විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි විරෝධයක් මතුව ඇති බව වාර්තා වේ.
සැබෑ විදුලි මාෆියාව ඇත්තේ විදුලිබල අමාත්‍යංශයේ නොව පාර්ලිමේන්තුව ඇතුළේ බවට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා කළ ප්‍රකාශයක් මේ සදහා හේතු වී ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් ඊයේ (08) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රශ්න කර ඇති නමුත් හිටපු විදුලිබල අමාත්‍යවරයකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා අලහප්පෙරුම අමාත්‍යවරයා අදහස් කළේ එවැන්නක් නොවන බව කියමින් අලහප්පෙරුම මහතා වෙනුවෙන් පෙනී සිට ඇති ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙම මන්ත්‍රී කන්ඩායම් රැස්වීමට ඩලස් අලහප්පෙරුම මහතා සහභාගිව සිට නැති බවද දැනගන්නට තිබේ.