• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ කැමැත්තට හරියන චාන්ස් එකක් තවම ලැබිලා නෑ

September 12, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මගේ කැමැත්තට හරියන චාන්ස් එකක් තවම ලැබිලා නෑ
Share on WhatsAppShare on Facebook

විශ්ව කොඩිකාර කියන්නේ බොහෝ විට එන එන විලාසිතාවනට අනුව තම ප්‍රතිරූපය වෙනස් කර නොගන්නට උත්සාහ කළ ටෙලි තරුවකි. විශේෂයෙන්ම ‘බම්ප්’ ක්‍රමය අනුව තරමකට වැඩුණු කොණ්ඩය, විශ්ව සිය ප්‍රතිරූපය තුළ අනන්‍යතාවක් කරගෙන සිටින තරමට එම පෙනුම හරහා රසිකයනට ඔහුව වඩාත්ම හුරුපුරුදු විය. නමුත් ඊයේ පෙරෙයිදා පෞද්ගලික රූපවාහිනී සේවයක ප්‍රසංගික වැඩසටහනකට විශ්ව පැමිණ සිටියේ වෙනස්ම ආකාරයකටය. සුවිශේෂීවම සඳහන් කරන්නේ නම් ඉහත කී විශ්වගේ බම්ප් එක සහිත කොණ්ඩය හොඳටම කොටට කපා තිබිණි. හිටි අඩියේ සිදුව තිබූ මේ වෙනස ගැන අසන්නටත්, අහස් මාලිගා ටෙලියට නැවත ඔහු සම්බන්ධ වූ ආකාරය ගැන කතා කරන්නට වාගේම ඔහුගේ නවතම තොරතුරු ගැන විමසිලි වන්නටත් විශ්වට හදවතින්ම ‘හාට්’ වෙත කොටුකර ගන්නට අප ගත් උත්සාහයක ප්‍රතිඵලය මෙලෙස අකුරු කරන්නෙමු.
ඉතින් විශ්ව ඔබ මේ දවස්වල මඳක් කාර්යබහුලව සිටින බවයි ආරංචිය?
ඔව්. අහස් මාලිගා ටෙලිනාට්‍යයට නැවත සම්බන්ධ වීමත් සමඟ එහි රූගත කිරීම් ආරම්භ වුණා. ඒ අතරම ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ අලුත්ම ටෙලිනාට්‍යයෙහි ප්‍රධාන චරිතයට ඇරයුම් ලැබීම නිසා ඒ සඳහාද සූදානම් වෙමින් සිටිනවා.
‘අහස් මාලිගා’ ටෙලියට නැවත සම්බන්ධ වූයේ සියලුම මතභේද දුරුවූ නිසාද?
මතභේදයක්ය කියන එක සඳහන් කිරීම හොඳ මදියි. යම් ගැටලුවක් ඇතිවුණා. පසුව සුහද කතාබහක් හරහා නැවැත සියල්ල සමථයකට පත්වුණා. දැන් යළි ‘අහස් මාලිගා’හි රඟපානවා.
ළඟකදී ඉඳන් ඔබේ පෙනුම වෙනස් වෙලා කියා කවුරුත් කතා වෙනවා?
මගේ හෙයා ස්ටයිල් එක ගැන වෙන්නැති ඔය අහන්නෙ මං හිතන්නෙ.
ඔව්. සුපුරුදු බම්ප් විලාසිතාවෙන් ඔබ බැහැර වෙලා?
හේතු කීපයක්ම නිසයි කොණ්ඩෙ කොටට කපන්න සිදුවුණේ. ඒකත් ‘අහස් මාලිගා’ ටෙලියට නැවැත සම්බන්ධ වීම මත ඒ ඒ අවස්ථාවන් උලුප්පා දැක්වීමට කොණ්ඩය කොට කරන්නට සිදුවුණා. අනිත් කාරණය ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ අලුත්ම ටෙලි නාට්‍යයට අනුව ඔහු මගෙන් ඉල්ලා සිටියා ‘විශ්ව කොණ්ඩෙ තරමකට කොට වෙනවා නම් මගේ කතාවට හොඳයි’ කියා. ඉතින් ඒ කරුණු කාරණා මත කොණ්ඩ මෝස්තරය වෙනස් වුණා.
ඔබේ සුපුරුදු ප්‍රතිරූපය වෙනස් වීම ගැන හිත් තැවුලක් දැනුණද?
අයියෝ නැහැ. මම සම්බන්ධ වන නිර්මාණ කාර්යය සඳහා මගෙන් ඉටුවිය යුතු යමක් වේද මම එය සතුටින් කරනවා. අනිත් කාරණය යම් වෙනසකට බඳුන් වීම කොහොමත් නරකක් වෙන්නෙ නැහැ.
කවදාවත් ඔබට ටෙලි නාට්‍යයවල හිඟයක් තිබුණෙ නැහැ නේද විශ්ව?
නැහැ. හැමදාමත් මම ටෙලි තිරය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට ආවා.
එයට හේතුව ඔබ ටෙලි නාට්‍ය තෝරා බේරාගැනීම නොකිරීමද?
මෙහෙමයි. තෝරල බේරලා ඉවත දමන්නට වුවමනා චරිත මා වෙත එන්නේ නැහැ. තිර පිටපත අනුව චරිතයක් සඳහා ගිවිසුම් අස්සන් කිරීමේදී මම බලන්නේ එකම එක දෙයයි. ඒ මම රඟපාන චරිතය හෝ ඒ කතාව පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්නට පුළුවන්දැයි කියන එක විතරයි. ඒ සුදුසුකම තිබෙන ඕනෑම ටෙලිනාට්‍යයක් මම සතුටින් බාර ගන්නවා.
හැබැයි ඔබ හැමදාටත් පෙම්වතාට කොටුවෙලා නේද?
ඒ මට එම චරිතයන් ලැබෙන විදියයි. කවදාවත් පෙම්වතාගේ චරිතය මට දෙන්නය කියා මම කාටවත් කියලා නැහැ. පෙම්වතා සඳහා මට ආරාධනා එනවා. මම එය බාරගන්නවා. එතැන සිදුවන්නේ එයයි.
ඒකාකාරීව සිදුවන එම ක්‍රමයෙහි වෙනසක් සිදුවෙනවට කැමැති නැද්ද?
කැමැතියි. හුඟක්ම කැමැතියි. නමුත් ඒ කැමැත්ත ඉටුකර ගැනීමට අවශ්‍ය අවස්ථාවන් මට තවම කාගෙන්වත් ලැබිලා නැහැ. එවැනි අවස්ථාවක් ලැබෙනතුරු මම ඉතාම සතුටින් බලා සිටින බව අවංකව කියනවා. ඒ වගේම මගේ ගුරුවරයා මහේන්ද්‍ර පෙරේරා මහත්තයා. ඔහු යටතේ මා ලද දැනුම සහ ආභාෂය ඉස්මතු කර දැක්වීමට අවශ්‍ය නිර්මාණයක් මට ලැබෙනවා නම් ඒක මගේ වාසනාවක් කියන කාරණයද මෙහිදී කිව යුතුයි.
ලස්සන තරුණ නිළියන් සමඟ පෙම් කිරීම ගැන බිරිය සිත් තැවුලට පත්වූ අවස්ථා නැද්ද විශ්ව?
අනේ නැහැ. එරන්දි කියන්නේ මගේ ප්‍රියතම රසිකාවියක්. ඈ මට සමීප වුණේ ‘පබළු’ ටෙලිනාට්‍යයේ හසරැල්ගේ චරිතයට ඈ තුළ ඇතිවූ දැඩි ආකර්ෂණය නිසයි. ඈ මාව ඉතාම හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. ඒ වගේම පවුල යන විෂය තුළ මම හොඳ සැමියෙක් වගේම හොඳ ආදරණීය තාත්ත කෙනෙක්.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සේර සාරයේ ශක්ති ජාලය

Next Post

ඇතා බැන්ද බෝමුල ළඟ ඇදහැලෙන සුන්දරී

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.