කඩවසම් පෙනුමකින් මෙන්ම දක්ෂතාවයෙන්ද පිරිපුන් ඔහු, මේ දිනවල ‘ඔබ ඇවිත් යන්න එන්න’ ටෙලිනාට්‍යයේ ‘රමිත්’ගේ චරිතය හරහා සල්ලාල පෙම්වතෙකු ලෙස ප්‍රේක්ෂක හිත් හොරකම් කරමින් සිටිනවා. කෙටි කලකින් වේදිකාව, පුංචි තිරය වගේම සිනමාවත් එකවර ජයගන්නට වාසනාව උදා කරගත් ඔහු, ළඟදීම උදයකාන්ත වර්ණසූරියගේ ‘මේඝ වර්ෂාවෙන්’ රිදී තිරයටද පියනැගීමට සූදානම් වේ. නව පරපුරේ මේ ආකර්ෂණීය රංගන ශිල්පියා, ඕදාත හංසකයි. ඉතින්, ‘හාට්’ අපි අද අපේ කතාබහට ඔහුව මේ අයුරින් සම්බන්ධ කරගත්තා.Sri Lanka Latest News
ඕදාත මේ දිනවල ගොඩක් සතුටින් වගේ?
ඔව්. ගොඩක් සතුටින් කලා කටයුතු සහ මගේ වැඩකටයුතු සමග කාලය ගතකරනවා.
මේ දිනවල කොහොමද ඕදාතගේ කලා කටයුතු?
‘ඔබ ඇවිත් යන්න එන්න’ ටෙලිනාට්‍යයේ මම ප්‍රධාන චරිතයක් රඟපානවා. සල්ලිකාර කෙල්ලෙකුට ආදරය කරන සල්ලාල කොල්ලෙක්ගේ චරිතයක්. ගොඩක් සතුටුයි. පළමු වතාවට පෙම්වතාගේ චරිතයක් රඟපාමින් ප්‍රේක්ෂක ආදරය ලබමින් ඉන්නවා. රමිත් චරිතයට ලැබෙන ප්‍රතිචාර හොඳයි.
පාසල් ප්‍රේමයත් මතක් වෙන්න ඇති චරිතය සමග හැඩහැගෙන කොට?
අතීතය මතක් කරන අත්දැකීම් තියෙනවා. පාසල් කාලයේදී මම ආදරය කරලා තියෙනවා. ඒක ඉතින් වයසත් එක්ක එන බැඳීමක්. ඒ බැඳීම් ඉතින් කාලයත් එක්ක නැතිවෙලා යනවා. හැබැයි ඉතින් ටෙලිනාට්‍යයේ වගේ බයික්වල ගිහින් ආදරය කරපු පාසල් කාලයක් මට තිබුණේ නැහැ.
මල් වෙඩිල්ලක් වගේ ඔබ එක පාරටම පත්තු වුණා?
ඒකට හේතුව ඔෂාන් ලියනගේ යටතේ මම නර්තනය හැදෑරුවා. අපි අවුරුදු උත්සවයේ ඩාන්ස් එකක් කළා. ඒක ගොඩක් වයිරල් වුණා. ඒ එක්කම 2024 හිරු කුමරා තරගාවලියේ මම දෙවැනි ස්ථානයට පත්වුණා. ඉතින් එකම කාලසීමාවක මේ දෙකෙන්ම ආපු ප්‍රතිචාරත් එක්ක මල් වෙඩිල්ලක් වගේ පත්තු වුණා.

‘මේඝ වර්ෂා’ කවදා දිගහැරෙයිද?
මේ අවුරුද්ද ඇතුළත බොහෝ දුරට මේඝ වර්ෂා ඇදහැලේවි. මම සම්බන්ධ වුණු පළමු සිනමා නිර්මාණය. එය උදයකාන්ත වර්ණසූරියගේ සිනමා නිර්මාණයක්.
මේ දිනවල එන එන වැඩ භාරගන්නවා ඇති?
ඔව්. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් නැහැ. මට ඉගෙන ගන්න මේ ක්ෂේත්‍රය ගැන ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා විවිධ චරිතවලට සම්බන්ධ වෙමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අලුත් නිර්මාණ දෙකකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. ඒ වැඩකටයුතු ළඟදී ආරම්භ වෙනවා.
මේ වනවිට ඔබට හැම පැත්තකින්ම ඔබේ දක්ෂතාව පෙන්වන්න අවස්ථා ලැබිලා තියෙනවා?
ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතා කෙටි කාලයක් තුළ වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව පැත්තෙන් මට මගේ දක්ෂතාව පෙන්වන්න අවස්ථාව ලැබුණා. ඒ, ඩී. කීරගලආරච්චිගේ ‘උරුවිසි’ වේදිකා නාට්‍යය හරහායි. ‘උරුවිසි’ මෙයට අවුරුදු තිහකට උඩදි වේදිකාගත කරපු නාට්‍යයක්. වේදිකා රංගනය මට වෙනස්ම අත්දැකීමක්.
වසන්ත විතාරණගේ











