• About us
  • Contact us
Saturday, July 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නිතර අසනීප වෙනවාද? ධනය ගිලිහෙනවාද? ඉඩමට අරක්ගත් වාස්තු පුරුෂයාගේ නෙපෙනෙන බල මහිමය…! කෝප වුණොත් ලෙඩ රෝග ගෙට! Sri Lanka Latest News

July 4, 2026
in Astrology
Reading Time: 3 mins read
A A
නිතර අසනීප වෙනවාද? ධනය ගිලිහෙනවාද? ඉඩමට අරක්ගත් වාස්තු පුරුෂයාගේ නෙපෙනෙන බල මහිමය…! කෝප වුණොත් ලෙඩ රෝග ගෙට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘වාස්තු පුරුෂයා’ නම කියූ සැණින් බොහෝ දෙනෙක් දැන සිටියද ඒ කිසිවකු වාස්තු පුරුෂයාගේ සැබෑ බලය නොදන්නා බව නම් රහසක් නොවේ. යම් භූමියක ශක්තිය දැක්වීමට සහ හඳුනාගැනීමට මෙම වාස්තු පුරුෂ සංකල්පය ඉතා වැදගත්ය. හතරැස් කොටුවක ආකාරයට ස්ථානගත වී සිටින වාස්තු පුරුෂයා සෑම නිවසකම සහ සෑම ඉඩමකම ස්ථානගතව සිටින බව වාස්තු විද්‍යාවේ පැහැදිලිව සඳහන් වේ. Sri Lanka Latest News

ඊසාන දිශාවටත්, නිරිත දිශාවටත් හැරී පිහිටන වාස්තු පුරුෂයාගේ හිස ඊසාන දිශාවට පිහිටයි. එය ඕනෑම ඉඩමකට, නිවසකට පොදු කාරණාවකි. මෙම වාස්තු පුරුෂයා සංකල්පයට අනුව නිවසක හෝ ඉඩමක බලයන් සහ ශක්තීන් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය.

වාස්තු විද්‍යා සංකල්පයට අනුව බලද්දී මෙම වාස්තු පුරුෂයාගේ විවිධ කොටස් පිහිටන දිශාවන් ඇත. ඒ අනුව ඉඩමේ, නිවසේ ඒ ඒ දිශාවන්ගේ වාස්තු පුරුෂයාගේ ශරීරයේ විවිධ කොටස් ස්ථානගත වන අතර, එම කොටස් වාස්තු සිද්ධාන්තවලට නොගැළපෙන කාරණාවලින් පීඩාවට පත්වුවහොත් එම නිවසේ හෝ ඉඩමේ පදිංචිකරුවන්ට ඒ ඒ ශරීරාංගවල පීඩාවන් විඳීමට සිදුවනු ඇත.

මෙම වාස්තු පුරුෂයාගේ නොපෙනෙන බලය තුළ විශ්ව ශක්තියේ විවිධ ප්‍රභවයන් ගැබ්ව ඇති අතර, ඒ ඒ දිශාවන්ගේ එම ශක්ති ප්‍රභවයන් ගැබ්වන අයුරුදු වාස්තු පුරුෂය සංකල්පය අනුව පෙන්වාදී ඇත. මෙම ශක්ති ප්‍රභවයන් අතර මිනිසාට යහපත් සහ අයහපත් ප්‍රභවයන් ඇති අතර, ඒවා ඉඩම හෝ භූමිය තුළට ගැබ්වීම සිදුවේ. එහිදී අසුබ බලයන්ගේ ශක්තිය ප්‍රබල වුවහොත් නිවැසියාට අයහපතක්ද, යහපත් ශක්ති ප්‍රභවයන් වර්ධනය වුවහොත් නිවැසියන්ට සුබ ප්‍රතිඵලද ලැබෙන බව හඳුනාගෙන ඇත.

අතීත වාස්තු සිද්ධාන්ත අනුව වාස්තු පුරුෂයා මුණින් අතට පොළොවේ දිගාවී සිටින බවටද මතයක් වෙයි. එහිදී ඒ ඒ දිශාවන්ගේ කළ යුතු නොකළ යුතු කාර්යයන් පිළිබඳ හෙළ වාස්තු රහස් ඇසුරේ පෙන්වාදී තිබේ. ඒ අනුව එකී දිශාවල නොගැළපෙන ඉදිකිරීම් හෝ නොකළ යුතු ක්‍රියාවන් කළහොත් වාස්තු පුරුෂයාගේ එකී අංශය පීඩාවට පත්වන්නේ යම්සේද එලෙසින්ම නිවැසියන්ගේ එම ශරීරාංග හෝ ඒ හා සම්බන්ධ ඉන්ද්‍රිය පීඩාවට පත්වන බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව වාස්තු පුරුෂයාගේ හිස ඊසාන දෙසටත්, පාද නිරිත දෙසටත්, වැලමිට ගිනිකොනට හා වයඹටත් පිහිටා ඇත.
එසේම වාස්තු පුරුෂයාගේ හදවත, පපු ප්‍රදේශය, ලිංග ප්‍රදේශය කිසිදු ආකාරයකින් පීඩා නොවිය යුතු බවටත් වාස්තු විද්‍යා සිද්ධාන්තවල පැවසෙයි. වාස්තු පුරුෂයාගේ මෙම ස්ථාන ආශ්‍රිතව බර අධික දේ ස්ථානගත කිරීම, විශාල කුලුනු වැනි දේ ගොඩනැගීම, පොකුණු ආදිය ඉදිකිරීම නුසුදුසු වෙයි. එසේම නිවසක ගින්දර සම්බන්ධ කටයුතු කෙරෙන මුළුතැන්ගෙය අනිවාර්යයෙන්ම ගිනිකොන දිශාවටම ගත යුතුය. මොනම හේතුවකටවත් මෙය ඊසාන පැත්තට නොගත යුතුය. ඊසාන දිශාවට මුළුතැන්ගෙය ගැනීමෙන් නිවැසියන් නිතර අසනීපවලට ගොදුරු වන බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙයි.

යම් ලෙසකට නිවසක් ඉදිකිරීමේදී වාස්තු පුරුෂයාගේ වැලමිටි පීඩාවී නම් නිවැසියන්ට වැලමිටි අපහසුතාද, වාස්තු පුරුෂයාගේ පාද දණහිස් ආදිය පීඩා වී නම් නිවැසියන්ටද එවැනිම පීඩාද ඇතිවන බව දත යුතුය.

වාස්තු පුරුෂයා මුනින් අතට සිටින ඉරියව්ව කිසිවිටෙක වෙනස් නොවේ. එය ස්ථිර පිහිටීමකි. ඊට අමතරව වාස්තු පුරුෂයාට තවත් මුහුණුවර දෙකක් වෙයි. එකක් නිත්‍ය වාස්තු පුරුෂයා වන අතර, එම වාස්තු පුරුෂයා සෑම හෝරා දෙකකටම වරක් සිය ඉරියව්ව වෙනස් කරයි. අනෙක් වාස්තු පුරුෂයා සෑම දිනකම ගමන් කරයි. මෙම ගමන පෘථිවියේ ඍතු වෙනස් වීමට සාපේක්ෂව සිදුවේ.

සූර්යයා උතුරු අර්ධ ගෝලයේ සිට දකුණු අර්ධ ගෝලයට සංක්‍රමණය වීම අනුව ගොඩනැගිල්ලකට ලැබෙන ආලෝකය හා උණුසුම වෙනස් වේ. මේ නිසාම එක් එක් ඍතුවට අනුව විශ්ව ශක්තීන් එම ගොඩනැගිල්ලට ඇතුළු වන බව වාස්තු විද්‍යා රහස් ඇසුරින් හෙළිවෙයි.

මාර්තු මාසයේ සිට මැයි දක්වා සූර්ය බලය උතුරු දෙසින්ද, ජුනි සිට අගෝස්තු දක්වා නැගෙනහිරින්ද, සැප්තැම්බර් සිට නොවැම්බර් තෙක් දකුණු දෙසින්ද, දෙසැම්බර් සිට පෙබරවාරි තෙක් බටහිර දෙසින්ද සූර්ය බලය පොළොවට ලැබේ. මෙහි ප්‍රාදේශීය වශයෙන් සුළු වෙනස්කම් සිදුවුවද පොදුවේ ගතහැකි සංසිද්ධියක් සේ වාස්තු විද්‍යාවේ සඳහන් වෙයි. මෙම කාලවලට ඒ ඒ දිශාවට දොර ජනෙල් විවර කර තැබීම යහපත් බවද පැහැදිලි කර ඇත. මෙමගින් ඒ ඒ කාලවල එම ගොඩනැගිලිවල යහපත් ශක්තීන් ක්‍රියාකාරී වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වනු ඇත.
කෙසේ නමුත් ගෘහයක වාසය කරන යම් පිරිසකට, කෙනෙකුට නිතර අස්ථි, උදර හෝ වෙන යම් අපහසුතා, ආබාධ සෑදේ නම් හෝ ධනය, බලය, ශක්තිය මෙන්ම පුද්ගල ආකර්ෂණය ගිලිහේ නම් එකී අය සිටින නිවස හෝ ඉඩම තුළ වාස්තු පුරුෂයා පීඩාවට පත්ව ඇති බවට ඉඟි පළකෙරේ.
එහෙයින් එවන් අවස්ථාවක කළ යුතු හොඳම දෙය තමන් දන්නා කියන හෝ විශ්වාසවන්ත වාස්තු ගැන දත් ජ්‍යොතිෂවේදියකු ගෙන්වා නිවස ඉඩම පරීක්ෂා කරවා ගැනීමයි. එසේ කියූ සැණින් කලබල වී වර්තමානයේ නිවැසියන්ගේ පසුම්බි සූරාගෙන ලක්ෂ ගණන් අයකරන වාස්තු ව්‍යාපාරිකයන්ට හසු නොවී ශාස්ත්‍රය මැනැවින් දන්නා විශ්වාසවන්ත අයකු ලවා නිවස පරීක්ෂා කරවාගෙන අවශ්‍ය කටයුතු කරගැනීම වඩාත් සුදුසුය. ඉදිකිරීමක් නොකඩා විස්තු දොස් දුරුකළ හැකි බොහෝ ක්‍රමවේද පාරම්පරික වාස්තු රහස් තුළ ගැබ්ව ඇති හෙයින් එවැන්නකට යොමුවීම ඔබගේ පසුම්බියට වඩාත් යහපත් වනු ඇත.
ජ්‍යොතිෂ සහ වාස්තුවේදී
ජ්‍යොතිෂ පර්යේෂක
ජ්‍යොතිෂ පුවත්පත් රැසක හිටපු ප්‍රධාන කර්තෘ
ජේ.එන්.කේ. රත්නායක
0777579404

SendShareShare
Previous Post

ඩෙංගු රටටම විදිද්දී විපක්ෂනායක සජිත් කීට විද්‍යා සංගමයේ සාමාජිකයන් හමුවෙයි! ඩෙංගු මදුරුවාගෙන් මිනිස්සු බේරගන්න යෝජනාවලියක් ඉදිරිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News

MORE NEWS

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News
Astrology

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News

Sri Lanka Latest News
Astrology

ලග්න රැසකට සුපිරි දින හතක්…! ලග්න කිහිපයකට වාසනාව අත ළඟටම…! සති අගදී බොහෝ දෙනකුට වාසනාව…! ලග්න කිහිපයකට තීරණාත්මකයි…! 2026 ජූලි 05 සිට 11 වැනිදා දක්වා සඳු රාශි තුනකට – බුධ රාශි දෙකකට ගෝචර වෙද්දී ග්‍රහ මණ්ඩලය තුළ ප්‍රබල යෝග පොකුරක්…! Sri Lanka Latest News

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News
Astrology

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News

ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…
Astrology

ලග්න පහකට විශේෂ ලැබීම්! ලෝක ජනතාවට සතුටට හේතු! අධ්‍යාපන අංශය ගැන කසුකුසුවකුත්! කාන්තාවන් ගැනත් කතාබස්! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News
Astrology

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News

Load More
අපි ආණ්ඩුව දණගැස්සුවා! අත්අඩංගුවට ගැනීම් රනිල්ගෙන් නතර වුණා! දයාසිරි එජාප වේදිකාවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජාතිවාදීන් – හොරු – මංකොල්ලකාරයෝ! දයාසිරි ආණ්ඩු හදන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න…! Sri Lanka Latest News

දයාසිරි ජයසේකර කියනවා මාලිමා ආණ්ඩුව පරද්දන්න නම් ජාතිවාදීන්, හොරු, මංකොල්ලකාරයෝ සහ දූෂණ චෝදනා තියෙන හැමෝම එකතු වෙන්න ඕන කියලා. ඔය...

Read more
සෙනසුරු අපල මතක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ නීතිඥවරුන්ට දුන් උපදෙස! Sri Lanka Latest News

සෙනසුරු අපල මතක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ නීතිඥවරුන්ට දුන් උපදෙස! Sri Lanka Latest News

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදන ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැඳවූ සාකච්ඡාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! මේක නීතියේ ආධිපත්‍යයට එල්ල කරන මරු පහරක්! මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදන ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැඳවූ සාකච්ඡාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! මේක නීතියේ ආධිපත්‍යයට එල්ල කරන මරු පහරක්! මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දියාව – ඇමෙරිකාව – චීනය ඉද්දී කොළඹ වරායට ප්‍රංශය එන්නේ ඇයි? Sri Lanka Latest News

ඉන්දියාව – ඇමෙරිකාව – චීනය ඉද්දී කොළඹ වරායට ප්‍රංශය එන්නේ ඇයි? Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඇමැතිවරු සමච්චල් කරන ගොවියන් වෙනුවෙන් විපක්ෂනායක පෙනී සිටී! ගොවි පුතාගේ ආණ්ඩුව දැන් ගොවියන්ගේ උත්පත්තිය ගැන කියලම අපහාස කරනවා! ගොවීන්ගේ මූලික අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.