ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි නිෂ්පාදනවල ඇති ක්‍රීම් සාරය, බේකරි කර්මාන්තයේ සහ සුපවේදය පිළිබඳ විශේෂඥයින්ගේ ඉහළ පැසසුමට ලක්විය. මෙරට ප්‍රමුඛපෙළේ බේකරිවල නිෂ්පාදනය කෙරෙන බේකරි නිෂ්පාදනවල රසය උසස් අන්දමින් ඉහළ නැංවීමට පැල්වත්ත නිෂ්පාදනවල රසය සහ සාරය භාවිත කෙරේ.
පැල්වත්ත සමඟ ඇති දිගු කාලීන හවුල්කාරිත්වය සහ සිය බේකරි නිෂ්පාදනවලට පැල්වත්ත නිෂ්පාදන මගින් හිමිවන අමතර ගුණාත්මක වටිනාකම් පිළිබඳව ෆැබ් ෆුබ්ස් ආයතනයේ සැපයුම් කළමනාකාර ප්‍රභාත් ගමලත්ගේ මහතා මෙසේ පැවසීය. “වසර 5ක් පුරා ෆැබ් ආයතනය පැල්වත්ත නිෂ්පාදන භාවිතා කර තිබෙනවා. එම නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ අපි බෙහෙවින්ම සතුටු වනවා. පැල්වත්ත නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳව වසර ගණනාවක් තිස්සේ කිසිදු ගැටලුවක් මතුවී නොමැති අතර මෙම හවුල්කාරිත්වය අප අඛණ්ඩව ඉදිරියට පවත්වා ගැනීමට බලාපොරොත්තුවනවා.
පැල්වත්ත පුළුල් කිරි නිෂ්පාදනයන් ගලදාරි හෝටලය සහ ජෙට්වින් බ්ලූ හෝටලය ඇතුළු බොහෝ තරු පන්තියේ හෝටල්වල ආහාර සැකසීම සඳහා භාවිත කෙරේ. එසේම ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන් සඳහා සපයනු ලබන පැල්වත්ත නිෂ්පාදනයන් පැල්වත්ත ගිතෙල්, ඉන්දියානු, ඉන්දුනීසියානු, මැද පෙරදිග සහ මැලේසියානු ආහාර බොහොමයක් සැකසීම සඳහා යොදා ගනී. එමගින් පැල්වත්ත නිෂ්පාදනවල බහුකාර්ය හැකියාවන් මැනවින් පෙන්නුම් කෙරේ.











