• About us
  • Contact us
Sunday, June 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News

June 28, 2026
in Exclusive
Reading Time: 12 mins read
A A
මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාතාලය දැන් ටික කාලයක සිට නිහඬය. ඒ රටින් පැන ගිහින් පිටරටවල රැඳී සිටිමින් මෙරට වැඩ පෙන්වූ පාතාලයේ වැඩ්ඩෝ යැයි කියන අය බුරුතු පිටින් අල්ලාගෙන මෙරටට ආ බැවිනි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට 25 වැනිදා පැමිණ ප්‍රකාශ කළ ආකාරයට මාලිමා ආණ්ඩුව බලයට ආ පසු ‍මෙතෙක් කාලයක් තුළ රතු නිවේදවලට අනුව පිටරටින් අල්ලාගෙන ආ අපරාධකරුවන් ගණන 23කි. ඒ හැරුණු ‍කොට තවත් 35 දෙ‍නෙක්ද ඇතුළුව පිටරටවලින් අල්ලාගෙන ආ අපරාධකරුවන් ගණන 58කි. ‍මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය මගින් පසුගියදා පිටුවහල් කළ අයද සිටිති. Sri Lanka Latest News

රතු නිවේදන නොමැති පිටරටවලින් අල්ලාගත් පාතාල අපරාධකරුවන් 14 දෙනෙක්ම මෙරටට ගෙන ඒමට පසුගිය කාලයේදී හැකිවී ඇත. එම හැකියාව ලැබී ඇත්තේ පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට ඒ ඒ රටවල පොලිස් ප්‍රධානීන් සමග ඇති සම්බන්ධකම්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුඩ්ලර් මහතා පවසන ආකාරයට තවත් පාතාල අපරාධකරුවන් 95 දෙනකුට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත්කර තිබේ. ඒ අයගෙන්ද කිහිප ‍දෙනෙක් මේ වනවිට ඉන්නේ ඩුබායි, රුසියාව, ඉන්දියාව ආදී රටවල් රැසක අත්අඩංගුවේය. ඔවුන්වත් මෙරටට ගෙන්වා ගැනීමට හැම උත්සාහයක්ම පොලිසිය ගනිමින් සිටින්නේ රාජ්‍යතාන්ත්‍රික සහ ජාත්‍යන්තර ‍ පොලිස් මෙ‍හෙයුම් හරහාය.

රටින් පැන්න පාතාල අපරාධකරුවන් අල්ලා මෙරටට රැගෙන ඒම අද ඊයේ පමණක් සිදුවූවක් ‍නම් නොවේ. පාතාලයේ වැඩකාරයෝ ‍‍මෙන්ම අපරාධවල නිරතව රටින් පැන්න කොතෙකුත්‍ පිටරටවලදී අල්ලාගෙන මෙරටට රැගෙන විත් ඇත. ඒ අතර 90 දශකයේ මුල වඩාත් කතාබහකට ලක්වන්නේ ඔස්මන් ගුණසේකර ජපානයේ සිට මෙරටට ගෙන ඒමය. අත්තනගල්ල අධිකරණ‍යේදී විනිසුරුවරයා නඩු අසමින් සිටියදී ගිනි අවියක් අතැතිව අධිකරණ ශාලාවට කඩාවැදී එවක විරගුල පොලිස් ස්ථානාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳගේ පියාට වෙඩිතබා ඝාතනය කර ජපානයට පැනගත් ඔස්මන් ගුණසේකර අල්ලාගන්නේ එරටින් පිටුවහල් කරගැනීමෙනි. එම මෙහයුම කරනු ලැබුවේ එජාප ආණ්ඩුව පැවැති සමයේදීය. අදටත් ඒ විදිහටම අපරාධකරුවන් අල්ලා ගැනීමේ ජාත්‍යන්තර පොලිස් සම්බන්ධකම් මත කෙරෙන මෙ‍හෙයුම්වල අඩුවක් නැති තරම්ය.

ඔස්මන් ගුණසේකරගෙන් පසු රටේම අවධානයට ලක්වූ පාතාල අපරාධකරුවන් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවන් පිටරටවලින් අල්ලාගෙන ‍මෙරටට ගෙන්වා ගැනීම් සිදුවූයේ යහපාලන ආණ්ඩුව පැවති කාල‍යේදීය.

2015 – 2019 යහපාලන ආණ්ඩුව (මෛත්‍රී යුගය)

● වෙ‍ලේ සුදා
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ පාකිස්තානයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට රැගෙන ආවේ 2015 ජනවාරි මාසයේදීය. 2015 ජනවාරි 14 වැනිදා පමණ පාකිස්තාන බුද්ධි අංශ හා ශ්‍රී ලංකා බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. ‍පෙර පැවති ආණ්ඩුවල ප්‍රබලයන් සමග මෙන්ම පොලිස්පතිවරයකු සමග ඉතා කිට්ටු සම්බන්ධකමක් පැවැති වෙලේ සුදා කලක් එක්සත් එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාල‍යේ නිතර දැකිය හැකි චරිතයක් බවට පත්ව තිබුණි. 2008 වසරේදී හෙරොයින් ග්‍රෑම් 7.05ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් ඔවුට මරණ දඬුවම ලබාදී ඇත. ‍මේ වනවිට ඔහු වැලිසර පිහිටි විශේෂ රැඳවුම් මධ්‍යස්ථාන‍යේ රඳවා සිටියි.

● මොහොමඩ් සිද්ධික්
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් මකීන් මොහොමඩ් සිද්ධික් නොහොත් කුඩු සිද්ධික් ‍මෙරට මත්කුඩු ජාවාරමේ අංක එකේ පුද්ගලයෙකි. 2015 මාර්තු 19 වැනිදා පාකිස්තානයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුව මෙරටට රැගෙන ආවේ අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පාකිස්තානයට ගොසිනි. ඒ, වෙ‍ලේ සුදාගේ ඔත්තුවකිනි.
වසර තුනකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සිද්ධික් 2018 සැප්තැම්බර් මාසයේදී කොළඹ මහාධිකරණය විසින් ඔහුට එරෙහිව පැවති කුඩු නඩුවලින් නිදොස් කොට නිදහස් කරන ලදී. පසුව 2019 දී ඔහු ඇප මත මුදාහැරීමෙන් පසු නැවතත් රටින් පලා ගියේය. ඕමානයේදී ඔහු 2023 අවුරුද්දේ අගෝස්තුවේ නැවත කොටුවුවත් මෙරටට භාරදීමක් සිදුවූයේ නැත. ඒ ඔහු සතුව ඒ වනවිට තිබී ඇත්තේ ඉන්දියානු ගමන් බලපත්‍රයක් වූ බැවිනි.

● මාකඳුරේ මධුෂ්
පාතාලයේ ගෝඩ් ෆාදර්වරයෙක් වූ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් ඩුබායි සිට මෙරට පාතාල කල්ලි පාලනය කරන්නට වූයේ ඉන්දියාවේ පාතාල රජු ඩාවුඩ් ඊබ්‍රාහිම්ගේ අඩිපාරේ යමිනි. පොලිස් නිලධාරීන්ට පවා මරණ බිය ගෙනදුන් මධුෂ්ට වැඩ වරදින්නේ සිය දියණිය‍ගේ පළමු උපන්දිනය වෙනුවෙන් ඩුබායි හෝටලයක පැවති සාදයකදීය. 2019 අවුරුද්‍දේ ‍පෙබරවාරි 05 වැනිදා එම හෝටලයේදී මධුෂ් සමග ඩුබායි පොලිසිය තවත් පිරිසක් අත්අඩංගුවට ගත්තේය. ඒ අතර සාදයට සහභාගි වීමට ලංකා‍වෙන් ගිය කලාකරුවන්ද පාතාල අපරාධකරුවන් රැසක්ද සිටියේය. 2019 අවුරුද්දේ මැයි 05 වෙනිදා ශ්‍රී ලංකාවට පිටුවහල් කළ ඔහුව ඩුබායි සිට රැගෙන එන්නේ අපරාධ පරීක්ෂණ ‍‍දෙපාර්ත‍මේන්තු‍වේ කණ්ඩායමකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍වේ වසරකට වැඩි කාලයක් රඳවා සිටියදී ඔහු මත්කුඩු ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් රැසක් ගැන තොරතුරුද ‍හෙළි කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස පොහොට්ටු ආණ්ඩුව පිහිටුවා කෙටි කලකින් කොළඹ අපරාධ කොට්ඨාස භාරයට පත්වූ මාකඳු‍රේ මධුෂ් පොලිස් අත්අඩංගුවේ සිටියදී නාඳුනන වෙඩික්කරු‍වකුගේ ප්‍රහාරයකින් මරුමුවට පත්වන්නේ මාලිගාවත්‍තේ මහල් නිවාස සංකීර්ණයකදීය. ඒ, 2020 ඔක්තෝබර් 20දා අලුයම් කාල‍යේදීය.

● කංජිපානි ඉම්රාන්
මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට පත්වන්නේ මධුෂ්ගේ දියණිය‍ගේ උපන්දින සාදයේදීය. මධුෂ්ගේ ළඟම සගයා වූ මොහු මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ මිනීමැරුම් රැසක මහමොළකරුවෙකි. ඩුබායි රාජ්‍යයෙන් ඔහුව පිටුවහල් කරනු ලැබුවේ 2019 මාර්තු 28 වැනිදාය. මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වුවත් පොලිසිය ඔහුට නඩු පවරන්නේ ගංජා ළඟ තබාගැනීමක් සම්බන්ධයෙනි. ඒ සම්බන්ධ‍යෙන් කොළඹ මහාධිකරණය මගින් වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඔහුට නියම කළේය. කෙසේ වෙතත්, පසුව ඔහුට එරෙහිව තිබූ නඩුවලින් 2022 දෙසැම්බර් 20 වැනිදා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අධිකරණය කටයුතු කළේය. ඇප ලැබුණු ඔහු 2022 දෙසැම්බර් 25 වැනිදා වෙස්වළාගෙන තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ තමිල්නාඩුවට පැන්නේය.

● රොටුඹ අමිල
සේපාල රත්නායකගේ අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල මෑත කාලයේ නිතර නම කියැවුණු පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකි. මාකඳු‍රේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයට ගොස් ඔහුද හසුවූ අයෙකි. 2019 මාර්තු 28 වැනිදා කංජිපානි ඉම්රාන් සමගම ඔහුවත් ‍මෙරටට පිටුවහල් කරන ලදී. බන්ධනාගාරගතව කාලයක් සිටි ඔහු ඇප ලැබීමෙන් පසු රටින් පැන්නේය. ඔහු දැන් සිටින්නේ රුසියාවේය. 2025 මාර්තු මාසයේදී රුසියාවේදී එරට ආරක්ෂක අංශ විසින් දේශසීමා පනින්නට ගොස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු තාමත් සිටින්නේ රුසියානු ආරක්ෂක අංශ භාරයේය.

● කැලුම් ඉන්දික සම්පත් හෙවත් ‘ජංගා’
‍මාතර සිදුවූ කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ජංගාද මධුෂ්ගේ දියණිය‍ගේ සාදයේදී හසුවී මෙරටට පිටුවහල්කරනු ලැබූ‍වෙකි.

● කළු සාගර
සාගර රේණුක පෙරේරා නොහොත් කළු සාගර කොළඹ මෝදර සහ මාලිගාවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සංවිධානාත්මක අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ප්‍රබල පාතාල සාමාජිකයෙකි. මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයේදී කොටුවූ ඔහුවද ඩුබායිවලින් පිටුවහල් කර තිබුණි.

● කළු ප්‍රියන්ත
හෙට්ටිආරච්චිගේ ප්‍රියන්ත නොහොත් කළු ප්‍රියන්ත යනු දකුණු පළාත සහ කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සංවිධානාත්මක අපරාධවල නිරත වූ, මාකඳුරේ මධුෂ්ගේ කල්ලියේ සිටි තවත් එක් ප්‍රබල සාමාජිකයෙකි. ඔහුවද කොටුවන්නේ මධුෂ්‍ගේ දියණියගේ උපන්දින සාදයේදීය. ඔහුව ‍ඩුබායිවලින් පන්නා මෙරටට එවන්නේ 2019 අප්‍රේල් මාසයේදීය.

2019-2022 පොහොට්ටු ආණ්ඩුව (‍ගෝඨාභය යුගය)

‍මේ කාලය තුළ විදේශගත අපරාධකරුවන් අල්ලා‍ගෙන මෙරටට ගෙන ආ බවක් හෝ විදේශගතව සිටින අපරාධකරුවන් ගෙන්වා ගැනීමට කළ උත්සාහයක් ගැන කරුණු අනාවරණ වන්නේ නැත.

2022-2024 රනිල් ආණ්ඩුව

● කිරි කොල්ලා
ඇටම්පොල ආරච්චිලාගේ අවිශ්ක මධුසංක හෙවත් කිරි කොල්ලා නැමැත්තා පාතාල වෙඩික්කරුවෙකි. ගම්පහ අධිකරණ සංකීර්ණය ආසන්නයේදී පස් පොඩ්ඩා නමැත්තාට වෙඩිතබා ඔහු ඇතුළු තිදෙනකු ඝාතනය කිරීමේ වෙඩික්කරු වන්නේ ඔහුය. එම වෙඩි තැබීමෙන් පසු සාජා බලා පලා ගිය ඔහු 2024 ජුනි 10 වැනිදා අත්අඩංගුවට ගන්නේ එරටින් පිටුවහල් කර මෙරටට පැමිණි අවස්ථාවේදීය.

● හරක් කටා
නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා අවස්ථා කිහිපයකදීම ඩුබායි පොලිසියට මෙන්ම මාලදිවයින් ආරක්ෂක අංශයටද හසුවී බේරුණු අයෙකි. මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු‍වෙක් මෙන්ම පාතාල අපරාධකරුවෙක් ද වේ. දකුණු පළාත කේන්ද්‍ර කරගනිම්න් පාතාල අපරාධ ‍‍‍මෙ‍හෙයවූ ඔහු ඇතුළු පාතාල‍ ගෝලබාලයන් 08 ‍දෙ‍නෙක් මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ වෙත හසුවන්‍නේ පුද්ගලික ජෙට් යානයකින් ඩුබායි සිට එහි ගොස් සිටියදීය. 2023 වසරේ මාර්තු 01 වැනිදා එරට ආරක්ෂක අංශ ඔහු ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේය. ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කළ අය ඒ අතර සිටියේ දෙදෙනෙකි. ඒ, හරක් කටා සහ සළිඳු පමණි. එරටින් අපට ලැබෙන්නේ ඔවුන් දෙදෙනා පමණි. 2023 මාර්තු 15 වැනිදා ඔවුන් දෙදෙනාව අවදානමක්ද ඇතිව රැගෙන එන්නේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු විසිනි.

● කුඩු සළිඳු
සළිඳු මල්ෂිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු පානදුර කේන්ද්‍ර කරගෙන මත්කුඩු ජාවාරම මෙහයවූවෙකි. මැඩගස්කරයේ සිට රැගෙන ආ ඔහු 2024 වසරේ දෙසැම්බර් 20 වැනිදා අධිකරණයෙන් ඇප ලැබී පැය 24ක්වත් මෙරට රැඳී සිටියේ නැත. නැවත රටින් පැන්නේය.

● ගනේමුල්ල සංජීව
මාකඳුරේ මධුෂ්ගෙන් පසු පාතාලයේ ගෝඩ් ෆාදර් වෙන්නට පෙරුම්පුරමින් සිටි ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වූ සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් රැඳී සිටියදී අත්අඩංගුවට ගන්නේ නේපාලයේ කත්මන්ඩු නුවරදී 2023 සැප්තැම්බර් 13දා එරට ආරක්ෂක අංශ විසිනි. කටුනායක ගුවන් තොටුපළේදී ඔහු අත්අඩංගුවට ගන්නේ පිටුවහල්කර මෙරටට එවීමෙන් අනතුරුවය. ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි විසින් කළ සැලසුමකට අනුව 2025 පෙබරවාරි 19 වැනිදා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදීම ඔහුව වෙඩි තබා ඝාතනය කරන ලදී.

● සමිට්පුර චතු
කංකානම්ගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් සමිට්පුර චතු මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකි. ඩුබායිහි සැඟවී සිටියදී රතු නිවේදනයකට අනුව අත්අඩංගුවට ගෙන මෙරටට ඔහුව රැගෙන එන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිවු දෙනෙක් විසිනි. ඒ, 2024 ජූලි 12 වැනිදාය.

● ජම්බුගස්මුල්ලේ බබී
දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා නොහොත් ජම්බුගස්මුල්ලේ බබී කොහුවල ප්‍රදේශයේ 2019 සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඩුබායි පැන්න පාතාල අපරාධකරුවෙකි. ඔහුවද රැගෙන එන්නේ ජූලි 12දාය. අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසු ඔහු නැවත රටින් පැන්නේය. එවර ඔහු නේපාලයට පැන සිටියදී සෙව්වන්දි සමග නැවත කොටුවිය.

● මන්න රමේෂ්
රමේෂ් ප්‍රියජනක හෙවත් මන්න රමේෂ් අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. රතු නිවේදනයකට අනුව ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ඔහුව මෙරටට රැගෙන එන්නේ 2024 මැයි 07 වැනිදාය.

● මිදිගම රුවන්
රුවන් චාමර හෙවත් ජේ.ඒ. රුවන් කුමාර හෙවත් මිදිගම රුවන් යනු හරක් කටාගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනාගෙන් අයෙකි. හරක් කටාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැලසුම් කළේද ඔහුය. ඩුබායිහි සමාජ ශාලාවක සිදුවූ ගැටුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් ඔහුව මෙරටට එවනු ලබන්නේ රතු නිවේදනයකට අනුව 2024 මැයි 31දාය.

● පියුමා
හපුන්ත්‍රීගේ දොන් පියුම් හස්තික නොහොත් පියුමා යනු කුඩු සළිඳුගේ සමීපතම ගෝලයෙකි. 2021 වසරේ සිදුවූ ඝාතනයකින් පසු රටින් පනින ඔහු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන්නේ 2024 පෙබරවාරි 15දාය.

● බිනෝයි
ගීත්මාල් බිනෝයි දිල්ෂාන් නොහොත් බිනෝයි යනු ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන මතුගම ශාන් නමැත්තාගේ ගෝලයෙකි. ඩුබායිහිදී අල්ලාගෙන මෙරටට ඔහුව රැගෙන එන්නේ 2024 වසරේ අගෝස්තු 29දාය.

● රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා
2024 ජනවාරි 22 වැනිදා සිදුවූ බෙලිඅත්ත පස් පුද්ගල ඝාතන සිද්ධියේ පොලිසියට අවශ්‍ය කර සිටි ප්‍රධානතම සැකකරුවෙකි. වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියෙක් වන ඔහු 2025 පෙබරවාරි 07 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඩුබායි සිට රැගෙන අවේය.
මේ හැරුණු කොට අවස්ථා කිහිපයකදීම තවත් අපරාධකරුවන් ඩුබායි ඇතුළු රටවල් කිහිපයකින්ම මෙරටට පිටුවහල්කර ඇත. ඔවුන් ප්‍රබල අපරාධකරුවන්ගේ කීමට අපරාධවල නිරතවූ අය මිස ලොකු වැඩකරුවන් නම් නොවේ.

2024 සිට මාලිමා ආණ්ඩුව (අනුර යුගය)

● පොඩි ලැසී
අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් පොඩි ලැසී දකුණු පළාත කේන්ද්‍ර කරගත් මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොකු පුරුකකි. පාතාල‍යේ ප්‍රබලයෙකි. පාතාල අපරාධ සම්බන්ධයෙන් කාලයක්ම ඇප නොලබා බන්ධනාගාරගතව සිටි ඔහු 2024 දෙසැම්බර් 09 වැනිදා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් දැඩි කොන්දේසි සහිත ඇප ලැබුණි. ඇප ලබා ඔහු දිනක් දෙකක් තුළ බෝට්ටුවක නැගී ඉන්දියාවට පැන ගත්තේය.
බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ගේ නිවසට පැන්න හොරු අල්ලන්න මුම්බායි පොලිසිය කළ මෙහෙයුමකදී 2025 වසරේ ජනවාරි මාස‍ අත්අඩංගුවට පත්වූ ඔහු මෙරටට භාරදෙනු ලැබුවේ 2026 පෙබරවාරි 27 වැනිදාය.

● පොලිස් සැරයන් රවින්ද්‍ර සන්දීප
අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවේ සේව‍යේ නිරතව සිටි ඔහු හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට පොලිස් නිලධාරීන්ට උදව් කළ අයෙකි.

● නාරාහේන්පිට අමිල
අමිල චන්ද්‍රානන්ද නොහොත් නාරාහේන්පිට අමිල නමැත්තා පාතාලයට අවි සැපයූ ජාවාරම්කරුවෙක් ලෙස පොලිසිය හඳුනාගත් අයෙකි. පොළොන්නරුවේ පිහිටි හමුදා කඳවුරකින් ගිනි අවි විශාල ප්‍රමාණයක් පැන්නීමේ කතාව සමග එළියට ආ චරිතයක් වන ඔහු රටින් පැන්නේ ඒ ගැන විමර්ශන ආරම්භ කිරීමත් සමගිනි. ඉන්දියාවේදී එරට පොලිසියට හසුවන අමිල පිටුවහල්කර මෙරටට එවන්නේ 2025 පෙබරවාරි 19 වැනිදාය.

● ගුණසීලන් ප්‍රකාශ් සහ ගුණසේකර් දේව සුදාන්
යාපනයේ සිදුවූ වෙඩි තැබීම්වලට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ මෙම පුද්ගලයන් දෙදෙනා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන 2026 වසරේදී පෙබරවාරි 06දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙරටට රැගෙන එන ලදී.

● කෙහෙල්බද්දර පද්මේ
පාතාලයේ නැගීඑන ප්‍රබල අපරාධකරු‍වෙක් වූ කෝරල ගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ පොලිසියේ අවධානයට යොමුවන්නේ ගම්පහ අධිකරණය අසලදී පස් පොඩ්ඩා ඇතුළු තිදෙ‍නෙක් ‍වෙඩිතබා ඝාතනය කිරීමත් සමගිනි. අනතුරුව ඔහු පාතාලයේ ප්‍රබල චරිතයක් බවට පත්වන්නේ ගනේමුල්ල සංජීව අලුත්කඩේ අධිකරණයේදී ඝාතනය වීමත් සමගිනි. ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සැඟවී සිටි මොහු ඇතුළු පාතාලයේ ප්‍රබලයන් 05 ‍දෙනෙක් අල්ලාගෙන ‍මෙරටට රැගෙන එන්නේ 2025 අගෝස්තු 30දාය.

● කොමාන්ඩෝ සලින්ත
පාතාලයේ අපරාධකරුවෙක් වන සලින්ත මධුෂාන් පෙරේරා නොහොත් කොමාන්ඩෝ සලින්ත කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියා‍වේදී අත්අඩංගුවට ගෙන රැගෙන ආ අයෙකි.

● බැකෝ සමන්
ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන නිර්මාල් ප්‍රසංග නොහොත් බැකෝ සමන් ද ඉන්දුනීසියාවේදී අල්ලාගෙන ආ අයෙකි.

● පානදුරේ නිලංග
නිලංග අසංක නොහොත් පානදුරේ නිලංග නමැති මොහු පානදුර ‍කේන්ද්‍ර කරගත් පාතාල අපරාධකරු‍‍වෙකි. ඉන්දුනීසියාවේ සිට අල්ලාගෙන ආ අපරාධකරුවෙකි.

● තැඹිලි ළහිරු
ළහිරු මධුෂාන් නොහොත් තැඹිලි ළහිරුද ඉන්දුනීසියාවේ සිට අල්ලා‍ගෙන ආ අපරාධකරුවෙකි.

● රොටුඹ උපාලි
දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජික‍‍යෙක් වන නඩකන්දගේ උපාලි නොහොත් රොටුඹ උපාලි රතු නිවේදනයකට අනුව 2025 පෙබරවාරි 02දා අත්අඩංගුවට ගන්නේ ඩුබායිහිදීය. ‍අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තු‍වේ නිලධාරීන් ඔහුව මෙරටට රැගෙන එන්නේ 2025 පෙබරවාරි 07දාය.

● ලොකු පැටී
ක්ලබ් වසන්ත ඝාතනය ඇතුළු ඝාතන රැසක් මෙහෙයවූ බව කියන ප්‍රබල දකුණේ ප්‍රබල අපරාධකරුවෙක් වූ ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී රටින් පැන සැඟව සිටියේ බෙලරුස් රාජ්‍යයේය. එරටේදී 2024 අගෝස්තු 01 වැනිදා ඔහුව අත්අඩංගුවට ගන්නා අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ගොස් රැගෙන එන්නේ 2025 මැයි 04දාය.

● මිදිගම සහන්
මිනිස් ඝාතන මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ හික්කඩුව ලියනගේ සිසිකැලුම් නොහොත් මිදිගම සහන් අත්අඩංගුවට ගනු ලබන්නේ ඉන්දියාවට පලා‍ගොස් සැඟවී සිටියදීය. එරටින් පිටුවහල් කර ‍චෙන්නායි නුවර සිට පැමි‍ණෙන විටදී අත්අඩංගුවට ගන්නේ 2025 ජූලි 28දාය.

● ඉෂාරා සෙව්වන්දි
ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු රටින් පැන්න ඇය නේපාල‍යේ රැඳී සිටින බව හඳුනාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ මෙහෙයුමක ප්‍රතිඵලයකන් ලෙස ඇය සමග 06 දෙනෙක් අල්ලාගෙන 2025 ඔක්තෝබර් 13 වැනිදා මෙරටට රැගෙන එන ලදී.
ඇය සමග සිටි සෙසු සැකකරුවන් වන්නේ ජීවදාසන් කනකරාසා, තක්ෂි නන්දකුමාර්, දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා, කෙනඩි බැස්ලියම්පිල්ලෙයි, දිනේෂ් නිශාන්ත කුමාර වික්‍රමආරච්චි යන අයයි.

● බ්ලූමැන්ඩල් සංඛ
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රණසිංහ ආරච්චිගේ සංඛ ශිරාන්ත නොහොත් බ්ලූමැන්ඩල් සංඛ අබුඩාබි සිට මෙරටට පිටටුවහල් කරනු ලබන්නේ 2026 ජුනි මස 13 වැනිදාය. කටුනායක ගුවන් තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

● මිදිගම චූටි
හරක් කටාගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනාගෙන් අයෙක් මෙන්ම ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි 2026 මාර්තු මස 30 වැනිදා අලුයම මෙරටට රැගෙන එන්නේ ඕමානයේ සිටය. ඔහු රතු නිවේදන නිකුත් කර සිටි අයෙකි. ඕමාන් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ සුපිරි හෝටලයක රැඳී සිටියදීය.

● කරන්දෙණිය රාජු
සෝබනහන්දි සනත් ද සිල්වා නොහොත් කරන්දෙණිය රාජු කුලී ඝාතකයෙක් ලෙස සැලකෙන පාතාලයේ දරුණු අපරාධකරුවෙකි. ඉන්දියාවට පලාගොස් සිටි ඔහුව එරටදී අල්ලාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙරටට රැගෙන එනු ලබන්නේ 2026 අප්‍රේල් 17 දාය. ඔහු කරන්දෙණිය සුද්දාගේ සහෝදරයාය.

● බටුවත්තේ චාමර
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර මෙරටට රැගෙන එන්නේ 2026 මැයි 10 වැනිදාය. රාජ්‍ය බුද්ධි සේවය අසර්බයිජාන ආරක්ෂක අංශ සමග කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු එරටදී අත්අඩංගුවට ගෙන ඇත.

● මහවත්තේ චාමර
මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ චාමර සංජීව කුමාර නොහොත් මහවත්තේ චාමර ඩුබායිහි රැඳී සිටියදී ඉරානය විසින් ඩුබායි වෙත එල්ල කළ ප්‍රහාර වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් එර‍ට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ 30 දෙනා අතර සිටියෙකි. ඔහුව මෙරටට පිටුවහල් කර එවීමෙන් අනතුරුව ගුවන්තොටේදී අත්අඩංගුවට ගනු ලබන්නේ 2026 මැයි 22 වැනිදාය.

● කුඩු දුමින්ද
බොරැල්ල වනාතමුල්ලෙන් මෑතකදී බිහිවූ පාතාලයේ අපරාධකරුවෙකි. පරෙයි සුද්දා නමැති ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකුගේ ගෝලයෙක් වන ඔහු ඩුබායි සිට 2026 මැයි 22දා පිටුවහල් කර එවූ අයෙකි.

● කෙසෙල්වත්තේ දිනුෂ
ඩුබායිහිදී හෘදයාබාධයකින් මියගිය ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන කෙසෙල්වත්තේ දිනුකගේ ප්‍රධාන ගෝලයෙක් වන හේවාපේඩිගේ දිනූෂ චතුරංග නොහොත් කෙ‍සෙල්වත්තේ දිනුෂ ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරනු ලබන්නේ 2026 ජනවාරි 24 වැනිදාය. ඔහුව ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය.

● චූටි මල්ලි
කඳාන කේන්ද්‍ර කරගනිමින් මිනිස් ඝාතන, මංකොල්ලකෑම් ඇතුළු අපරාධවල නිරතව සිටි රසික චන්දිත කුමාර නොහොත් චූටි මල්ලි අත්අඩංගුවට ගනු ලබන්නේ ඩුබායිහීදීය. ඔහුව මෙරටට රැගෙන එන්නේ 2026 ජනවාරියේදීය.

● ආමි මාටියා
පස් පොඩ්ඩාගේ ඝාතනයට අවශ්‍යව සිටි සැකකරුවෙක් වන ආමි මාටියා මාසයකට පමණ පෙර මැලේසියාවේදී එරට පොලිසියට හසුවී තිබුණි. ඔහුව 2026 ජුනි 25 එරටින් පිටුවහල් කර මෙරටට එවා තිබුණි. ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත්තේය.

මේ හැරුණු කොට මෙම වසරේ ගෙවුණු කාලය තුළ පාතාලයට සහ මත්කුඩු ජාවාරමට සම්බන්ධ පිරිසක් ඉන්දියාව සහ ඩුබායිවලින් අල්ලා මෙරටට පිටුවහල්කර තිබිණි. සමාජය තුළ කුප්‍රකට නොවූ එම අපරාධකරුවන් අතර යාපනය මනිප්පායිහි පදිංචිකරුවන් වන දේවා, ප්‍රකාශ්, කඩවත පදිංචිකරුවෙක් වන පැන්ඩා, ඌරගස්මන්හන්දියේ පදිංචිකරුවෙක් වන පුංචා, කොච්චිකඩේ ශිරාන්, ටිංකර්, මෝදර චතුර, බොම්බුගලගේ සුමිත් ප්‍රියන්ත, මොහොමඩ් ෆවුස් ඇතුළු අපරාධකරුවන් රැසක් සිටිති.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

අමෙරිකන් නියෝජිතයන් ලංකාවට ඇවිත් අනුර එක්ක කතා කළේ මොනවද? ඉදිරිපත් කළ යෝජනා මොනවාද? අන්තිම තීන්දුව මොකද්ද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News

MORE NEWS

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා! විපක්ෂ නායක ආණ්ඩුවේ කතාවයි කෙරුවාවයි මතක් කරයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාව බලයට ඇවිත් කරපු වෙනස ගැන නාමල් ආණ්ඩුවට දාපු නෝන්ඩිය! I Sri Lanka Latest News

රිෂාඩ්ට-සාෆිට කළා වගේ මගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න වැලිකඩ හිරගෙදරට ගිහින් කුමන්ත්‍රණයක් කරලා! හිටපු ඇමැතිවරයෙක් සම්බන්ධයි! චෝදනා තියෙන අස්ලම් කියලා කෙනෙක් සම්බන්ධයි! පාස්කු ප්‍රහාරයේ චූදිතයාට අනිසි බලපෑම් කළා කියලා ඒ පැත්තෙනුත් උසාවියට කරුණු වාර්තා කරලා! පාර්ලිමේන්තුවේදී කිව්වා වගේම මුජිබර් CID එකට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත් අහපු ප්‍රශ්නයට මුදල් නියෝජ්‍ය ඇමති කියනවා මිනිහෙක්ට දවසක් ජීවත් වෙන්න රුපියල් 550ක් ඇත් කියලා..! මුජිබර් කෑම වේලක ගණන් හිලව් එක්කම කියනවා..! නියෝජ්‍ය කතානායකතුමාටත් හිනා..! VIDEO I Sri Lanka Latest News

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News
Exclusive

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News

Exclusive

අමෙරිකන් නියෝජිතයන් ලංකාවට ඇවිත් අනුර එක්ක කතා කළේ මොනවද? ඉදිරිපත් කළ යෝජනා මොනවාද? අන්තිම තීන්දුව මොකද්ද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

දිලිත්ගෙ කොම්පැනියකට අනුරගෙ ආණ්ඩුවෙන් ටෙන්ඩර් එකක් දීලා! දැන් අපිත් දන්නේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති අනුරගේ කලිසම ඔළුවෙන් ගලවන්න බලන් ඉන්න දෙරණේ දිලිත් ජයවීර..! දැන් බලන්න ඉම්මු ඕක කොහොමද වෙන්නෙ කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා! විපක්ෂ නායක ආණ්ඩුවේ කතාවයි කෙරුවාවයි මතක් කරයි! I Sri Lanka Latest News

අප රට මැතිවරණ කාලයේ දී සංවර්ධනයේ පාරාදීසයක් වන නමුත් බලය ලබා ගත් පසු බොරුවේ පාරාදීසයක් වන බවත් වත්මන් රජය මැතිවරණ...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාව බලයට ඇවිත් කරපු වෙනස ගැන නාමල් ආණ්ඩුවට දාපු නෝන්ඩිය! I Sri Lanka Latest News

රිෂාඩ්ට-සාෆිට කළා වගේ මගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න වැලිකඩ හිරගෙදරට ගිහින් කුමන්ත්‍රණයක් කරලා! හිටපු ඇමැතිවරයෙක් සම්බන්ධයි! චෝදනා තියෙන අස්ලම් කියලා කෙනෙක් සම්බන්ධයි! පාස්කු ප්‍රහාරයේ චූදිතයාට අනිසි බලපෑම් කළා කියලා ඒ පැත්තෙනුත් උසාවියට කරුණු වාර්තා කරලා! පාර්ලිමේන්තුවේදී කිව්වා වගේම මුජිබර් CID එකට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අහපු ප්‍රශ්නයට මුදල් නියෝජ්‍ය ඇමති කියනවා මිනිහෙක්ට දවසක් ජීවත් වෙන්න රුපියල් 550ක් ඇත් කියලා..! මුජිබර් කෑම වේලක ගණන් හිලව් එක්කම කියනවා..! නියෝජ්‍ය කතානායකතුමාටත් හිනා..! VIDEO I Sri Lanka Latest News

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News

මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News

මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.