අපරික්ෂාකාරී රියැදුරන්ට එරෙහිව ස්ථානීය දඩ පත්‍රිකා ලබාදීමකින් තොරව ඔවුන්ට එරෙහිව සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් නිලධාරීනට උපදෙස් ලබාදී ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.Sri Lanka Latest News
මේ අතර, පොසොන් සමයේ රාජකාරී වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් දසදහසක් පමණ යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් කියා සිටියේ.
පොසොන් සමයේ අධික ශබ්දය පිටවන සයිලන්සර් සහිත යතුරුපැදිවලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොළොන්නරුවේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ සේනාධීර පැවසුවා.











