• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

July 11, 2026
in Heart
Reading Time: 5 mins read
A A
සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනිත් වික්‍රමගේ කියන්නේ ප්‍රවීණ කලාකරුවන් දෙපළක වූ මානෙල් වානගුරුගේ සහ ආනන්ද වික්‍රමගේගේ වැඩිමහල් පුතා කියන එක නොදන්න කෙනෙක් ලංකාවේ නැහැ. ඒ වගේම ආනන්දයි මානෙලුයි කලා ලෝකේ මොන තරම් ප්‍රවීණයෝය කිව්වත් ජනිත් වික්‍රමගේ කියන නළුවා රංගනයට ආවේ ඔවුන්ගේ අත්වැල හරහා නෙවෙයි කියලයි ජනිත් නිතරම කියන්නේ. ඒක මුසාවක් නෙවෙයි. ජනිත් නළුවෙක් වුණේ තමන්ම තනියෙන් පටන් ගත්ත ගමනක් හරහායි. කොහොමත් ඒ ගමන තුළ සිනමාවේ වාගෙම ටෙලි සිනමාව තුළත් නමක් තියන්න ඔහුට පුළුවන් වුණා. ඒ නම හරහා යම් ආකාරයක ප්‍රතිරූපයක් නිර්මාණය කරපු නිසා තමයි ‘රැජිනියේ’ ෆිල්ම් එකේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ චරිත නිරූපණය සඳහා ජනිත්ව තෝරාගත්තේ. ඉමහත් ආන්දෝලනයකට තුඩුදී තිබෙන ‘රැජිනියේ’ චිත්‍රපට නිර්මාණය ගැනත්, ගාමිණී ෆොන්සේකාගේ චරිතයට ජනිත්ව තෝරාගැනීම ගැනත් තියෙන කසුකුසු බොහොමයි. සෝෂල් මීඩියාවල පවා ‘රැජිනියේ’ ගැන ලොකුවට වයිරල් වෙනවා. Sri Lanka Latest News

ජනිත් වික්‍රමගේ ඒ ගැන මොනවද කියන්නේ? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න සහ ජනිත් එක්ක ටිකක් කතාකරන්නයි මේ සූදානම් වෙන්නේ.
කොහොමද ජනිත් ඉතින් මේ දවස්වල ජීවිතේ?

වරදක් නැහැ. ජීවිතේ ඔහේ සරලව ගලාගෙන යනවා.
මේ දවස්වල කලා කටයුතු එහෙම කොහොමද?
‘රැජිනියේ’ චිත්‍රපටයේ රූගතකිරීම් සමග තමයි මේ දවස්වල කාර්යබහුලව ඉන්නේ.
ඔබ දිගින් දිගටම චිත්‍රපට කලාවේ නියැළෙන්න වගේ අදහස?
තිරපිටපත හොඳ නම් චිත්‍රපටය වෙනුවෙන් ගිවිසුම් අස්සන් කරනවා. මම ආසයි සිනමාව තුළ මගේය කියන යම් ප්‍රතිරූපයක් ගොඩනගන්න. ඒ කියන්නේ චරිත හොයාගෙන යන්න හෝ ඒ පසුපස හඹායන්න පිපාසයක් තියෙනවා කියන එක නෙවෙයි. හොඳ චරිතයකට ආරාධනා ලැබුණොත් භාරගන්නවා.
පසුගිය දවස්වල ඔබ චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වුණා?
එහෙම ලොකුවට දායක වීමක් සිදුවුණේ නැහැ. ‘ඒක තමයි මේක’ සහ ‘එදා රෑ’ චිත්‍රපටවල ආරාධිත රංගනයන් සඳහා දායක වුණා.
ඔබ ටෙලි රංගනයෙන් මඳකට ඈත් වුණා කියලා ආරංචියක් තියෙනවා?
ඈත්වීමක් නම් සිදුවී නැහැ. නමුත් හැම ටෙලියකම රඟපාන්නේ නැතිව, හැමදාම ටීවී එකේ මූණ දාගන්න හෝ පේන්න ඕනෙ කියන මතය තුළ එල්බගන්නේ නැතිව හිතට දැනෙන කාටත් මතක හිටින චරිතයක් කරන්න ඕනේ කියන හැඟීම තුළ ඉන්නවා.
මේ දවස්වල ඔබව පුංචි තිරයේ දකින්න නැත්තේ ඒ නිසාද?
මගේ ජීවිතය තුළ මම අනුගමනය කරන යම් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඒකාකාරී බවෙන් මිදීමේ කැමැත්ත සහ යම් දෙයක් තුළ වෙහෙසට පත්වුණු මොහොතක ටිකක් විතර රිලැක්ස් වෙන්න ඕනෙ කියන සිතුවිල්ල තුළ ඉන්න එක.
හැමදාම ෂූටින් තියෙනකොට එක දිගට දවස් ගානක් ඒ වෙනුවෙන් කැපවෙනකොට මට හිතට වෙහෙසක් හෝ ඒකාකාරී බවක් දැනුණාම මම ටිකක් පැත්තකට වෙනවා. අන්න එතකොට ආයෙම එක පිට එක වගේ ටෙලියකට ආරාධනා ආවොත් රිජෙක්ට් කරනවා. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕනෙ වුණාම ඒකට කාලය දෙනවා. බොහෝ විට මම රඟපාන ටෙලි ඩ්‍රාමා අවුරුද්දට එකක් හෝ දෙකක් වෙන්නේ ඒකයි.
ඒ කියන්නේ ඔබ හැමදාමත් වැඩ තියෙන කාර්යබහුල නළුවෙක්?
ඔව්. මම වාසනාවන්තයි. රංගනයට ආවේ 2006දී ‘හිරිපොද වැස්ස’ ෆිල්ම් එකෙන්. එතකොට මට අවුරුදු 17ක් වගේ ඇති. ෆස්ට් ෆිල්ම් එකම බොක්ස් ඔෆිස් එකක් වුණා. එදා ඉඳන් මම තවමත් රඟපානවා. රංගනයට ඇවිදින් මේ ගෙවෙන්නේ 20 වැනි අවුරුද්ද. දශක දෙකක්. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට මාව මතකයි. මගතොටකදි දැක්කම වුණත් ප්‍රතිචාර ආදරණීයයි. නළුවෙක් හැටියට තව මොනවද ඉතින්?
අපි කතා කරමු ඊළඟට ‘රැජිනියේ’ ෆිල්ම් එක ගැන?
මේ දවස්වල බොහෝ දෙනකුගේ කතාව ඒකනේ ඉතින්.
ඔබ ඒ කළේ පුංචි පහේ සරදමක්ද ජනිත්?
අයියෝ නැහැ. මොන සරදමක්ද? මම එහෙම කිව්වේ සෝෂල් මීඩියාවල පුවත්පත්වල හෙළ රැජිනිය මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ චරිතය චිත්‍රපටයකට නගන එක ගැන සැරටම ප්‍රවෘත්ති පළවන නිසයි.
ඔබට ‘රැජිනියේ’ ෆිල්ම් එකේ සුවිශේෂම චරිතය ලැබුණා?
ඔව්. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ චරිතය මට ලැබුණා.
හිතුවද කවදාවත් ඔහොම සුවිශේෂ චරිතයකට සම්මාදම් වෙන්න ලැබෙයි කියලා?
ඔව් ඉතින්. නිළි රැජින මාලනී ෆොන්සේකා වෙනුවෙන් ෆිල්ම් එකක් හැදෙයි කියලාවත්, මහා නළු ගාමිණි ෆොන්සේකාගේ චරිතයට මට ආරාධනා කරයි කියලාවත් කිසිම ඉඟියක් කලින් දැනුණේ නැහැ.
මොනවද ඔබට දැනුණු හැඟීම ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකාගේ චරිතයට ආරාධනා කරනකොට?
උපරිමයෙන්ම ඒ චරිත නිරූපණයට සාධාරණයක් කරනවාය කියන හැඟීම දැනුණා.

ඔබට අභිමානයක් වැනි හැඟීමක් හිතට ආවේ නැද්ද?
ගාමිණී ෆොන්සේකාගේ චරිතය ලැබෙනවද, මාලන් බ්‍රැන්ඩෝගේ චරිතය ලැබෙනවද කියන එක නෙවෙයි අභිමානය කියන්නේ. ලැබුණු ඒ කොයියම් හෝ චරිතයට නියම සාධාරණයක් කරන එකයි අභිමානය කියන්නේ.
එය නිරූපණය කරන්න ලැබීම ඔබේ වාසනාව හෝ අභිමානය කියලයි කවුරුත් කියන්නේ?
ඔව්. ඒ ඔවුන්ගේ මතය. මගේ මතය ඊට වෙනස්. ලැබුණු චරිතයට සාධාරණයක් කිරීම තුළ තමයි එහි අභිමානය මට ලැබෙන්නේ. එය ගැම්මට නොකළොත් මොන තරම් ප්‍රවීණයකු හෝ ගෞරවනීය පුද්ගලයකුගේ චරිතය මට ලැබුණත් එහි ඵලක් නැහැ.
ඔබ එම චරිත නිරූපණයට සාධාරණයක් කරමින් සිටිනවද?
මට ලැබෙන ඕනෑම වැඩක් මම මට හැකි උපරිමයෙන් කරනවා. හැබැයි මම සාර්ථකද කියලා තීරණය කරන්නේ ප්‍රේක්ෂකයායි. ගැලරියට අපි හොඳ දේ දුන්නොත් ඔවුන් සතුටු වෙනවා. හුරේ දානවා. අන්න එයයි නළුවෙකුගේ අභිමානය. ‘රැජිනියේ’ ආවාම අපි බලමු. ඔවුන්ගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා.
ඇතැමුන් චෝදනා කළා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාට ඔබ මැච් වෙන්නේ නැහැ කියලා?
ඒක ඒ ඒ අයගේ මතය. ඕනෑම අයෙකුට පුළුවන් තම තමන්ගේ මත ඉදිරිපත් කරන්න. ඒක මට අදාළ නැහැ.
සමාජ මාධ්‍ය පුරා ප්‍රසිද්ධියේ චෝදනා මුදාහැරෙන විට ඔබට යම් චකිතයක් දැනුණේ නැතිද?
මම එහෙම චකිතයට පත්විය යුතුය කියලා මම හිතන්නේ නැහැ. ‘රැජිනියේ’ නිර්මාණය ආරම්භ වූ දා සිටම විශාල ආන්දෝලනයක් ඇතිවුණා. හැබැයි ඔය හැමෝම කෑකෝ ගහන්නේ මේ නිර්මාණය කොහොම එකක්ද, මොන වගේ දෙයක්ද කියලා නොදැනයි. චෝදනා කරන්න හෝ ප්‍රශංසා කරන්න නිර්මාණය දකින්න ඕනෑ. රසවිඳින්න ඕනෑ. ඉන් පසුවයි විවේචනය කළ යුත්තේ. දැනට මේ සියලු දෙනාම කලබල වෙලා ඉන්නේ ‘රැජිනියේ’ මොන මට්ටමේද, මොන වගේ නිර්මාණයක්ද කියන එක නොදැනයි. ඉතින් ඒ නිසා ඔවුන් තමන්ට මනාප ඕනෑම මතයක් ඉදිරිපත් කළාට කමක් නැහැ.
ඔබේ අම්මා ඒ චෝදනා හමුවේ දැඩි සිත් වේදනාවට පත්වූ බවයි දැනගන්න ලැබුණේ?
සත්තකින්ම ඔව්. මට එල්ල කළ චෝදනා ගැන අම්මා දැඩිව කම්පා වුණා. චිත්‍රපටය තිරග වන්නට පළමුව කිසිවක් දකින්න පළමුව මේ විදියේ අනිසි චෝදනා කරන එක ඇගේ හිතට කලකිරීමක් කනගාටුවක් එක්කර තිබුණා. ඈ මගෙන් අවස්ථාව ඉල්ලුවා මේ ගැන සමාජ මාධ්‍යය ඔස්සේ පැහැදිලි කිරීමක් කරන්න. පසුව මමයි ඇයට කිව්වේ කලබල වෙන්න එපා, චිත්‍රපටය තිරගත වූ දාට කතා කරන්න ඕනේ දේ කතා කරමු කියලා.
‘රැජිනියේ’ තිරගත වූ පසු ප්‍රේක්ෂකයා ඔබේ චරිත නිරූපණය ගැන හුරේ පාරක් දාවි කියලා ඔබට විශ්වාසද?
තවම කොහොමද ඒ ගැන කියන්නේ? ‘රැජිනියේ’ තිරගත වූ දවසට ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා බලමු.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

Next Post

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

MORE NEWS

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News
Heart

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…!  ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News
Heart

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…! ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News

විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතියට Gratiaen ත්‍යාගය! Sri Lanka Latest News
Heart

විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතියට Gratiaen ත්‍යාගය! Sri Lanka Latest News

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News
Heart

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News
Heart

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News
Heart

මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News

Load More
ලංකාව ගැන මතය චීනය හදිසියේම වෙනස් කළේ ඇයි? Sri Lanka Latest News
Exclusive

ලංකාව ගැන මතය චීනය හදිසියේම වෙනස් කළේ ඇයි? Sri Lanka Latest News

චීනයේ ආධාර මත කඩවත-මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් 2022 නතර වූයේ ආර්ථික අර්බුදයත් සමගය. ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක චීන ණය සහ...

Read more
‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…!  Sri Lanka Latest News

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…! Sri Lanka Latest News

කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!

හිරගෙවල් ඇතුළේ මරාගත් ඉතිහාසයයි වර්තමානයයි මෙන්න…! විමර්ශනවලට බාධාවක් නොවන විදියට අපි වාර්තා කරනවා…! Sri Lanka Latest News

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.