• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ කොටුව මැද්දට සුපිරි හෝටලයක් එයි

September 9, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
කොළඹ කොටුව මැද්දට සුපිරි හෝටලයක් එයි
Share on WhatsAppShare on Facebook

කොළඹ කොටුවේ පිහිටි ඉපැරණි ගොඩනැගිල්ලක් වන ගෆූර් ගොඩනැගිල්ල, සුපිරි හෝටලයක් බවට පරිවර්තනය කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා  කටයුතු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ඊයේ (09) ආරම්භ කෙරී ඇති බව වාර්තා වේ.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සංචාරක නෞකාවලින් කොළඹ වරාය වෙත පැමිණෙන මගීන් හට නවාතැන් ගැනීම සඳහා මෙම ස්ථානය සුපිරි හෝටලයක් බවට පත්කරන බවයි.

මෙහිදී අදහස් දැක්වූ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා  කටයුතු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ කීය.

“මේ ගෆූර් ගොඩනැගිල්ල ඉතාමත් පැරණි ඉතිහාසයක් තියෙන ගොඩනැගිල්ලක්. මේක හදලා නිම කළේ 1915 දී. මේ ගොඩනැගිල්ල හැදුවේ අබ්දුල් ගෆූර් කියලා මහත්මයෙක්.  ඔහු මුතු මැණික් ව්‍යාපාරිකයෙක්. ඒ කාලේ මේ කොළඹ වරායට ගොඩාක් නැව් එනවා. ඒ නැව්වල එන මගීන්ට මුතු මැණික් විකුණන්න, එතුමා කරපු ව්‍යාපාරයේ කොටසක් විදියට තමයි මේ ගොඩනැගිල්ල ඒ කාලේ ඉදිවුණේ. ඒ කාලේ ලංකාවේ ප්‍රසිද්ධ ආයතන රාශියක් මේ ගොඩනැගිල්ලේ ස්ථානගත වෙලා තිබුණා. ඒ නිසා මෙය හොඳ ඉතිහාසයක් තිබෙන ගොඩනැගිල්ලක්.

එහෙම ඉතිහාසයක් තියෙන ගොඩනැගිල්ලක් තමයි අද නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් භාර ගෙන මේ විදියට ප්‍රතිසංස්කරණය කරලා, සංරක්ෂණය කරලා ජනතා අයිතියට නැවත පත්කරන්නේ. අපි මේ පෞරාණික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන විට  මතක තබා ගත යුතු වැදගත් කරුණ තමයි ඒවා අනාගත පරපුර වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කර තබා ගන්නවා වගේම ඒවායින් ජනතාවට යම්කිසි ආර්ථික ප්‍රතිලාභයකුත් ලැබෙන විදියට ඒවා පවත්වා ගෙන යාම. නැතිනම් ඒවා පවත්වා ගෙන යාමේ වියදමවත් අපට දරා ගන්නට බැහැ. ඒ නිසා තමයි මේ දෙකම සංකලනය කර ගෙන මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නේ.

අද අමාත්‍යාශය විසින් සැලසුම් කර තිබෙන ආකාරයට මේ ගොඩනැගිල්ල ඉතාමත් වටිනා මෙහෙවරක් ඉදිරියේ දී මේ රටේ සංචාරක ව්‍යාපාරයට විශේෂයෙන්ම ඉටුකරන්නට නියමිතයි. මේ ගොඩනැගිල්ලට එහා පැත්තේ තියෙන්නේ වරාය. මේ වරායට එන සංචාරක නෞකාවලට, ඒ නෞකාවලින් එන පුද්ගලයන්ට මෙතන නතර වෙන්න පුළුවන් සුපිරි හෝටලයක් හැදෙනවා. ඒ වගේම මෙතන රෙස්ටුරන්ට්ස්, ෂොප්ස් මේ සියල්ල සහිත ඉතාමත් ප්‍රයෝජනවත් තැනක් බවට පත්කරන්න තමයි නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරලා තියෙන්නේ. මේ සැලැස්ම අපේ විශාල සැලැස්මක කොටසක්. අපේ බලාපොරොත්තුව තියෙන්නේ කොටුවේ මේ පැරණි නගරය ප්‍රතිසංස්කරණය කරලා, සංරක්ෂණය කරලා මේ සංචාරක පුරවරයක් වශයෙන් පවත්වා ගෙන යන්නටත්, ඒ වගේම මෙතනින් එහාට අපි බහු ප්‍රවාහන මධ්‍යස්ථානයක් අපි පටන් ගන්නවා. මෙතන ඉඳන් මරදානට යනකම්ම ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා.“

SendShareShare
Previous Post

අදත් වැස්ස මිලිමීටර් 150 පන්නාවි

Next Post

දේශීය නිෂ්පාදකයන්ට වඩා විදෙස් සමාගම්වලට අත වනන ලංකාවේ ප්‍රමිති කාර්යංශය

MORE NEWS

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

Load More
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජයේ...

Read more
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.