• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

දේශීය නිෂ්පාදකයන්ට වඩා විදෙස් සමාගම්වලට අත වනන ලංකාවේ ප්‍රමිති කාර්යංශය

September 9, 2020
in Business
Reading Time: 4 mins read
A A
දේශීය නිෂ්පාදකයන්ට වඩා විදෙස් සමාගම්වලට අත වනන ලංකාවේ ප්‍රමිති කාර්යංශය
Share on WhatsAppShare on Facebook

සාර්ථක දේශීය කර්මාන්තකරුවකු වන සමන්ත කුමාරසිංහ මහතා බංග්ලාදේශයේ හා වියට්නාමයේ දී සිය කර්මාන්තශාලා ආරම්භ කර තිබේ. දේශීය කර්මාන්තකරුවන් තම මව්බිම අතහැර ආයෝජනය සඳහා වෙනත් රටවලට යන්නේ ඇයි දැයි කුමාරසිංහ මහතාගෙන් කළ විමසුමට ඒ මහතා දුන් පිළිතුරු ඇසුරින් මේ ලිපිය සැකසිණි.

කර්මාන්ත ආරම්භ කිරීම සඳහා දේශීය කර්මාන්තකරුවන් විදෙස් රටවල යාමට බලපාන හේතු කිහිපයක්ම තිබේ. පළමුවෙන්ම කිව යුත්තේ එසේ පෙළඹෙන්නේ ලෝකය ගැන අවබෝධයක් තිබෙන ව්‍යවසායකයන්ය. තමන්ගේ රටෙන් පිටට ගොස් වෙනත් රටක කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම විශාල අභියෝගයකි. අභියෝගවලට මුහුණ දිය හැකි පුද්ගලයන් එවැනි තීන්දු ගැනීම හා එසේ කටයුතු කිරීම තම මව්බිමේ දියුණුවට හේතු වෙයි. ඒ විදෙස් රටකදී උපයන මුදල් මව්බිමට ගෙන එන හෙයිනි.

විදෙස් රටක ආයෝජනය කිරීමට යන සෑම පුද්ගලයෙකුම සාර්ථක වන්නේ ද නැත. එසේ සාර්ථක නොවීමට ද හේතු කිහිපයක් තිබිය හැකිය. තමන්ගේ නොහැකියාව හා විදෙස් ආයෝජකයන්ට අපහසු වන ආකාරයට ඒ රටේ නීති වෙනස් කිරීම වැනි හේතු ද ඒ අතර තිබිය හැකිය. මූල්‍යමය ශක්තිය අඩුවීම හෝ තරඟකාරීත්වය වැඩිවීමද ඊට හේතුවිය හැකිය.

දේශීය කර්මාන්තකරුවන් විදෙස් රටවල ආයෝජනය කිරීමට යාමට බලපාන තවත් හේතුවක් වන්නේ ලංකාවේ නීති දේශීය ආයෝජකයන්ට හිතකර නොවීමය. ඒ බොහෝ නීති සැකසී තිබෙන්නේ අධිරා්‍යවාදී සමයේය. ඒ යුගයේ ඒ නීති සැකසුනේ මහා බි්‍රතාන්‍ය මූලික කරගත් බහුජාතික සමාගම් වලට හිතකර ලෙසය. නිදහස ලැබීමෙන් පසු බලයට පැමිණි ඇතැම් ආණ්ඩුද කටයුතු කළේ ඒ බහුජාතික සමාගම් වලට හිතකර ලෙසය. ඒ සමාගම් වල හිත් රිදෙන අයුරින් ඒ නීති වෙනස් නොකළා පමණක් නොව ඒ සමාගම් වලට අවාසි වන නව නීති පැනෙව්වේ ද නැත. මාගේ මේ චෝදනාව සෑම ආණ්ඩුවකටම අදාල නොවන්නා සේම රාජ්‍ය පාලනයේ සිටි සෑම නිලධාරියෙකුටම ද අදාළ නොවේ.

ලංකාවේ ඉතාමත් පහසුවෙන් කළ හැකි නිෂ්පාදන සේම මෙරට වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් තිබෙන ඇතැම් නිෂ්පාදන අදටත් කරන්නේ දේශීය සමාගම්වලින් නොවේ. රටේ නීති සැකසී තිබෙන්නේ ද ඒ සමාගම්වලට හිතකර අයුරින් මිස දේශීය කර්මාන්තකරුවන්ට හිතකර අයුරින් නොවේ. මේ සම්බන්ධයෙන් ඉතාමත් පහසුවෙන් දැක්විය හැකි සහ මා කියන කාරණය ඉතාමත් පහසුවෙන් තේරුම්ගත හැකි තවත් සරල උදාහරණයක් වන්නේ සබන්ය. සබන් මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩයකි. එසේම ඉල්ලුම ද වේගයෙන් ඉහළ යන නිෂ්පාදනයකි. එහෙත් ඒ ඒ සබන් වල තිබිය යුතු ප්‍රමිතිය සම්බන්ධ නිර්නායක සකස් කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයයි. ඒ කාර්යාංශය සකසා තිබෙන ප්‍රමිති හා පිරිවිතරවලින් වැඩි වාසි සැලැසෙන්නේ දේශීය කර්මාන්තකරුවන්ට නොව දේශීය නොවන සමාගම්වලටය. ඒ කාර්යාංශයේ ඇතැම් ප්‍රමිති නිසා රටේ ජනතාවට තමන්ගේ සෞඛ්‍යයට අහිතකර නිෂ්පාදන භාවිතා කිරීමට ද සිදුවී තිබේ. රාජ්‍ය ආයතන වල සිටින නිළධාරීන්ගේ මෙවැනි ක්‍රියා නිසා ද දේශීය කර්මාන්තකරුවෝ රට අතහැර විදෙස් රටවලට යති.

දේශීය කර්මාන්තකරුවන් ආයෝජනය සඳහා මව්බිම අතහැර වෙනත් රටවලට යාමට රාජ්‍ය බදු ප්‍රතිපත්ති ද හේතු වෙයි. රජයේ ඇතැම් බදු නිසා අමුද්‍රව්‍ය මිල ඉතා ඉහළ මට්ටමක තිබිය හැකිය. ඒ ඇතැම් අමුද්‍රව්‍ය රට ඇතුළෙන්ම සපයා ගන්නවා විය හැකි අතර තවත් ඇතැම් අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ගෙන්වා ගන්නවා ද විය හැකිය. ඒ කාරණය ඉතා පහසුවෙන් අවබෝධ කරගැනීම සඳහා එතනෝල් භාවිත කර නිෂ්පාදනය කරන සුවඳ විලවුන් ගනිමු. ඒ සුවඳ විලවුන් හා කොලෝන් වර්ග නිෂ්පාදනය කිරීමට ගන්නා එතනෝල් සඳහා පසුගිය ආණ්ඩු කාලවලදී අය කළ බදු ඉතා විශාලය. මා මේ කතා කරන්නේ මත්පැන් නිෂ්පාදනය සඳහා ගන්නා එතනෝල් ගැන නොව සුවඳ විලවුන් හා කොලෝන් වර්ග නිෂ්පාදනය කිරීමට ගන්නා එතනෝල් ගැනය. නැතහොත් කර්මාන්ත සඳහා ගන්නා එතනෝල් පිළිබඳවය. කර්මාන්ත සඳහා ගන්නා එතනෝල් වලට තිබූ බද්ද මත්පැන්වලට ගන්නා එතනෝල්වලට තිබූ බද්දට වඩා විශාලය. එයට හේතු වී තිබුණේ නීති විරෝධී එනම් බදු නොගෙවන මත්පැන් නිෂ්පාදනය සඳහා කර්මාන්ත වලට ගන්නා එතනෝල් භාවිත කර තිබීමය. ඒ සඳහා කර්මාන්ත සඳහා ගන්නා එතනෝල් වලට පනවා තිබූ බද්ද ඉතා ඉහළ මට්ටමක පැවතිණි. ඒ තත්ත්වයන් නිසාත් ඇතැම් කර්මාන්තකරුවෝ ආයෝජනය සඳහා පිටරටට යාමට පෙළඹෙති. ඔවුන් එසේ කරන්නේ එතනෝල් ආශ්‍රිත නිෂ්පාදන වෙනත් රටක නිපදවා එක්කෝ තම මව්බිමට ගෙන්වා ගැනීමටය. නැතහොත් ඒ රටේ වෙළඳපොළට නිකුත් කිරීමටය. එසේත් නැතහොත් වෙනත් රටවලට අපනයනය කිරීමටය.

ඇඟලුම් කර්මාන්තයේ නියුතු දේශීය ව්‍යවසායකයන් ආයෝජනය සඳහා පිටරටවලට යන්නේ වෙනත් හේතු මතය. ඇඟලුම් කර්මාන්තයේ තිබූ කෝටා ක්‍රමය නිසා අපේ ඇතැම් කර්මාන්තකරුවෝ මැද පෙරදිග රටවල ද ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කළහ. කෝටා ක්‍රමය 2005 දී අහෝසි වීමත් සමඟ ඒ කර්මාන්තශාලා වැසිණි. ඉන් පසුව ඒ ඇතැම් කර්මාන්තකරුවෝ ඉතා ඉක්මනින් සිය ඇණවුම් සැපයිය හැකි පරිසරයක් තිබෙන රටවලට යොමු වූහ. ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ තිබෙන බරපතල ප්‍රශ්නයක් වන්නේ අවශ්‍ය තරම් සේවකයන් නැතිකමය. එහෙත් බංග්ලාදේශය වැනි රටවල එවැනි තත්වයක් නැත. එරට කර්මාන්තශාලාවකින් අද සේවකයන් 20ක් ඉවත් කළහොත් හෙට ඒ වෙනුවට 40ක් බඳවා ගත හැකිය. එරට ඒ තරමටම ශ්‍රමිකයෝ සිටිති. ඇතැමුන් කියන්නේ බංග්ලාදේශයේ ශ්‍රමයට ලංකාවේ මෙන් ඉහළ ගාස්තුවක් ගෙවිය යුතු නැති බවය. මගේ අවබෝධයේ හැටියට නම් ඒ මතය වැරැදිය. බංග්ලාදේශයේ මුදල් ඒකකය වන ටකාවලට වඩා වැඩි වේගයකින් ලංකාවේ රුපියල අවප්‍රමාණය වෙයි. දැනටත් එසේ වී තිබේ. එහෙයින් ශ්‍රමය සඳහා බංග්ලාදේශයේ දී ගෙවිය යුත්තේ අඩු මුදලක්ය කියන කතාව වර්තමානයට ගැළැපෙන්නේ නැත.

ශ්‍රම ඵලදායිත්වය අතින් ද ලංකාව හා බංග්ලාදේශය අතර වෙනසක් පවතී. වෘත්තීය සමිති ක්‍රියාකාරකම් හා පටු දේශපාලන අරමුණු මත ක්‍රියාකාරකම් හා පටු දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වන ජනතාවට විපත් පැමිණවීමට පෙරමුණ ගන්නා නොමිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා ලංකාවේ ශ්‍රමිකයන්ගෙන් නියම ඵලදායිත්වය නොලැබෙයි. වැඩ වර්ජන මඟින් මෙරට සේවකයන්ගේ වැඩ කිරීමේ උනන්දුව අඩු කර තිබේ. මෙරට බහුතරය සිතන්නේ වැඩ අඩුවෙන් කර වැඩියෙන් වැටුප් ගැනීමටය. එය ලංකාවේ රාජ්‍ය අංශයෙන් පෞද්ගලික අංශයට ද සංක්‍රමණය වෙමින් පවතින රෝගී තත්ත්වයකි. මගේ අවබෝධය වන්නේ ඇතැම් අයට ඒවා එලෙස නොපෙනෙන බවය.

කොරෝනා වලින් පසුව ලෝකයේ රෙදිපිළි වෙළෙඳපොළ හැකිළෙමින් පවතී. සියයට සියයක තිබූ ලෝක රෙදිපිළි වෙළෙඳපොළ දැන් සියයට හැටක් දක්වා පල්ලම් බැස තිබේ. කොරෝනා ලෝකයෙන් සහමුලින් තුරන් වුවත් ලෝක රෙදිපිළි වෙළෙඳපොළ නැවත තිබූ තත්ත්වයට නොපිබිදෙන බව ලෝක රෙදිපිළි වෙළෙඳපොළ පිළිබඳ විශේෂඥයන්ගේ මතයයි. කොරෝනා නිසා ලෝකයේම මිනිසුන්ගේ ජීවන රටා වෙනස් වී තිබේ. ගෙදර සිට වැඩ කිරීම දැන් ලෝක ව්‍යාප්තව සිදුවෙයි. සේවා ස්ථානවලට පැමිණ කළ කටයුතු වලින් අවම වශයෙන් සියයට 30ක් පමණම දැනටත් ගෙවල්වල සිටම සිදුවෙයි. එය හාම්පුතුන්ටත් සේවාදායකයන්ටත් ලාබදායකය. එසේම පහසුය. ඒ නිසා ඒ සේවකයන්ගේ ඇඳුම් අවශ්‍යතාවය අඩුවෙයි. ඒ වගේම මෙතෙක් කල් ලොව පුරා පැවති ඇතැම් වටිනාකම් හා සිරිත් විරිත් ද වෙනස් වී තිබේ. ඒ නිසා කොරෝනා ලෝකයෙන් සහමුලින් තුරන් වූවත් ලෝක රෙදිපිළි වෙළෙඳපොළ යළි පිබිදෙනු ඇත්තේ සියයට 80කින් පමණ මිස සියයට 100කින් එය පිබිදෙනු ඇතැයි සිතිය නොහැකිය.

එහෙත් ලෝක සබන් හා සනීපාරක්‍ෂක ද්‍රව්‍ය වෙළෙඳපොළ තිබුණාට වඩා පුළුල් වනු නිසැකය. විශේෂයෙන් මා මෙහිදී කතා කරන්නේ ඇඟ ගල්වන සබන් හා දියර ගැනය. ඒ වෙළෙඳපොළේ තිබුණු වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 24කි. එය 2025 වනවිට ඩොලර් බිලියන 40 දක්වා ඉහළ යනු ඇතැයි ඒ පිළිබඳ විශේෂඥයෝ කියති. එයට හේතුව කොරෝනා නිසා සනීපාරක්‍ෂාව පිළිබඳව මුළු ලෝකයේම ඇති වී තිබෙන ඉහළ උනන්දුවය. කොරෝනාවලට පෙර දිනපතා දිය නොනෑ පුද්ගලයෝ දැන් දිනපතා දිය නාති. නිතර අත් නොසේදූ පුද්ගලයෝ නිතර අත් සෝදති. නිතර ඇඳුම් නොසේදූ පුද්ගලයෝ දැන් නිතර ඇඳුම් සෝදති. ඒ නිසා සබන් කැට හා දියර වලට තිබෙන ඉල්ලුම නිසැකවම ඉහළ යන්නේය. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 24 සිට 40 දක්වා ඉහළ යාමෙන් සිදුවන්නේ සියයට 80ක වර්ධනයකි. ඒ වර්ධනය අප රට ඇතුළෙහි ද සිදු වෙයි.

එහෙත් මෙරට සිටින දේශීය සබන් නිෂ්පාදකයන්ට මේ අවස්ථාවෙන් ලබාගත හැකි ප්‍රයෝජන සීමා වී තිබේ. එසේ වී තිබෙන්නේ රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ වරදිනි. මෙරට සබන් නිපදවන ඇතැම් කර්මාන්තකරුවන් නිෂ්පාදනය කරන්නේ සබන් නොව බේදින් බාර්ය. ඒවා නිපදවන්නේ රෙදි සෝදන කුඩුවලිනි. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය නටන්නේ ඒ බේදින් බාර් නිෂ්පාදකයන්ගේ පදයටය. ප්‍රමිති කාර්යාංශය ඔවුනගේ රූකඩයක් ලෙස ක්‍රියා කරන බව මම චෝදනා කරමි. ප්‍රමිති කාර්යාංශයේ ඒ රූකඩ පිළිවෙත නිසා ලංකාවේ මිනිසුන් අවුරුදු 20ක් තිස්සේ ඇඟෙහි ගල්වන්නේ රෙදි සේදීමට ගන්නා කුඩුය. ඒ සඳහා අවශ්‍ය ප්‍රමිතිය සකසා දී තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසිනි.

අපේ රටේ බොහෝ දෙනා චෝදනා කරන්නේ දේශපාලකයන්ටය. එහෙත් මගේ අවබෝධය, නිගමනය හා තක්සේරුව වන්නේ ඇතම් ඉහළ රාජ්‍ය නිලධාරීන් ඉතා භයානක බවය. දේශපාලකයන්ට වඩා වැඩි වේගයකින් හා වැඩි ප්‍රමාණයකින් ඉහළ රාජ්‍ය නිළධාරීන්ට රට වැනසිය හැකිය. බොහෝ රාජ්‍ය නිලධරයන් විශ්‍රාම යාමට ආසන්න කාලයේ පය තබාගෙන සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක වෙළෙඳ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතනවලය. එසේ නැතහොත් බහුජාතික සමාගම්වල හෝ මහා පරිමාණ පෞද්ගලික සමාගම්වලය. විශ්‍රාම යාමට ආසන්න කාලයේ ඔවුන් ඉටුකරන්නේ තම අනාගත දිව්‍ය ලෝකවල වුවමනාය. එහෙයින් අමාත්‍යාංශ ලේකම් හා දෙපාර්තමේන්තු ප්‍රධානී වැනි ඉහළ තනතුරු දරන රාජ්‍ය නිලධරයන් විශ්‍රාම ගොස් අවුරුදු දෙකක් ගත වන තුරුවත් ඔවුනට රාජ්‍ය සේවයේ අවසන් වසර කිහිපයේ ගත කරන ආයතන හෝ සේවාවලට සමානුපාත පෞද්ගලික හෝ ජාත්‍යන්තර ආයතන හෝ සේවා ස්ථානවල සේවයට යාම තහනම් කිරීමේ නීතියක් පැනවිය යුතුය.

දේශීය කර්මාන්තකරුවන්ට වැඩි වැඩියෙන් හිරිහැර වෙන්නේ ඉහළ රාජ්‍ය නිළධාරීන්ගෙන් මිස දේශපාලකයන්ගෙන් නොවේ. වර්තමානයේ සිටින කර්මාන්ත අමාත්‍යවරයා කර්මාන්තකරුවන්ට පහසුවෙන් හමුවිය හැකි, සාකච්ඡා කර ප්‍රශ්න විසඳාගත හැකි, දේශීය කර්මාන්තවලට හිතැති පුද්ගලයෙකි. එසේම කර්මාන්ත අමාත්‍යාංශයේ දැන් සිටින නිලධාරීන්ගෙන් බහුතරය ද එවැන්නෝය. එහෙත් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වැනි ආයතනවලට නිලධාරීන් නිවැරැදි වන්නේම නැත. දේශීය කර්මාන්තවලට හිතැති සේවයක් ඔවුන්ගෙන් වන්නේම නැත. වර්තමාන රජය යටතේ සේම පසුගිය යහපාලන රජය යටතේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ද අපට පහසුවෙන් වැඩ කළ හැකි විය.

පසුගිය රජයේ ඇමැතිවරුන් දැනුවත් නොකර මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ප්‍රශ්න විසඳාගත් අවස්ථා ගැන අපේ කර්මාන්තකරුවන්ට අත්දැකීම් තිබේ. එහෙත් රාජ්‍ය සේවයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන බහුතරයක එවැනි සංස්කෘතියක් නැති බව පොදු පිළිගැනීමයි. එවැනි තත්ත්වයන් ඇතිවීමට පසුගිය රජය යටතේ හොර පාරෙන් තනතුරුවලට පැමිණීම ද හේතු වී තිබෙන බවට ආරංචි තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය සම්බන්ධයෙන් ද එවැනි චෝදනා පවතී. ප්‍රමිති කාර්යාංශයේ අකටයුතු වර්තමාන රජය යටතේ ද සිදුවීම බරපතළ කාරණයකි. ප්‍රශ්නයක් මතු වූ විට විද්වත් කමිටු දම දමා ප්‍රශ්න යට ගැසීම දැන් ඒ කාර්යාංශයේ පිළිවෙත වී තිබේ. වැරැදි ප්‍රමිතිය නිවැරැදි කරන්නැයි අප ප්‍රමිති කාර්යාංශයෙන් ඉල්ලා සිටියේ 2018 මැයි මාසයේදීය. එහෙත් අදටත් ඒ ඉල්ලීම ඉටු නොකරන්නේ සබන් නමින් බේදීන් බාර් නිපදවන අයට වාසි සැලසීමට බවට මම චෝදනා කරමි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය වහාම කිරිපිටි සමාගමක සේවයට ගියේය. වර්තමාන රජය යටතේත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සංස්ථාවක සිටින සභාපතිවරයකු සබන් නොවන බේදින් බාර් ප්‍රවර්ධන දැන්වීමක පෙනී සිටියි. ඒවා සියල්ල සදාචාරයට හා සදාචාර සම්මතයට පටහැනිය. එවැනි කටයුතු වර්තමාන රජය යටතේත් සිදුවීම දේශීය කර්මාන්තකරුවකු ලෙස මගේ කනස්සල්ලට හේතුවකි. ඒ සම්බන්ධයෙන් මව්බිම ලංකා පදනම සිය විරෝධතා ලිඛිතව දැක්වූවත් ඒ අශිෂ්ට ක්‍රියාව යළි යළිත් සිදුවෙයි. ඒ සම්බන්ධයෙන් මම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මගේ විරෝධය ද පළ කළෙමි. එහෙත් ඒ ක්‍රියාව අදටත් නතර වී නැත. ජනතා බදු මුදල් වලින් වැටුප්, දීමනා සහ වෙනත් වරප්‍රසාද භුක්ති විඳින මේ ඉහළ රාජ්‍ය නිලධරයන් දේශීය කර්මාන්තකරුවන්ට කොකා පෙන්වමින්, දේශීය කර්මාන්ත කනත්තට දැක්කීමට ගෙන යන ක්‍රියා පිළිවෙත් ජනපතිගේ හා නව රජයේ දර්ශනයට පටහැනිය. රජයේ අරමුණු හා දර්ශනයට පටහැනි දේවල් ඉහළ රාජ්‍ය නිලධරයන් වෙතින්ම සිදුවන්නේ කෙසේදැයි අපට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.

SendShareShare
Previous Post

කොළඹ කොටුව මැද්දට සුපිරි හෝටලයක් එයි

Next Post

ඩලස්ට ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රහාරයක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.