කියමින් ඒ සියල්ල ප්‍රතික්‍ෂේප කළ රියා කියා සිටියේ, මානසික අව පීඩනයකින් පෙලුණු සුෂාන්ත් එම ආතතියෙන් ගොඩ ඒමට තමාගේ උපකාර ඉල්ලා සිටි ආකාරය ඉතාම අසරණ බවය.

‘නිවෙසේ අය තමාට නිතර දෙන දුරකතන ඇමැතුම් නිසා තමා දැඩි පීඩනයට පත්ව සිටින බවත්, තමාව හැර නොයන ලෙසත් සුෂාන්ත් තමා හමුවේ පින්සෙන්ඩු වූ බවත් රියා තවදුරටත් පොලිසියට පවසා සිටියේය.

‘ඔබ ඔහුව හැර ඔබේ නිවෙසට නැවැත පැමිණීමට හේතුව කුමක්දැයි…’
පොලිසිය අසන විට රියා කියා තිබුණේ,
සුෂාන්ත් සමඟ එකට විසීම බොහෝ අපහසු කාරියක් වූ බවකි.

නමුත්..,
හෙළිවී තිබෙන කරුණු කාරණාවන් අනුව නම් කියැවෙන්නේ, රියා සුෂාන්ත් සතුව තිබූ සියලු ධනය ඔහු වෙතින් සුරාගෙන එයට පසු නිවෙසින් එළියට පය තිබ්බාය කියලාය.
ඇත්ත නැත්ත ඇති සැටියෙන් දන්නේ හරියටම මියගිය සුෂාන්ත් එහෙමත් නැත්නම් රියාගේ හෘද සාක්‍ෂියය.

කෙසේ වුවද මෑත දිනක රියාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඕ තොමෝ පොලිසියේ විශේෂ අවසරයකින් පසුව ‘ස්වදේශ කටයුතු ඇමැතිට’ ඇමැතුමක් ගෙන කීයේ,
‘කරුණාකර… සුෂාන්ත්ගේ මරණය වෙනුවෙන් සාධාරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට අවැසි සහයෝගය දෙන්න,’ මේ මිනිස්සු ඔහුගේ මරණය හමුවේ මට දෙන වද හිංසා තවත් නම් ඉවසන්නට බැහැ.’යැයි කියාය.

එයට පසුව ස්වදේශීය කටයුතු අමාත්‍ය අමික්ෂාට තත්ත්පර කිහිපයක් අසන්නට ලැබී තිබුණේ රියා ඉකිගසා හඬන ආකාරයය.

මාධය මාෆියාව හමුවේ තමාව ඉතාම අසාධාරණ ලෙස නඩුවකට හසුකර තිබෙන වැරැදි නීතිමය ක්‍රියා ගැන ‘රියා චක්‍රබෝර්ති’ රූපවාහිනී කතිකාවක් හමුවේ සිය අදහස් දක්වා තිබුණේ මීට සති එකහමාරකට පමණ ඉහතදීය.

‘සුෂාන්ත් සිං රාජ්පුට්’ දැඩි ආතතිමය තත්ත්වයක් හමුවේ මත්ද්‍රව්‍යවලට ගොදුරුව සිටිය බවත්, එම ආතතියේ අවසානය සියදිවි නසාගැනීමේ පිළිවෙත නිසා ඔහු නිරායාසයෙන්ම එයට ගොදුරු බවත් එම කතිකාව හමුවේ රියා කියා සිටියාය.
‘සිදුවූයේ කුමක්දැයි’
යන්න තවමත් තීන්දුවකට පැමිණිය නොහැකිය.

රහස් පොලිසිය විසින් සොයාගත් තොරතුරු අනුව සුෂාන්ත් මත් සුවයට පොළඹවා තිබෙන්නේ රියා විසින්ය. සියදිවි නසාගැනීම සඳහා ඔහුට අවැසි මාවත පෙන්වා ඇත්තේ රියා විසින්ය. රියාගේ සොයුරු ෂොයික්ගේ සහායද ඇයට ඒ සඳහා නොමදව ලැබී ඇත.
තවදුරටත් හෙළි වූ කාරණා අතර, සුෂාන්ත්ගේ මරණය පසුපස කෝටි ගණනක මුදල් වංචාවක්ද සිදුව ඇත.
අවසානය කුමක් වේද?
කියන්නට දන්නේ නැත. ෂොයික්ට හෝ රියාට එල්ල වී තිබෙන චෝදනාවන්හි කරුණුවල සත්‍යය තවමත් අණාවරණය වී නැත.
එකක් පැහැදිලිය,
ඒ සුෂාන්ත්ගේ මරණය තුළ මහා ගුප්ත බවක් සැඟවී ඇති බවය.
ඒ ගුප්ත බව තුළ වන රාහස්‍යමය සළුපිළි නිරාවරණය වන්නේ කවදාද?
එතෙක් බලා සිටීමට සිදුවනු ඇත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කතා අඩු වැඩ වැඩි ආගන්තුකයා

Next Post

Ideal First Choice මූලිකත්වයෙන් Bosch ඩීසල් පොම්ප සේවා මධ්‍යස්ථානය පංචිකාවත්තේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.