වී මිල විශාල ලෙස පහත වැටීම හේතුකොට ගෙන අන්ත අසරණභාවයට පත්ව සිටින ගොවි ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට තිබේ. Sri Lanka Latest News
පසුගිය සිකුරාදා පැවැති එම පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
එහිදී ආණ්ඩුව විසින් සාධාරණ මිලක් වීවලට ලබාදීමට පියවර නොගැනීම සහ ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් ගොවි ජනතාව අපහසුතාවට පත්කරමින් සිදුකරන ප්‍රකාශවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට සජබ කළමනාකරණ කමිටුවේදී මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී ඇත.
ඒ අනුව රට පුරා ගොවීන් විසින් ආරම්භ කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහාය දැක්වීමටත්, ගොවීන්ගේ වීවලට සහතික මිලක් ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කිරීමටත් සමගි ජන බලවේගය තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.










