• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මේරියන්ස් හින්දා තමයි මම ජනප්‍රිය වුණේ

September 5, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මේරියන්ස් හින්දා තමයි මම ජනප්‍රිය වුණේ
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය ප්‍රසංග වේදිකාවේ හිනිපෙත්තට නැඟි සංගීත කණ්ඩායම් කිහිපයකම නියාමක ගායකයකු ලෙස කෙනෙක්ට වැඩ කළ හැකි නම් ඔහුව අපට හඳුනාගත හැක්කේ සුවිශේෂී පුද්ගලයකු ලෙසයි. ප්‍රසංග වේදිකාව තුළ වේග රිද්මයේ ගීතයෙන් නොනැවතී හින්දි, ද්‍රවිඩ, බටහිර ගීත තමන්ටම අනන්‍ය වූ වෙනස්ම ආරයකින් ප්‍රේක්ෂකයා වෙත ගෙන යෑමේ විශේෂිත වූ හැකියාව ඇති නොයෙල් රාජ් තම ප්‍රසංග වේදිකාවේ මෙතෙක් පැමිණි වෙහෙස කර දිගු ගමන අප හමුවේ තැබුවේ මෙලෙසයි.
ඔබ මෙතෙක් ආ දිගු සංගීත ගමනේ මුල් පියවර සනිටුහන් වෙන්නෙ කොහොමද?
මම පාසල් ගියේ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයට. පාසලේ ඒලෙවල් කරන කාලයේදීම යාළුවො ටිකක් එකතුවෙලා අපි හදාගත්ත පොඩි බෑන්ඞ් එකක් ‘වෝරෑම්’ කියල. ඒ හදාගත්ත බෑන්ඞ් එකෙන් අපි පොඩි පොඩි උත්සවවලට සංගීත සැපයූවා. ඔය කාලෙ ඕකට අපේ ගෙවල්වලිනුත් පොඩි පොඩි බාධා ආවා. නමුත් අපිට මියුසික්වලට තිබුණ පිස්සුවට තමයි ඕක කරගෙන ගියේ.
බේස් ගිටාර් වාදකයෙක් වුණු ඔබ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්නෙ ගායකයෙක් විදිහට?
ඉස්කොලෙන් අවුට් වෙලා අපි හදාගත්ත බෑන්ඞ් එකේ ප්ලේ කරන කාලෙදිම තමයි මාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ ‘ඊගල්ස්’ බෑන්ඞ් එකට සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නෙ. ඒකෙන් පාස්වෙලා මට ඊට පස්සෙ ‘ඊගල්ස්’ කණ්ඩායමේ නිත්‍ය ගායකයෙක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම බේස් ගිටාර් එක අත්හරින්න වුණේ නම් සින්දු කියන ගමන් ගිටාර් ගහන්න තිබුණ අපහසුව හින්ද. මොකද මම ගොඩක්ම ගායනා කළේ බටහිර ගීත. ඒ ගීත වාදනය කරන ගමන් කියන්න තිබුණ අපහසුව තමයි ගිටාර් එක අත්හරින්න හේතු වුණේ.
හැබැයි ඔබව ගායකයෙක් විදිහට රටම හඳුනගන්නෙ මේරියන්ස් හරහා?
ඇත්තටම මේරියන්ස් හින්ද තමයි මගේ නම ජනප්‍රිය වෙන්නෙ. මම ඊගල්ස් සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා ටික කලක් විදෙස්ගත වෙලා ඉඳල ආපහු ලංකාවට ආවට පස්සෙ ඊගල්ස් සංගීත කණ්ඩායමේ මාත් එක්ක වැඩ කළ සුමිත් ප්‍රියංකර හරහා තමයි මට නලින් පෙරේරාව හඳුනගන්න ලැබෙන්නෙ. ඊට පස්සෙ නලින් පෙරේරා කරන යෝජනාවකට අනුව තමයි මම හින්දි ගීත, දෙමළ ගීත ගායනා කරන්න පටන් ගන්නෙත්. ඔය විදිහට මම මේරියන්ස් එක්ක අවුරුදු 5ක් වැඩ කළා.
නම හදාගත්තට පස්සෙ ඔබ මේරියන්ස් අත්හරිනව?
නෑ. මම මේරියන්ස් එකෙන් අයින් වුණේ ඔවුන් එකපාරට කොන්සට් ප්ලේ කරන්න ගත්ත. ඒ හින්ද මට ඇතිවුණ ආර්ථික අපහසුතාත් එක්ක තමයි මම නලින්ට කලින්ම කරුණු පැහැදිලි කරල දීල තමයි මේරියන්ස් එකෙන් අයින් වුණේ. අනිත් එක තමයි මම මේරියන්ස් එකෙන් අයින් වෙලා වැඩ කළේ පොඩි බෑන්ඞ් එකක් එක්ක.
ඔබේ ජීවිතයේ සුවිශේෂීම කාලය එළැඹෙන්නෙ ඊට පසුව?
ඇත්තටම ඊට පස්සෙ තමයි මට සන්ෆලවර් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ. මම පොඩි බෑන්ඞ් එකත් එක්ක වෙඩින් එකක ප්ලේ කරනව නීල් අයිය දැකල තමයි සන්ෆලවර් එක්ක එකතු වෙන්න කියල මට ආරාධනා කළේ. ඊට පස්සෙ මම සන්ෆලවර් එක්ක වෙඩින් දෙකක විතර වැඩ කළාට පස්සෙ තමයි සන්ෆලවර් එක්ක නිත්‍ය සාමාජිකයෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තෙ.
ඔය වෙනකොට සන්ෆලවර් එකේ හිටිය ගායකයන්ගෙන් ඔබට ප්‍රශ්න ඇතිවුණේ නැද්ද?
මම යනකොට සන්ෆලවර් එකේ ක්‍රිස්ටෝපර් ලියනගේ හිටිය, බණ්ඩාර මංතිලක වගේ අය ගායකයො විදිහට වැඩ කළේ. නමුත් ඒ කිසිවකුගෙන් මට ප්‍රශ්නයක් ඇතිවුණේ නෑ. අනිත් එක තමයි එතන හිටිය අයට වැඩිය මගේ ගායන ස්ටයිල් එකේ සහ ගීතවල වෙනසකුත් තිබුණ. අපි ඔක්කොම ඉතාම සුහදව තමයි සන්ෆලවර් එක්ක වැඩ කළේ. මම බෑන්ඞ් ගොඩක වැඩ කරල තිබුණත් මගේම ගීත තුනක් එළිදක්වන්න ලැබෙන්නෙ 2001දි. ඒ ‘මහසයුරේ’, ‘මගේ ජීවිතේ’, ‘ආදරියේ නටන්න’ කියන ගීත. ඉතින් ඒකත් මගේ ජීවිතේ අමතක කරන්න බැරිම සිදුවීමක්.
ඔබ ඉතාමත් ජනප්‍රිය ඔය කාලෙ වෙන බෑන්ඞ්වලින් ආරාධනා ආවෙ නැද්ද කඩාගෙන එන්න කියල?
නෑ. මොකද සංගීත ක්ෂේත්‍රයේ හැමෝම ඒ වෙනකොට දැනගෙන හැටිය මගෙයි සන්ෆලවර් අතරයි තියෙන්නෙ කඩන්න බැරි බැඳීමක් කියල.
සන්ෆලවර් එක්ක ඔය තරමට තදින් තිබුණු බැඳීම කැඩෙන්නෙ කොයි විදිහටද?
ඇත්තටම මම සන්ෆලවර් එකෙන් අයින් වුණේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් මත. මම සන්ෆලවර් එකෙන් අයින් වුණෙත් ආයෙත් කිසිම බෑන්ඞ් එකකට සම්බන්ධ වෙන්නෙ නෑ කියල හිතාගෙන. ගායකයෙක් විදිහට වැඩ කරන බලාපොරොත්තුවෙන් තමයි මම අයින් වුණේ.
බෑන්ඞ් එක්ක වැඩ කරන්නෙ නෑ කියල සන්ෆලවර් එකෙන් අයින් වුණු ඔබ ඒත් එක්කම ‘සනිධප’ සංගීත කණ්ඩාමේ වැඩ කරන්න පටන් ගන්නව?
මම සන්ෆලවර් එකෙන් අයින් වුණු ආරංචිය ගිහිල්ල සංගීත් මට සුමානයක් ඇතුළත කතා කළා. ඊට පස්සෙ ඔහුත් එක්ක දීර්ඝ වශයෙන් මගේ තියෙන ප්‍රශ්න සහ මට වැඩ කරන්න ඕනෙ විදිහ ගැන කතා කළා. එතකොට ඔහු කිව්ව මට ගැලපෙනම බෑන්ඞ් එක ‘සනිධප’ අපිත් එක්ක වැඩ කරමු කියල. ඔහුගෙන් ලැබුණු ඒ ආරාධනයත් එක්ක තමයි මම ‘සනිධප’ බෑන්ඞ් එකත් එක්ක වැඩ කරන්න පටන් ගන්නෙ.
ඔය විදිහට ‘සනිධප’ එක්ක අවුරුදු 9ක් වැඩකළ ඔබට සංගීත් ‘වායෝ’ බෑන්ඞ් එක හදද්දි කතා කළේ නැද්ද?
ඇත්තටම සංගීත්ට උවමනාවක් තිබ්බ මාව වායෝ බෑන්ඞ් එකට ගෙනියන්න. ඒත් සනිධප කඩාගෙන මායි සංගීතුයි දෙන්නම අයින් වුණාම ඇතිවෙන හිඩැස වහගන්න බැරි වෙයි කියන හේතුව මත තමයි මම සනිධප එක්ක දිගටම වැඩ කළේ.
ලංකාවෙ ජනප්‍රියම බෑන්ඞ් ගණනාවක වැඩ කරන ඔබ අන්තිමට නතර වෙන්නෙ තමන්ගෙම බෑන්ඞ් එකක් පටන් අරගෙන?
මගේ ඒ කාලෙ ඉඳලම හීනයක් තිබ්බ එකොස්ටික් බෑන්ඞ් එකක් පටන් ගන්න. ඉතින් සනිධප එකෙන් අයින් වෙනවත් එක්කම මම හිතුව මේක තමයි වෙලාව ඒ වැඬේ කරන්න කියල. ඒ අනුව තමයි මම වසර තුනකට කලින් ‘නොයෙල් රාජ් විත් මෙම්බර්ස්’ කියන සංගීත කණ්ඩායම පටන් ගත්තෙ. මේ වෙනකොට ඉතාම හොඳින් අපේ සංගීත කණ්ඩායමේ වැඩ කරගෙන යනවා.
ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?
මම මේ වෙලාවෙ අවධානය යොමු කරන්නෙ මගේ තනි නිර්මාණවලට වැඩිය බෑන්ඞ් එකක් විදිහට කරන නිර්මාණ ගැන. ඉතින් අපේ බෑන්ඞ් එකේ අලුත් වෙනස්ම නිර්මාණයක් ඉදිරියෙදි දැකගන්න පුළුවන් වෙයි. ඊට අමතරව සැප්තැම්බර් මාසෙ 20 වැනිදා වේයන්ගොඩ අනුර බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදි අපේ පළමුවැනි ඉන්ඩෝ කොන්ස්ට් එක කරන්නත් මේ වෙනකොට සියලුම වැඩ සංවිධානය කරලයි තියෙන්නෙ.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

ගල්උල් පසුකර ලේසර් යුගයට

Next Post

ශ්‍රී ලංකා ආධුනික ඔරු පදින්නන්ගේ සංගමයේ හබල දිමුත්ට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.