• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මහා පර්වතයක් මැද ඉදිකළ මාලිගාවකින් හමුවුණු රාවණ

September 12, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මහා පර්වතයක් මැද ඉදිකළ මාලිගාවකින් හමුවුණු රාවණ
Share on WhatsAppShare on Facebook

රාවණ කිසිදාක කතා කර අවසන් කරන්නට බැරි මාතෘකාවකි. එසේම හෙළයේ මහරජු ලෙසින් සැලකෙන රාවණ යනු දේශදේශාන්තර පමණක් නොව මුළු විශ්වයම තමාගේ අණසකට, පාලනයට යටත්කරගත් විශිෂ්ට ගණයේ පාලකයකු ලෙසද ප්‍රකටය. එනිසාම රාවණ සම්බන්ධයෙන් දෙස්-විදෙස් ජනයා තුළ ඇත්තේ කිසිදා සිඳී නොයන කුතුහලයකි. මේ හේතුව නිසාම රාවණයන් ගැන මේ මොහොතේත් විවිධ පර්යේෂණ හා සොයා බැලීම් සිදුවෙයි. රාවණයන් ගැන එලෙස සොයා බලන්නන්ගේ ප්‍රමාණයද අතිවිශාලය.

රාවණට මොකද වුණේ? මේ බහුතරයක් දෙනාගේ කුතුහලයට හේතු වුණු ප්‍රධානම ප්‍රශ්නයකි. ඒ අතරින් වැඩිදෙනකුගේ මතය වී ඇත්තේ රාවණ තවමත් ජීවත්ව සිටිනවාය යන මතයකි. එසේ නම් ඒ කොහේද, කොතැනද, කොහොමද? එසේ සිටිනවා නම් ඔහු ජනතාව අතරට නොපැමිණෙන්නේ මන්ද. මෙවැනි ප්‍රශ්නද කෙනකු තුළ ඇතිවීම නොවැළැක්විය හැකිය. එහෙත් රාවණ ගැන සෙවිය යුත්තේ ඉතා පරෙස්සමටය. එසේ නොවන්නට ඉතා වටිනා කරුණු කාරණා මඟහැරී යනු ඇත.

මේ වන විටත් රාවණ රජු මියනොගිය පුවත ගැන විවිධාකාර කතිකාවන් ගොඩනැඟෙමින් තිබේ. ඒ අනුව බලන විට රාවණ රජු ධ්‍යාන සුවයකට සමවැදී ඉතාමත් ආරක්‍ෂිත ස්ථානයක සුවපහසුවට තවමත් නිරුපද්‍රිතව සිටින බව වැඩිදෙනකුගේ අවධානයට ලක්වූ කාරණාවකි.

එලෙස දැඩි ආරක්‍ෂාවක් සහිත ස්ථානයක රැඳී සිටින රාවණ රජු එක්තරා නියමිත කාලයකට ධ්‍යානගතව ඇති බවටත්, එම කාලය ගෙවී යනතුරු කිසිදු හේතුවකට ධ්‍යානයෙන් ඉවත්ව එතුමන් පියවි තත්ත්වයට නොපැමිණෙන බවටත් විශ්වාසයක් ඇත.

සිය විශ්මිත ආධ්‍යාත්මික ශක්තියෙන් ප්‍රයෝජන ගැනීමේ සැබෑ සමතකු ලෙසින් සැලකෙන රාවණ රජු මේ හෙළයේ සිය භෞතික ශරීරයෙන් මිදී විශ්වය පුරා සැරිසරමින් විවිධ සොයා බැලීම් සිදුකරන බවටද විශ්වාසයක් ඇත. එලෙස භෞතික ශරීරයෙන් මිදී සිය දේශය පුරා සැරිසරමින්, තම ජනතාවට සිදුවන අකටයුතුකම් මෙන්ම සිය ජනතාව සිදුකරන අකටයුතුකම්ද සොයා බලන්නට මහා රාවණ රජු කටයුතු කරන අතර, ඉදිරියේ විවිධ කටයුතු සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට සැලැසුම් සකසන බවටද මතයක් පවතී.

මේ මොහොත වන විටත් රාවණ රජුගේ ශරීරය ඉතා ආරක්‍ෂිත ස්ථානයක රඳවා ඇති අතර, එම සිරුර ඇත්තේ මටසිලිටු නිමාවකින් රාජකීයයන්ට ගැළපෙන අයුරින් කිරිගරුඬ පාෂාණයෙන් නිමවූ බෙහෙත් ඔරුවක බහා බෙහෙත් තෙල්වල ගිල්වා බවත් ජනප්‍රවාදයේ එයි. එම බොහෙත් ඔරුව තුළ තැන්පත්ව ඇති රාවණ රජුගේ සිරුරේ බෙල්ලෙන් ඉහළ හිස කොටස ඉහළට පිහිටන අයුරින් ස්ථාන ගතකර ඇති බැවින් එහි ආරක්‍ෂාව වඩවඩාත් තහවුරුව ඇති බවත්, රාවණ රජුගේ සිරුරේ ආරක්‍ෂාව ඉතා ඉහළින් සැලසිය යුත්තක් නිසාම එම සිරුරට සමාන තවත් සිරුර විශාල ප්‍රමාණයක් එකම ආකාරයේ බෙහෙත් ඔරුවල තබා ඇති අතර, කිසිවකුටත් මෙම පරිවාර සිරුරු අතරින් රාවණ රජුගේ සිරුර වෙන්කොට හඳුනාගත නොහැකි වෙයි.

මෙම ස්ථානයේ ආරක්‍ෂාවට විශාල වශයෙන් යක්‍ෂ සේනාව රඳවා ඇති අතර, කිසිවකුට නොපෙනී ආරක්‍ෂක කටයුතුවල නිරතවීමේ හැකියාවකුත් එම යකුන්ට ඇති අතර, දීර්ඝ කාලයක් මුළුල්ලේ එනම් තමන්ට රිසිසේ ජීවිතය ගතකිරීමේ අරුම පුදුම විශ්මිත හැකියාවකුත් මෙම යකුන් සතු බව ප්‍රකාශ වෙයි. කිසිදු අවස්ථාවක රාවණයන්ට සමීප වීමට හෝ රාවණයන්ට අනතුරක් කිරීමට මොවුන් ඉඩ නොදෙයි. එසේම ජනප්‍රවාදයෙහි පැවසෙන ආකාරයට රාවණ රජුගේ භූගත මාලිගාවන්ට ඇතුළු වීමට තිබූ සියලු පිවිසුම් මාර්ග, ගල් පර්වත පෙරළා අවහිර කර ඇත්තේද රාවණගේ ආරක්‍ෂක යක්‍ෂ බළකාය බවයි පැවසෙන්නේ. ඔවුන් එසේ කර ඇත්තේ මතු අනාගතයේ රාවණ රජු යළිත් සිය පාලන යුගයක් ආරම්භ කරන්නට කටයුතු කරන බැවිනුත්, ඒ සඳහා රජුගේ සියලුම මාලිගා ආරක්‍ෂිතව තිබිය යුතු නිසාත්ය. ලක් පොළොව පුරා විවිධ ස්ථානවල පැතිරී ඇති මෙම භූගත මාලිගා සංකීර්ණ අතර, යක්‍ෂ හමුදාවන් නිතරම ගමන් කරමින් ඒවායේ ආරක්‍ෂාවත්, එම මාලිගා තුළ ඇති රාජකීය බඩු භාණ්ඩවල ආරක්‍ෂාවත් තහවුරු කරන බවත්, පැවසෙයි. එසේම රාවණගේ ගමන් පහසුව සඳහා භාවිත කළ දඬුමොනරයද ඉතා සුරක්‍ෂිතව මාලිගා පරිශ්‍රයක් තුළ තැන්පත්ව තිබෙන අතර, එය නිසි කලට නිසි මෙලාවට රාවණ රජු වෙත ලබාදීමට යක්‍ෂ සේනාවන් පත්කර ඇති බවයි ජනප්‍රවාදයේ පැවසෙන්නේ.

කෙසේ නමුත් රාවණ රජුගේ සිරුර තැන්පත්ව ඇත්තේ කොහේද යන්න තවමත් නිශ්චිතව හඳුනාගෙන නැතත් එම මාලිගය පිහිටා ඇත්තේ විශාල ගල් පර්වතයක් තුළ ඉදිකළ රාජකීය මාලිගයක් තුළයි. එම මාලිගයේ ගල් බිත්ති ඉතා සූක්‍ෂ්මව ඔපමට්ටම් කරවා මැණික් ගලින්, රන්-රිදියෙන් වැඩ දමා ඇති බවත් පැවසෙනවා. මෙම මාලිගයේ රාවණ රජුගේ සිරුර රඳවා ඇති කාමරය පිරිමිඩයක ආකාරයකින් නිමවා ඇති අතර, එහි මැද පිහිටා ඇති බෙහෙත් ඔරුව තුළ එතුමන් ධ්‍යාන සුවයට සමවැදුණු බවටත් පැවැසෙනවා. එසේම එම කාමරයට සමාන කාමර සිය ගණනක් මෙම විශාල ගල් මාලිගය තුළ ඇති බැවින් කිසිවකුට එතුමන්ගේ නියම සිරුර ඇති කාමරය සොයා ගැනීම පහසු නොවනු ඇත. මේ සියල්ල මහා කාල ඍෂිතුමාගේ විශේෂ සැලසුමකට අනුව සිදුව ඇති බව පැවසෙනවා.

රාවණ රජුගේ සිරුර සැලකිය යුතු කාල රාමුවකට අනුව ඉතා සුළු සෙලවීමක් සිදුවන අතර ඒ හැර එම සිරුර කිසිදු ආකාරයකට වෙනසක් නොවන බවයි පැවසෙන්නේ. එසේම රාවණ රජු සිය ධ්‍යානය අවසන් කරන තෙක්ම සෑම දිනකම හිරු උදාවෙද්දී නියමිත කාලයක් තුළ හිරු කිරණ ධාරාවන් රජුගේ හිස මතට පතිත වෙයි. එම හිරු කිරණ රජුගේ නළල මතටයි පතිත වෙන්නේ. ක්‍රමානුකූලව හිරු පායන රටාව අනුව නැඟෙනහිර දිශාව සුළු වෙනස්කම් වුවද, රජුගේ සිරුර රඳවා ඇති බෙහෙත් ඔරුව හිරු කිරණට සංවේදී වන අයුරින් නිමවා ඇති නිසා එය හිරුට සාපේක්‍ෂව දිශාගත වෙමින් රජුට ලැබෙන කිරණ නිසිලෙස ලබාදෙයි. එසේම රාවණ රජුගේ සිරුරේ නළල් තලයට ඉහළින් කාමරයේ පිහිටි සිදුරකින් නික්මෙන ජල බින්දුවක් සෑම දිනකම රජුගේ නළල මතට වැටෙයි. එයද කිසිදු වෙනසකින් තොරව සිදුවන බවයි පැවසෙන්නේ.

මේ සියල්ල සැලසුම් කළ මහා කාල ඍෂිතුමා, රාවණ රජුගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකීම භාරගෙන යක්‍ෂ සේනාවත් සමගින් එක්ව එම කාර්යය නිසි පරිදි ඉටුකරන නිසාම එතුමාට කිසිදා හානියක් නොවන බවයි පැවසෙන්නේ. එසේම අදටත් චෛත්‍ය තුළ ධාතුන් තැන්පත් කරනුයේද පිරමීඩ තාක්‍ෂණයේ රහස් ක්‍රමවේදයන්ට අනුවය. එනිසාම ධාතුන් වහන්සේලාට කිසිදු හානියක් සිදුනොවේ.

එනිසාම පිරමීඩ තාක්‍ෂණය උපයෝගී කරගනිමින් රාවණ රජුගේ සිරුර තැන්පත් කර ඇත්තේ සුවිශේෂී හේතු කාරණා මුල්කර ගනිමිනි. ඉදිරියේදී මේ සියලු රහස් හෙළිවනු නිසැකය. වසර දහස් ගණනක් පැරැණි හෙළ ඉතිහාසයේ වටිනා රහස් ඒ අතරින් මතු වනු ඇත. රාවණ ගැන වගේම රාවණ රජුගේ විශ්මිත නිර්මාණයන් සියැසින් දැකබලා ගන්නට හෙළබිමේ ජනිත වන හෙළයන්ට වාසනාව උදාවනු ඇත.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

සාජහාන්- 19 සහ 20 (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

DFCC බැංකුවෙන් මුදල් භාවිතයෙන් තොර නව යුගයක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.