ශ්‍රී ලංකා ආධුනික ඔරු පදින්නන්ගේ සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම පසුගියදා බත්තරමුල්ල, තලංගම පිහිටි එම සංගම් මූලාස්ථානයේදී පැවැත්වීය. මෙහිදී වසර දෙකක සභාපතිත්වය දරනු ලැබූ රොහාන් ප්‍රනාන්දු මහතා එම තනතුරෙන් ඉවත් වීමත්, ඉන් අනතුරුව නව සභාපති වශයෙන් දිමුත් ගුණවර්ධන මහතා ප්රමුඛ නව නිලධාරී මණ්ඩලයක් තේරී පත්වීමද සිදුවිය.
හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පසුගිය වසර දෙක තුළ මෙම ආධුනික ඔරු පදින්නන්ගේ සංගමයේ වර්ධනය සඳහා ඉහළ දායකත්වයක් ලබාදීමට සමත් වූ අතර, එහිදී දියවන්නා ඔරුපදින්නන්ගේ සංගමයේ මූලස්ථානය සහ එම පරිශ්‍රය වර්තමාන තත්ත්වය දක්වා දියුණු කිරීමට, ජාත්‍යන්තර තලයේ කි.මී. 2ක දිගින් යුතු ඔරු ධාවනය කිරීමේ පථයක් නිර්මාණය කිරීම මෙන්ම එම කාලය තුළ ශ්‍රී ලංකාවට පළමුවරට ආසියානු තලයේ සිල්ව සහ ලෝකඩ පදක්කම් ලබාදීම වැනි ජයග්රහණයන් රැසක් හිමිකර ගැනීමට සමත් විය.
මෙහිදී සංගමයේ නව උප සභාපතිවරුන් ලෙස සිතිර වික්‍රමසේකර සහ කමාන්ඩර් චමින්ද විජේසිරි තේරී පත්වූහ. එහි ලේකම් වශයෙන් පසන් රණවීර තේරී පත්වන අතරවාරයේ උප ලේකම් වශයෙන් අනුෂ්කා තිසේරා පත්වූවාය. සංගමයේ නව භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික වශයෙන් පිළිවෙළින් චමන් ජයනෙත්ති සහ නලීන් සංජීව පීරිස් තේරී පත්විය.
මෙහිදී අදහස් දැක්වූ නව සභාපතිතුමන් කොවිඞ් -19 වසංගත තත්ත්වයත් සමග නවතා දැමීමට සිදුවූ පහුණුවීම් කටයුතු ලබන වසර මුල සිට සුපුරුදු පරිදි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රකාශ කළේය.











