• About us
  • Contact us
Sunday, June 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ ජීවිතය අම්මා…! ෂූටින් ගියත් හිත තියෙන්නේ අම්මා ළඟ…! හිතේ සතුට ටිකක් හරි දැනෙන්නෙ රංගනය නිසා…! හැප්පෙන්නේ ඉතින් දුවලා එක්ක තමයි…! ශිරෝමිකා ප්‍රනාන්දු I Sri Lanka Latest News

June 28, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මගේ ජීවිතය අම්මා…! ෂූටින් ගියත් හිත තියෙන්නේ අම්මා ළඟ…! හිතේ සතුට ටිකක් හරි දැනෙන්නෙ රංගනය නිසා…! හැප්පෙන්නේ ඉතින් දුවලා එක්ක තමයි…! ශිරෝමිකා ප්‍රනාන්දු I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇය පුංචි තිරයට ආදරණීය මවකි. ඇතැම් විට දුවලා සමග නිරන්තරයෙන් හැප්පෙන කලබලකාරී මවකි. ‘ආලේ‘ මෙන්ම මේ දිනවල අතිශය ජනප්‍රිය ‘බෝල්ට් ඇණේ‘ ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් අතරට එන ඇය, රංගන ශිල්පිනී ශිරෝමිකා ප්‍රනාන්දුය. ඇගේ ජීවිතය මේ දිනවල ගෙවී යන්නේ දැඩි කැපවීමක් සහ සංවේදීතාවයක් මැදින්. ඒ, ඇගේ ආදරණීය මවගේ සුවදුක් බැලීම වෙනුවෙනි. රූගත කිරීම්වලින් කෙතරම් කාර්යබහුල වුවද, තම මව වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට ඇය කිසිවිටකත් අමතක නොකරන්නීය. මව වෙනුවෙන් ජීවිතයම කැපකරන ඇගේ කතාව කියන්නයි මේ සූදානම.Sri Lanka Latest News

කොහොමද ඉතින් ශිරෝමිකා?
හොඳින් ඉන්නවා. අම්මාවත් බලාගෙන කලා කටයුතු කරගෙන පවුලේ අය සමග සතුටින් ඉන්නවා.
ඔබේ ආදරණීය අම්මා වෙනුවෙන් මේ දිනවල ලොකු කාලයක් වෙන්වෙනවා නේද?
අම්මා මගේ ජීවිතය. ඇය වෙනුවෙන් මම උපරිම කාලය යොදවනවා. මේ බැඳීම සංසාරගත බැඳීමක්. ඒ තරමට ඇයට පණ වගේ ආදරෙයි. ඇය මගේ ජීවිතය ගොඩනගා ගන්න කරපු කැපකිරීම් නතර වුණා කියන්නේ මගේ අතපය කැඩුණා හා සමානයි. මම රූගත කිරීමකට ගියත් අම්මට අවශ්‍ය ආහාරපාන හදලා තියලා තමයි යන්නේ. අම්මා දියර ජාති පමණයි ආහාරයට ගන්නේ. මම රූගත කිරීම්වලට ගියත් හිත අම්මා ළඟ. ඇයට උපරිම සලකනවා. මට වගේම මගේ දරුවන්ටත් මගේ අම්මා අම්මා කෙනෙක් වුණා.
මේ වගේ තත්ත්වයක ඔබ ඉද්දි කොහොමද මේ තරම් අපූරුවට චරිත මවන්නේ?
මට මානසික සුවයකට පොඩ්ඩක් හරි තියෙන්නේ මේ කලා කටයුතු තමයි. ඒ වැඩකටයුතුවලදී චරිතයට මම උපරිම දායකත්වය ලබාදෙනවා. ජීවිතය පුරාවටම මම සතුටින් තමයි මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. දුකකට පත්වෙන්නේ අම්මා දැන් ඉන්න තත්ත්වය ගැන හිතලා තමයි.
දකින හැමෝම බෝල්ට් ඇණයක් කියනවලු ශිරෝමිට?
ඔව්. දකින හැමෝම අන්න බෝල්ට් ඇණයක් කියනවා. එහෙම තමයි කතා කරන්නේ. හිනාවක් දාමින් කතා කරනවා.
මේ දිනවල ඔබේ චරිතවල කලබල ස්වභාවයක් දකිනවා?
දුවලා එක්ක තමයි ටෙලි නිර්මාණවල හැප්පෙන්නේ. ගෙදරත් දුව එක්ක එහෙමයි. ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් තමයි කලබල ස්වභාවය. ‘ආලේ’ ටෙලිනාට්‍යයෙත් මවක්, ‘බෝල්ට් ඇණෙත්’ මවක්. ඉතින් දුවලා එක්කම තමයි කාලය ගතකරන්නේ. සාමාන්‍ය ජීවිතයේදී වුණත් අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ දරුවන්ගේ අනාගතය හදන්න. නිර්මාණවලත් එහෙමයි.

ප්‍රේක්ෂකයන් නිරන්තරයෙන්ම කතාව ජෑම් නොකර රසවත් විදියට දෙන්න කියලා කියන්නේ. මෙහෙම වීමට හේතුව?
නිර්මාණ මුලදී පටන්ගත්ත විදියට අවසානය දක්වා යනකොට කතාව නැරඹීමට පෙලඹීමක් එනවා. අපේ ශිල්පීන්ගේ පැවැත්ම අනුව තමයි කතාව ලස්සනට ගලාගෙන යන්නේ. නළු නිළියන්ගේ ප්‍රශ්න නැතුව. නවක අයගේ දින ප්‍රශ්න. කෝල් ආන්සර් කරන්නේ නැතුව ඉන්නකොට ප්‍රශ්න එනවා. එහෙම ප්‍රශ්න එනකොට රචකයාට කතාව ලස්සනට ලියන්න අපහසුයි. ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙනකොට තමයි කතාව ජෑම් වෙන්නේ.
කොහොමද වේදිකා වැඩකටයුතු?
මම ගොඩක් කැමැතියි වේදිකාවට. ඉල්ලන් කෑවා, සූකිරි බෝලේ, පැරීසියේ කිරිල්ලියෝ, එකට යටින් ඔය වේදිකා නාට්‍යවලට මම සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

වාහන එලවද්දී බලාගෙන! මාර්ග නීති කැඩුවොත් දැන් දඩ කොළ නෑ! කෙළින්ම උසාවි! I Sri Lanka Latest News

Next Post

සල්ලිකාර කෙල්ලො දපනේ දාන සල්ලාලයා…! එක ඩාන්ස් එකෙන් වයිරල් වුණා…! මල් වෙඩිල්ලක් වගේ එක පාරට පත්තු වුණා…! බයික්වල ගිහින් ලව් කරපු කාලයක් නම් තිබුණේ නැහැ…! ඕදාත හංසක I Sri Lanka Latest News

MORE NEWS

සල්ලිකාර කෙල්ලො දපනේ දාන සල්ලාලයා…! එක ඩාන්ස් එකෙන් වයිරල් වුණා…! මල් වෙඩිල්ලක් වගේ එක පාරට පත්තු වුණා…! බයික්වල ගිහින් ලව් කරපු කාලයක් නම් තිබුණේ නැහැ…! ඕදාත හංසක I Sri Lanka Latest News
Heart

සල්ලිකාර කෙල්ලො දපනේ දාන සල්ලාලයා…! එක ඩාන්ස් එකෙන් වයිරල් වුණා…! මල් වෙඩිල්ලක් වගේ එක පාරට පත්තු වුණා…! බයික්වල ගිහින් ලව් කරපු කාලයක් නම් තිබුණේ නැහැ…! ඕදාත හංසක I Sri Lanka Latest News

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News
Heart

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News
Heart

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News

කංචනා කැමති වෙයිද දන්නේ නැහැ…! කළු කුමාරයා කිව්වම හැමෝටම මැවෙන්න මාව…! අප්පච්චි වගේ වෙන්න යන්න ගොඩක් දුර තියෙනවා…! එකසිය ගානට වයිරල් වෙන කළු කුමාරයාගේ මනමාල කතාව…! සජිත ඇන්තනී I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News
Heart

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News
Heart

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

Load More
මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News

පාතාලය දැන් ටික කාලයක සිට නිහඬය. ඒ රටින් පැන ගිහින් පිටරටවල රැඳී සිටිමින් මෙරට වැඩ පෙන්වූ පාතාලයේ වැඩ්ඩෝ යැයි කියන...

Read more

අමෙරිකන් නියෝජිතයන් ලංකාවට ඇවිත් අනුර එක්ක කතා කළේ මොනවද? ඉදිරිපත් කළ යෝජනා මොනවාද? අන්තිම තීන්දුව මොකද්ද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

දිලිත්ගෙ කොම්පැනියකට අනුරගෙ ආණ්ඩුවෙන් ටෙන්ඩර් එකක් දීලා! දැන් අපිත් දන්නේ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුරගේ කලිසම ඔළුවෙන් ගලවන්න බලන් ඉන්න දෙරණේ දිලිත් ජයවීර..! දැන් බලන්න ඉම්මු ඕක කොහොමද වෙන්නෙ කියලා! VIDEO I Sri Lanka Latest News

විජයදාසගේ සහ රඛිතගේ සිද්ධියට චමුදිතත් පැටලෙයි! අධිකරණය හමුවට යන්න චමුදිත සූදානමින්! I Sri Lanka Latest News

විජයදාසගේ සහ රඛිතගේ සිද්ධියට චමුදිතත් පැටලෙයි! අධිකරණය හමුවට යන්න චමුදිත සූදානමින්! I Sri Lanka Latest News

සියලු කාන්තාවන්ට ලොකු පාඩමක් උගන්වපු ශ්‍යාමාගේ ඝාතනය! රැවටිලිකාරයන්ට අහුවෙන්න එපා! Sri Lanka Latest News

සියලු කාන්තාවන්ට ලොකු පාඩමක් උගන්වපු ශ්‍යාමාගේ ඝාතනය! රැවටිලිකාරයන්ට අහුවෙන්න එපා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.