• About us
  • Contact us
Saturday, July 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලග්න රැසකට සුපිරි දින හතක්…! ලග්න කිහිපයකට වාසනාව අත ළඟටම…! සති අගදී බොහෝ දෙනකුට වාසනාව…! ලග්න කිහිපයකට තීරණාත්මකයි…! 2026 ජූලි 05 සිට 11 වැනිදා දක්වා සඳු රාශි තුනකට – බුධ රාශි දෙකකට ගෝචර වෙද්දී ග්‍රහ මණ්ඩලය තුළ ප්‍රබල යෝග පොකුරක්…! Sri Lanka Latest News

July 4, 2026
in Astrology
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්ෂ 2026ක් වූ ජූලි මස 05 වැනිදායින් ඇරැඹී 11 වැනිදායින් අවසන් වීමට නියමිත ඉදිරි සතිය ග්‍රහ ගෝචරයන් විමසීමේදී සතිය ආරම්භ වන්නේ රවි මිථුන රාශියේත්, සඳු, රාහු කුම්භ රාශියේත්, කුජ, යුරේනස් වෘෂභ රාශියේත්, බුධ, ගුරු කටක රාශියේත්, සිකුරු සිංහයේත්, නැප්චූන්, ශනි මීනයේත් ගෝචර වෙමිනි. එමෙන්ම සතිය තුළ සඳු රාශි තුනකත්, බුධ රාශි දෙකකත් ගෝචර වීමට නියමිතය. මේ අනුව ලෝකයේත්, රට තුළත් සමස්ත රට වැසියන්ගේත් ජීවිත තුළ සුවිශේෂ වෙනස්කම් රාශියක් සිදුවීමට නියමිතව ඇත. එකී ග්‍රහ ගෝචරයන්ට අනුව ඉදිරි සතිය තුළ ලෝකයේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයෙක් සම්බන්ධ අලුත් මාතෘකාවක් කතාබහට ගැනෙනු ඇත. ඒ අනුව ලෝකයේ ප්‍රබල රටවල් කිහිපයක් සම්බන්ධ මතභේදාත්මක ඉඟි පහළ වනු ඇත. Sri Lanka Latest News

ගමන් බිමන් සම්බන්ධව සහ ආහාර සම්බන්ධව කතාබහ කෙරෙන අතර, ලොව තුළත් රට තුළත් ආගමික අංශය සම්බන්ධ අය ගැන විවිධ සිදුවීම්වලට ඉඩ ඇත. මෙතෙක් එකඟතාවක් නොතිබූ කරුණු පිළිබඳ එකඟතා ඇතිවේ. එමෙන්ම අධ්‍යාපනය සම්බන්ධ කාරණා ගැන කතාබස් හා තීන්දු තීරණද ඇතිවීමට ඉඩ ඇත. ප්‍රසිද්ධ පුද්ගලයන් අපහසුතාවට පත්වීමේ ඉඩකඩ ඇති කාලයකි.

කෙසේ නමුත් ඉදිරි සතියේ ග්‍රහ තත්ත්වය අනුව සමස්ත රටවැසියන්ට කෙසේදැයි විමසා බැලීමේදී ඒ ඒ ලග්නවලට පහත පරිදි සුබ – අසුබ බෙදීයනු ඇත.

මේෂ ලග්නය – වාසනාව අත ළඟටම
ඉතා වාසනාවන්ත සතියකි. මෙතෙක් කලක් දියුණුවට තිබූ බාධා මගහැරී ගොස් නව ආදායම් මාර්ග පාදාගන්නට වාසනාව පෑදේ. එමෙන්ම දුරබැහැර සිටින අයකුගෙන් මූල්‍ය ලාභ ලැබෙනු ඇත. අලුත් හිතමිත්‍රයන් හඳුනාගැනීමට ලැබෙන අතර, ස්ත්‍රී පාර්ශ්වයට විශේෂ වාසි අත්වේ. කාලයකට පසු හිතවතකු හෝ ඥාතියකු හමුවීමෙන් සතුටට කරුණු යෙදේ. රහසිගත සබඳතාවකට හේතු යෙදෙනු ඇත.
වෘෂභ ලග්නය – සති අගදී මුදල්
අත ඇති මුදල් ප්‍රවේසම් කරගත යුතු සතියකි. නැතහොත් අනවශ්‍ය ආකාරයට වියදම් වීමට ඉඩ තිබේ. ගනුදෙනුවලදී ප්‍රවේසම් විය යුතුය. එමෙන්ම හදිසි අනතුරු කැපුම් කෙටුම් සිදුවිය හැකි කටයුතු මෙම සතියේ සිදුකිරීම සුදුසු නැත. සතිය අගදී තත්ත්වය වෙනස් වේ. නව ආදායම් මාර්ග පෑදෙනු ඇත. තමාට ලැබෙන්නට තිබූ මුදලක් ලැබීමට ඉඩ ඇති නිසා අවධානයෙන් පසුවන්න.
මිථුන ලග්නය – කතාබහ පරිස්සමෙන්
ඇඳුම් සම්බන්ධ කතාබස් දුරදිග යෑමෙන් තමාට සමීප අයකු අමනාප වීමට ඉඩ ඇති හෙයින් ප්‍රවේසම් වන්න. එමෙන්ම පිටස්තර තැනක වාසයට අවස්ථා යෙදෙනු ඇත. දුර ගමන් යෙදෙන සතියකි. අන්‍යාගමිකයන් හෝ පූජ්‍ය පක්ෂය සමග විවිධ ගනුදෙනු යෙදේ. මෙතෙක් කලක් තමා ප්‍රයෝජනයට නොගත් දෙයක් සම්බන්ධයෙන් නව සැලසුමක් ක්‍රියාවට නැංවෙනු ඇත. සතිය අගදී විශේෂ වාසියක් ගැන ආරංචියක් ලැබේ.
කටක ලග්නය – සතිය මැද සුබ ආරංචි
මේ සතියේ ඔබ ප්‍රවේසම් විය යුතුය. අනවශ්‍ය ආකාරයේ ගමන් බිමන් සුදුසු නැත. එමෙන්ම උදරය ආශ්‍රිත සුලු සුලු අසනීප යෙදෙන්නට ඉඩ තිබේ. අන් අයගේ වැඩකටයුතු ගැන නොසතුටට හේතු යෙදේ. කෙසේ නමුත් සතියේ මැද සිට තම පවුලට සම්බන්ධ කෙනකු ගැන සුබ ආරංචියක් ලැබීමට නියමිතය.
සිංහ ලග්නය – හදිසි ධන ලාභ
සිතේ සතුටට හේතු යෙදේ. සැප පහසු ගමන් බිමන් මෙන්ම රසවත් ආහාර පාන ලැබෙන සතියකි. ස්ත්‍රී – පුරුෂ ආකර්ෂණය ඉහළින්ම ලැබෙන සතියකි. මෙතෙක් කලක් හිතේ තිබූ සබඳතාවක් ස්ථිර වන කාලයකි. එමෙන්ම නොසිතූ ධන ලාභ සහ ආර්ථිකයේ විශේෂ වාසි අත්වනු ඇත. අන්සතු වස්තුවක් හෝ පවුලේ අයකුට අයත් ධනයක් හිමිවන බවට ඉඟි ලැබෙන කාලයකි.
කන්‍යා ලග්නය – නව ආරාධනා
සතුරන් පරදා ජය ලැබිය හැකි කාලයකි. කිසිදු ආකාරයකින් පරාජයට පත් නොවී අරමුණුවලට යෑමට හැකි අතර, මෙතෙක් කලක් මගහැරෙමින් තිබූ කටයුතු කිහිපයක් සඵල කරගැනීමට හොඳ සතියකි. නව ආයෝජන සහ සැලසුම් ක්‍රියාවට නැංවීමට ඉතා යහපත්ය. ගමන් බිමන් ස`ඳහාත් උත්සව සඳහාත් ආරාධනා ලැබේ.
තුලා ලග්නය – සිතේ සතුට ඉහළට
ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුකර ගැනීමට උනන්දුව සහ උත්සාහය වර්ධනය කෙරෙන සතියක් බැවින් ඒ සඳහා උනන්දු වන්න. හිතවතුන්ගෙන් ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. පෙම් සබඳතා කෙරෙහි සිත යොමුවනු ඇත. හදිසියේ හමුවන මිතුරෙකු හෝ මිතුරියක නිසා සිතේ පිබිදීමක් සිදුවනු ඇත. නව හැඟීම් සහ දැනීම් ඇතිවන කාලයකි.
වෘශ්චික ලග්නය – නව සබඳතා
ගමන් බිමන්වලින් නව සබඳතා ගොඩනැගෙනු ඇත. ඇතැම් විට විවිධ මිත්‍රයන් හමුවන අතර ඔවුන් සමග නව ගිවිසුම්වලට යොමුවීමටද ඉඩ තිබේ. අලුත් වැඩසටහන් සහ සැලසුම් සමග ගෙවෙන සතියකි. විශේෂ මූල්‍ය ලාභද යෙදේ. සතිය අගදී මතගැටුමකට ඉඩ ඇති හෙයින් ප්‍රවේසම් විය යුතුය.
ධනු ලග්නය – වැඩිහිටි මිතුරෙකුගෙන් උදව්
පවුලට සම්බන්ධ අයකු ගැන විශේෂ ආරංචියක් ලැබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙන අතර දුරබැහැර ගමන් බිමන් සමග නව ආදායම් මාර්ගද පෑදේ. අනාගතය ගැන සිතා කරන සැලසුමකට අවස්ථාව යෙදේ. අලුත් ඇඳුම් පැලඳුම් තෑගි ලෙස ලැබෙනු ඇැත. තමාට වඩා වයසින් වැඩි මිතුරෙකු හෝ මිතුරියක හමුවන සතියකි. එමගින් විශේෂ වාසිද ඇත.
මකර ලග්නය – මත ගැටුම්
ඔබගේ රැකියාව සම්බන්ධයෙන් තිබූ ගැටලු බාධා මගහැරී යෑමට හේතු යෙදේ. උනන්දුවේ තරමට ප්‍රතිඵල ලැබෙන නිසා උනන්දුවෙන් කටයුතු කළ යුතුය. මත ගැටුම් මතවාද සුදුසු නැත. නිතර කේන්ති යන ස්වභාවයක් පෙන්වයි. සහෝදර පක්ෂය ගැන අමනාප යෙදේ. තමාට සමීප පවුලේ අයකු මේ සතියේ ඔබ සොයා පැමිණේ.
කුම්භ ලග්නය – සති අග ධන ලාභ
ඔබගේ සිත තුළ නොසන්සුන්කාරී හැඟීම් වැඩිකෙරෙන හෙයින් ප්‍රවේසමෙන් ගනුදෙනු කළ යුතුය. අනාගතය ගැන සිතා කරන කටයුතු සතිය මැදදී වෙනස් වෙයි. දුර ගමන් සඳහා ආරාධනා ලැබුණද ප්‍රවේසම වැදගත්ය. එමෙන්ම විශේෂ හේතුවක් නැතිව අන් අය සමග ගැටෙන්නට නොයා යුතුය. හදිසි ධන ලාභ සති අන්තයේ යෙදෙනු ඇත.
මීන ලග්නය – නොසිතූ මූල්‍ය ලාභ
විශේෂ ආරාධනාවකින් සිතේ සතුටට හේතු සහ ගමන් බිමන්වලින් ආර්ථිකයට විශේෂ වාසි අත්වන අතර, ව්‍යාපාර කටයුතු සහ බුද්ධිය මෙහෙයවා කරන වැඩවලටත්, නිර්මාණ කටයුතු කරන්නන්ටත් හොඳම සතියකි. නොසිතූ මූල්‍ය ලාභයකුත් පෙන්නුම් කෙරේ. සතිය අගදී විශේෂ වැඩ කිහිපයකින් ධනය ලැබීමට අවස්ථාව ඇත. බලාපොරොත්තු ඉටුකර ගන්නට යහපත් සතියකි.

ජ්‍යොතිෂ සහ වාස්තුවේදී
ජ්‍යොතිෂ පර්යේෂක
ජ්‍යොතිෂ පුවත්පත් රැසක හිටපු ප්‍රධාන කර්තෘ
ජේ.එන්.කේ. රත්නායක
0777579404

SendShareShare
Previous Post

සජිත් – අනුර හදිසි දුරකතන සාකච්ඡාවක්! Sri Lanka Latest News

Next Post

සජිත් පාර්ලිමේන්තුවේ කරපු සටනකින් අහිංසක මිනිස්සු දහස් ගාණක් බේරෙයි! මොකද්ද සටන? වීඩියෝ එක බලන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News
Astrology

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News

නිතර අසනීප වෙනවාද? ධනය ගිලිහෙනවාද? ඉඩමට අරක්ගත් වාස්තු පුරුෂයාගේ නෙපෙනෙන බල මහිමය…! කෝප වුණොත් ලෙඩ රෝග ගෙට! Sri Lanka Latest News
Astrology

නිතර අසනීප වෙනවාද? ධනය ගිලිහෙනවාද? ඉඩමට අරක්ගත් වාස්තු පුරුෂයාගේ නෙපෙනෙන බල මහිමය…! කෝප වුණොත් ලෙඩ රෝග ගෙට! Sri Lanka Latest News

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News
Astrology

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News

ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…
Astrology

ලග්න පහකට විශේෂ ලැබීම්! ලෝක ජනතාවට සතුටට හේතු! අධ්‍යාපන අංශය ගැන කසුකුසුවකුත්! කාන්තාවන් ගැනත් කතාබස්! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News
Astrology

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News

Load More
උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදන ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැඳවූ සාකච්ඡාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! මේක නීතියේ ආධිපත්‍යයට එල්ල කරන මරු පහරක්! මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදන ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැඳවූ සාකච්ඡාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! මේක නීතියේ ආධිපත්‍යයට එල්ල කරන මරු පහරක්! මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රටක ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වන ප්‍රධාන කුළුණ වන ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සේම නිදහස් ස්වාධීන මාධ්‍ය සහ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය හරහා ප්‍රජාතන්ත්‍රවාදය...

Read more
ඉන්දියාව – ඇමෙරිකාව – චීනය ඉද්දී කොළඹ වරායට ප්‍රංශය එන්නේ ඇයි? Sri Lanka Latest News

ඉන්දියාව – ඇමෙරිකාව – චීනය ඉද්දී කොළඹ වරායට ප්‍රංශය එන්නේ ඇයි? Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඇමැතිවරු සමච්චල් කරන ගොවියන් වෙනුවෙන් විපක්ෂනායක පෙනී සිටී! ගොවි පුතාගේ ආණ්ඩුව දැන් ගොවියන්ගේ උත්පත්තිය ගැන කියලම අපහාස කරනවා! ගොවීන්ගේ මූලික අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවියෝ රැකගන්න සජබ පෙරට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.