ලෝක දේශපාලන කරළිය යළිත් රත්වෙයි! ලෝක නායකයකු ගැන හද දවන පුවතක්! ස්වභාවික විපත් ගැනත් ප්‍රවේසමෙන්! මෙරට තත්ත්වයේ සාමකාමී බවක්! රට මැද හදිසි අනතුරු! ජලයෙනුත් බාධා කරදර! ලග්න රැසකට නොසිතූ ලැබීම්! අපල මගහැර ගත්තොත් සුපිරි අවස්ථා! ඇතැම් ලග්න හිමියන්ට වාසනාව අත ළඟටම…! Sri Lanka Latest News
2026.07.26 වැනිදාට ග්‍රහ ලොව ප්‍රබලයකු ලෙස සැලකෙන සෙනසුරු හෙවත් ශනි සිය සාමාන්‍ය ගමන වෙනස් කර වක්‍ර ගමනක් පෙන්නුම් කරනවා. ඒ අනුව සමස්ත ලෝකයමත් ලෝකයට සහ රටටත් ලග්න වශයෙන් ගත් විට ඔබටත් සුවිශේෂ සුබ අසුබ තත්ත්වයන් රැසකට මුහුණ දීමට සිදුවේ. සෙනසුරු ග්‍රහයා තත්පරයට සැතපුම් 6ක වේගයෙන් ගමන් කරන අතර සෙනසුරු හිරුගෙන් සැතපුම් කෝටි 88ක් දුරින් පිහිටා තිබෙන ග්‍රහයෙකි. ග්‍රහයකු වක්‍ර වීවේදී එම ග්‍රහයා දෙන පල අඩුවැඩි සහ සුබ අසුබ ලෙස විවිධ වෙනස්කම් සිදුකරයි. ශුභ ග්‍රහයන් වක්‍ර වූ විට ශුභ ඵලද, අශුභ ග්‍රහයන් වක්‍ර වූ විට අශුභ ඵලද දෙන්නට සමත් වෙයි. කෙසේ නමුත් බහුතරයක් ජ්‍යොතිෂවේදීන් නෛසර්ගික වශයෙන් සුබ අසුබ ග්‍රහයන් ගැන බලා වක්‍රයේදීත් පලාපල කියයි. එහෙත් මෙහිදී ඒ ඒ ලග්න අනුව ශුභ අශුභ ග්‍රහයන් බලා වක්‍රයේ පලාපල කීමට කල්පනාකාරී විය යුතුය. Sri Lanka Latest News
ඒ අනුව සෙනසුරුගේ මෙම වක්‍ර වීම ලෝකයට කෙසේ බපලාන්නේදැයි විමසීමේදී ලෝකයේ මෙතෙක් පැවැති සන්සුන් සාමකාමී පරිසරය වෙනස් වීමක් සිදුවේ. විශේෂයෙන්ම බලය සම්බන්ධ බරපතළ ආරංචි ලෝකයේ විවිධ තැන්වලින් අසන්නට ලැබෙන අතර, විශාල විපත් හා ජීවිත හානි පිළිබඳ සිදුවීම් වාර්තා වන කාලයක් බවද පෙන්නුම් කෙරේ. ජල ගැලීම් හෝ නායයෑම් සම්බන්ධ පුවත් හේතුවෙන් ඇතැම් රටවල ජන ජීවිත අකර්මණ්‍ය විය හැකි කාලයකි. ඒ පිළිබඳ අවධානය වැදගත්ය. ලෝකයේ ප්‍රසිද්ධියට පත් වැඩිහිටි පුද්ගලයකු හෝ ප්‍රභූ පුද්ගලයකු පිළිබඳ ශෝකජනක පුවතක් අසන්නට ලැබෙනු ඇත. එමෙන්ම ලෝකයේ ප්‍රබල නායකයකුගේ බලයට අභියෝග කෙරෙන සිදුවීමක් අසන්නට ලැබෙනු ඇත. සමේ රෝගයක් හෝ ඒ හා සමාන රෝග තත්ත්වයක වර්ධනයක් ගැන ලෝකය තුළ කතාබහක් ඇතිවේ. ගිනිඅවි, ඉන්ධන, ගෑස් හෝ වායුව සම්බන්ධ ආන්දෝලනයක් ලෝකය තුළ යළිත් හිස එසවීමේ තත්ත්වයක්ද පෙන්නුම් කෙරේ. තාක්ෂණික අංශයේ නව පිබිදීමක් ආන්දෝලනයට ලක්කරමින් ඉස්මතු වන අභියෝගයක් සම්බන්ධව ප්‍රබලව කතාබහක් ඇතිවේ. එයින් ලොව රටවල් රැසක් අපහසුතාවට පත්වීමට ඉඩ ඇත.
කෙසේ නමුත් සෙනසුරුගේ වක්‍ර වීමෙන් රට තුළ සාමකාමී මෙන්ම ජනතාවට හානිකර ස්වභාවයක් පෙන්නුම් කෙරෙනු ඇත. ආර්ථිකයේ යම් නිහඬතාවක් හෝ පීඩාකාරී බවෙන් නිදහස් වූ ස්වභාවයක් පෙන්වයි. නැවතී තිබූ වැඩකටයුතු ක්‍රියාත්මක වීමක් මෙන්ම ධනාත්මක තත්ත්වයක්ද පෙන්වයි. මූල්‍ය අංශයේ යම් පිබිදීමක්, විදෙස් ආධාර හෝ උපකාර ගලා ඒමක් පෙන්නුම් කරයි. මෙතෙක් කලක් තීන්දු තීරණ නොගත් යම් යම් කාරණා පිළිබඳ තීන්දු තීරණ ගන්නට සුදුසු වටපිටාවක් ගොඩනැගෙන කාලයකි. එහෙත් රට තුළ ප්‍රදේශ කිහිපයකට ජලයෙන් බාධා සිදුවිය හැකි කාලයකි. ස්වභාවික විපත් අවදානම සහිත ප්‍රදේශවල වැසියන් ප්‍රවේසමෙන් කටයුතු කිරීම ඉතා යහපත්ය. රට මැදට වන්නට බරපතළ ස්වභාවික විපත් සහ හදිසි අනතුරු තත්ත්ව ගැන පුවත් අසන්නට සිදුවන තත්ත්වයක් ඇති නිසා ජනතාව ප්‍රවේසම් වීම වැදගත්ය. ඉගෙනගන්නා හෝ අධ්‍යාපනයට සම්බන්ධ පිරිස් අනතුරුදායක ක්‍රියාවලින් වැළකී සිටීමද යහපත්ය. අධ්‍යාපන අංශයේ විවිධ දක්ෂතා පිළිබඳ පුවත් අසන්නට ලැබෙනු ඇත. එසේම දරුවන් සම්බන්ධව සංවේදී සිදුවීම්වලට ඉඩ ඇති නිසා මවුපියන් සිය දරුවන් ගැන අවධානයෙන් සිටීම ඉතා වටී.
කෙසේ නමුත් සෙනසුරු වක්‍රය ලග්න වශයෙන් ගත් කල ඒ ඒ අයට බලපාන ආකාරය විමසීමේදී විශේෂ කාරණයක් කිව යුතුය. එනම් ඇතැම් විට බහුතරයක් දෙනාට සෙනසුරු වක්‍රයෙන් අසුබයි කියා සිතා සිටියද තම තමන්ගේ උත්පත්ති ග්‍රහ තත්ත්ව හරි හැටි හඳුනාගෙන ඒ අනුව කටයුතු කළහොත් නිසැකවම සෙනසුරු වක්‍ර වීම තුළින් ජීවිතයේ ජයග්‍රහණය උරුම කරගන්නට බහුතරයක් දෙනාට හැකිවනු ඇත. ඒ නිසා මෙම පලාපලය පොදු ලග්න පලාපලයක් බැවින් තම තමන්ගේ කේන්දර දක්ෂ, අවංක ජ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කරවාගෙන මෙම ශනි වක්‍රයෙන් ඔබගේ ජයග්‍රහණයට අවශ්‍ය මාවත විවර කරගත හැකි බවද සිහිපත් කරමි.
ඔබට හොඳද? නරකද?
සෙනසුරු වක්‍රයෙන් ඔබට ලැබෙන සුබ පල වැඩිකර ගැනීමටත් අසුබ පල අඩුකර ගැනීමටත් කාක නිලක් යෙදූ මුදුවක් හෝ මාල පෙත්තක් නිසි ලෙස ඔබගේ නමට ලග්නයට බලගන්වා පැලඳීමත්, නුග වෘක්ෂයකට සාත්තු කිරීමත්, බුද්ධ මන්ත්‍ර සහිත තඹ බෝ පත්‍ර හතක් ඔබගේ නමට ලග්නයට බලගන්වා බෝධි පූජාවක් තැබීමත් ඉතා යහපත්ය.
ඉගෙන ගන්නා දරුවන්ට ව්‍යාපාරිකයන්ට සහ වැඩිහිටියන්ට මෙම ප්‍රතිකර්ම කරවා ගැනීම ඉතා වටී. විශේෂයෙන් විභාග කටයුතු කරන දරුවන්ට මෙම ප්‍රතිකර්ම ඉතා වැදගත් වනු ඇත.
මේෂ ලග්නය – සුවිශේෂ ලැබීම්
මෙතෙක් කලක් පැවැති යම් යම් බාධා කරදර වේ නම් ඒවායෙන් නිදහස සහ සහනය ලැබේ. එමෙන්ම නිවාස අයිතිවාසිකම්, ශරීර සනීපය මෙන්ම විවිධාකාර වූ සතුටුදායක සිදුවීම්වලට හේතු යෙදේ. සමිති සමාගම් හා ආයතනවල ප්‍රධාන තනතුරු, රැකියා උසස්වීම් මෙන්ම ගෞරවයටද හේතු යෙදේ. තම බලය වර්ධනය කරගන්නට අවස්ථාව උදාවන අතර විශේෂ දියුණුවකටද ඉඩ ලැබේ. පවුලේ පිරිස වැඩිකෙරෙන කාලයකි. බලාපොරොත්තු නොවූ ධන ලාභ සහිත කාලයකි. මෙතෙක් කලක් ලැබේ යැයි සිතා සිටි විශේෂ ලැබීම් හිමිවනු ඇත. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා තර කෙරෙන අතර කම්සැප වර්ධනයට හේතු යෙදේ. ඉතා වාසනාවන්ත තීරණාත්මක කාලයකි.
වෘෂභ ලග්නය – විශේෂ වාසි
වෘෂභ ලග්න හිමියන්ගේ යෝගකාරක මෙන්ම සුබ ග්‍රහයකුද වන ශනිගේ වක්‍ර වීමෙන් ඉදිරි කාලය තුළ සුවිශේෂ ජයග්‍රහණ අත්කර ගන්නට වාසනාව ලැබේ. ඒ අනුව මෙතෙක් කලක් බලාපොරොත්තුව සිටි විශේෂ කාරණාවකින් නොසිතු විරූ ජයග්‍රහණයක් ලැබේ. විශේෂයෙන්ම ඉගෙනගන්නා දරුවන්ට, විශේෂ ජයග්‍රහණ හිමිවනු ඇත. රැකියා කරන අයට තනතුරු උසස්වීම් හිමිවේ. නව ආදායම් මාර්ග විවර වනු ඇත. එසේම සමාජය තුළ කැපීපෙනෙන කවුරුත් කතාබහ කරන ආකාරයේ අයකු ලෙස ප්‍රසිද්ධියට පත්වේ. සුවිශේෂ ලැබීම් සහිතය. තම බලපරාක්‍රමය පෙන්වීමට අවස්ථා යෙදේ. සතුරන් පරාජය වනු ඇත. පෙර තිබූ ලෙඩ රෝග සුවවීමෙන් සිතේ සතුටට හේතු යෙදීමටත් නියමිතය. විශේෂ ගමන් බිමන් මෙන්ම විශේෂ වාසිද අත්වනු ඇත.
මිථුන ලග්නය – වියදම පරිස්සමෙන්
නිසැකවම තමා සිටින තැන හෝ පදිංචිය වෙනස් කිරීමට සිදුවනු ඇත. ධන ලාභ මෙන්ම හදිසි ලැබීම් යෙදුණද එම මුදල් රඳවා ගන්නට අපහසු වන බැවින් කල්පනාකාරී වන්න. එක් පැත්තකින් සිතේ සතුටට හේතු යෙදුණද කලබල තීන්දු ගැනීමෙන් පාඩු විය හැකිය. පපුවේ, බෙල්ලේ වේදනා ඇතිවන අතර, ඉතා පරෙස්සමට කටයුතු කළ යුතු කාලයකි. පාදවල හෝ උරහිස් අසල යම් යම් ආබාධ යෙදේ. හිතවතුන්ගෙන් විවිධ ආරාධනා ලැබේ. තමන්ගේ කෙනකු ගැන උනන්දු වීමට සිදුවන අතර දුරබැහැර සිටින අයකු ඔබ සොයා පැමිණේ. තරග, වාද විවාද ආදියට යෑම සුදුසු නැත. පව් කරන්නට සිතේ. රැකියා ස්ථානයේ සිටින හිතවත් පිරිසක් ඔබට එරෙහිව කේළාම් ඕපාදූප කියන්නට ඉඩකඩ ඇත. අන් අයගේ සිත් රිදෙන වචන පිටවන කාලයකි.
කටක ලග්නය – උත්සාහයේ තරමට ප්‍රතිඵල
කලබලයකින් තොරව වැඩ කළහොත් අරමුණු පහසුවෙන් ජයගත හැකිය. එහෙත් සත්‍ය අවබෝධ කරගැනීමට යම් යම් බාධා යෙදේ. ඉඩකඩම්, දේපළ සම්බන්ධ ලැබීම් ඇත. විශේෂ මූල්‍ය ලාභ සඳහා අවස්ථා උදාවේ. ගමන් බිමන්වලදී ප්‍රවේසම වැදගත් වේ. සුළු සුළු බාධා තත්ත්වයන් හඳුනාගෙන ඒවා මගහැර කටයුතු කළහොත් ඉතා පහසුවෙන් අරමුණු ජයගත හැකිය. රැකියා කරන අයට ප්‍රධානීන් සමග මත ගැටුම් ඇතිකෙරේ. එසේම ඒ නිසා ප්‍රවේසම වැදගත්ය.
පැරැණි භාණ්ඩයක් හෝ පැරැණි ගනුදෙනුවකින් යළි ලාභ ලැබිය හැකි කාලයකි. උසස් අය සමග කතාබහ ගනුදෙනු ප්‍රවේසමෙන් කළ යුතුය. මෙතෙක් කල් ඔබට අවශ්‍යව තිබූ භාණ්ඩයක් මිලට ගැනීමට අවස්ථාව යෙදේ. බලාපොරොත්තු ඉටුකරගැනීමට උත්සාහ කරන්න.
සිංහ ලග්නය – අමුතු අදහස්
ගමන් බිමන් අධික කෙරෙන කාලයකි. ඇතැම් විට ඒ නිසාම පාඩු සහ බාධාද සිදුවනු ඇත. පුරුෂයන්ට ස්ත්‍රීන් සමගද, ස්ත්‍රීන්ට පුරුෂයන් සමගද සබඳතා ඇතිවේ. අමුතු අදහස් ඇතිවන අතර ඒවා ක්‍රියාත්මක කිරීමටද ඉඩ ලැබේ. උදරාබාධ මෙන්ම මුත්‍රා සම්බන්ධ අපහසුතා ඇතිවිය හැකි කාලයකි. මහජනයා සමග සම්බන්ධ වී කටයුතු කරන්නට ඉඩ ලැබේ. ඇතැම් විට විශාල පිරිසක් සම්බන්ධ කටයුත්තකින් ලොකු වාසියක් අත්වනු ඇත. විශේෂ අයගෙන් අමුත්තන්ගෙන් වාසි ප්‍රයෝජන ලැබේ. නව රැකියා ලබාගැනීමට සහ ඉල්ලුම් කිරීමට සිතෙන කාලයකි. ආහාර සම්බන්ධ කාරණා මත අසනීප යෙදෙන කාලයකි. ප්‍රවේසම් විය යුතුය. විශේෂයෙන් තමාගේ සමීපතමයෙක් හෝ ඥාතියෙක් කලකට පසු හමුවනු ඇත.
කන්‍යා ලග්නය – වාසනාව අත ළඟට
සතුරන් පරදා ජය ගන්නට හොඳ කාලයකි. මෙතෙක් කාලයක් ඔබට සතුරුකම් කළ අයට අලාභ සහ පාඩු සිදුවන කාලයකි. ලෙඩ රෝග තිබුණේ නම් ඒවායෙන් සුවය ලැබෙන කාලයකි. ස්ත්‍රී පුරුෂ සබඳතා තරවන අතර, නව හිතවත්කම් ඇතිවන කාලයකි. දේපළ ඉඩකඩම්වලින් වාසි හා ලාභ අත්වේ. නව දියුණුවකට මග පෑදෙනු ඇත. අනියම් සබඳතා කෙරෙහි අවස්ථා යෙදෙන බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබෙන අතර, නව ව්‍යාපාර ආරම්භයට ඉතා සුබ කාලයකි. තමාට අහිමිව ගිය බොහෝ දේ යළි ලැබෙන කාලයකි. විශේෂයෙන්ම සබඳතා, රැකියා හා ධනය සම්බන්ධ එවැනි ලැබීම් ඇතිකෙරේ. තම කැමැත්ත පරිදි කටයුතු කිරීමට අවස්ථාව යෙදේ.
තුලා ලග්නය – නව ව්‍යාපාර
ඇතැම් කටයුතු හදිසියේ වෙනස් කිරීමට සිදුවන ග්‍රහ තත්ත්වයකි. එහෙත් ඉන් සිදුවන යහපත වැඩි කරගත හැකිය. ව්‍යාපාර කරන අයට නව ව්‍යාපාර හා ආයෝජන සඳහා උත්සාහ කළ හැකිය. දරුවන් ගැන අවධානයෙන් සිටිය යුතුය. එමෙන්ම දරු ප්‍රසූතියට සිටින ස්ත්‍රීන් සහ අනතුරුදායක කටයුතුවල යෙදෙන පිරිස් අවධානයෙන් සිටිය යුතුය.
ඉගෙන ගන්නා දරුවන්ට අමුතු අමුතු දේ ඉගෙනීමටත් නව පාඨමාලා ආරම්භයටත් සුබ වේ. ගමන් බිමන්වලදී විශේෂ ධන යෝගයක් පෙන්නුම් කරන අතර ඉන් සිය බලාපොරොත්තු ඉටුකර ගැනීමට අවස්ථා යෙදේ. දුරබැහැර සිටින අයකුගේ ආරාධනාවක් මත හදිසි ගමනක් යෙදේ. ඉන් ජීවිතයේ තීරණාත්මක වෙනසක් සිදුවේ. අන් අය සමග කරන කටයුතු ප්‍රවේසමෙන් කළ යුතුය.
වෘශ්චික ලග්නය – අමුත්තෙකුගෙන් ලාභ
ඉඩකඩම් සම්බන්ධ කතාබස් ගනුදෙනු වැඩිකෙරෙන කාලයකි. ගෙවල් දොරවල් අලුත්වැඩියාවට ඉඩකඩ ලැබෙන අතර මෙතෙක් කාලයක් තමාට තිබූ ප්‍රශ්න සම්බන්ධව අලුතින් සිතන්නට සිදුවනු ඇත. ඇතැම් විට එම කාරණා තමාට වාසිදායක ලෙස විසඳා ගන්නටද ඉඩකඩ ලැබේ. තමාට සමීප ඥාතියකු හෝ මිතුරෙකු දුරස් වීමක් සිදුවනු ඇත. ආදායම් මාර්ග වෙනස් කරන්නට සිතෙන කාලයකි. එසේම නව ගනුදෙනු සහ සැලසුම් තුළින් විශේෂ වාසි අත්වේ.
තමාට සමීප අයගේ සතුරු ක්‍රියා පිළිබඳ අවධානයෙන් සිටින්න. නැතහොත් ඔබට අවාසි වනු ඇත. පාදයේ හෝ උරහිසේ ආබාධයක් සඳහා ප්‍රතිකාර ගන්නට සිදුවේ. ගැටීම් වැටීම් සහිත කටයුතුවලින් ආරක්ෂා වීම වැදගත්ය. අමුත්තෙකුගෙන් ලාභ ලැබෙනු ඇත.
ධනු ලග්නය – ජයපිට ජය
ඉතා වාසනාවන්ත ග්‍රහ තත්ත්වයකි. හදිසි ධන ලාභ මෙන්ම සැප සම්පත් ලැබෙන කාලයකි. සිතේ සතුට ඇතිවේ. ප්‍රීතියට කරුණු යෙදේ. ශරීර සනීපය මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතුවලින්ද වාසි අත්වේ. උසස් සහ ප්‍රභූ පුද්ගලයන් ආශ්‍රයට අවස්ථාව යෙදෙනු ඇත. අසනීප තිබුණේ නම් සුවය ලැබෙනු ඇත. නිවසට සුරතල් සතුන් ගෙන එන්නට සිදුවන අතර, සතුන් සම්බන්ධ ව්‍යාපාර කරන අයට විශේෂ වාසි අත්වේ. උත්සවයකට යන්නට සිදුවන අතර ඉන් විශේෂ වාසි අත්වේ. නොසිතූ තරමේ ලොකු ලාභ ලැබෙන්නට හැකි කාලයකි. නැතිවූ නම්බුව තනතුරු තානාන්තර ආදිය ලැබෙනු ඇත. නීති ප්‍රශ්නවලින් සහ දෝෂාරෝපණවලින් නිදහස ලැබේ. ඉතා හොඳ කාලයකි.
මකර ලග්නය – අවධානය වැදගත්
තමාගේ පෙනුම සහ සිරුරේ ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. ණය ගනුදෙනු සහ එවැනි කටයුතුවලින් මුදල් ලැබේ. එහෙත් එවැනි මුදල් ගන්නට පෙර සිතාබලා තීරණ ගන්න. තමාට නොගැළපෙන අය ආශ්‍රයට නොයා යුතු කාලයකි. පවුලේ ඥාතීන් සමග අවුල් වියවුල් ඇතිවිය හැක. ඒ නිසා ප්‍රවේසම් වන්න. බොරු චෝදනා නින්දා අපහාස අසන්නට සිදුවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න.
තමාගේ කීර්තිනාමය ගැන අවධානයෙන් කටයුතු කළ යුතුය. මුහුණේ සහ සිරුරේ තැන තැන ලප කැළැල් ඇතිවේ. ඔබද ගැටෙන වැටෙන කෙටෙන කටයුතුවලින් ප්‍රවේසම් වෙන්න. ඔබට අයත් දෙයක් අස්ථානගත වීමක් සිදුවනු ඇත. ඒ ගැන සැලකිලිමත් වන්න.
කුම්භ ලග්නය – පැරැණි ගනුදෙනුවකින් වාසි
ඔබ තරමක් කල්පනාවෙන් කටයුතු කළහොත් ග්‍රහ අපල තත්ත්වය මගහරවාගෙන ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරන්න අවස්ථාව උදාකරගත හැකිය. එසේම කලකට පෙර කළ කටයුත්තක ලාභය ඔබට ලැබෙන කාලයකි. විටින් විට පාදවල ආබාධ සහ උදරය ආශ්‍රිත අපහසුතා යෙදෙනු ඇත. තමාගේ අවශ්‍යතාවට තිබූ දෙයක් වෙනත් අයකුට දීමට සිදුවනු ඇත. අස්ථි සම්බන්ධ රෝග ඇතිකෙරේ.
හදිසි ලොතරැයි ලාභ සහ වාසි ලැබේ. වැඩිහිටි අය සමග කටයුතු ප්‍රවේසමෙන් කළ යුතුය. තමාගේ යැයි සිතා සිටි දෙයක් අන් අයකු වෙනුවෙන් ලබාදීමට සිතේ. හදිසියේ පැමිණෙන අමුත්තෙකු සමග දුර ගමනක් යෙදේ. තැන්පත් ධනය වැයවනු ඇත.
මීන ලග්නය – සතුටට හේතු
මීන ලග්න ඔබට මෙතෙක් කලක් තිබූ බාධා ඉවත්ව නව ගමනක ඉඩ ප්‍රස්ථා යෙදේ. නව ආදායම් මාර්ග විවර කෙරෙන අතර වැඩිහිටි පුද්ගලයන් හා මිතුරන්ගෙන් උපකාර ලැබේ. නව ව්‍යාපාර මෙන්ම තාක්ෂණික අංශයට සම්බන්ධ කාරණාවලින් නව ලැබීම් ඇතිකෙරේ. සබඳතා තර කෙරෙන අතර දරුවන් සම්බන්ධ කටයුතුවලින් වාසි අත්වේ.
ඔබට සතුරුකම් කළ අයම ඔබව සොයා එනු ඇත. අහිමි වූ රැකියා ලැබීම් හෝ නව රැකියා සඳහා අවස්ථා යෙදේ. උසස් තනතුරු සමග ඉහළ වැටුප් ලැබීම් සිදුවන කාලයකි. නව ව්‍යාපාර සැලසුම් සහ නව නිෂ්පාදන සඳහා අවස්ථා ඇත. එසේම ගමන් බිමන් බහුල කෙරේ. හිතේ සතුටට හේතු යෙදේ.
ජ්‍යොතිෂවේදී, ජ්‍යොතිෂ පර්යේෂක
ජේ.එන්.කේ. රත්නායක
යටිගල්ඔළුව.
0777579404











