• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගල්උල් පසුකර ලේසර් යුගයට

September 5, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ගල්උල් පසුකර ලේසර් යුගයට
Share on WhatsAppShare on Facebook

ඈත අතීතයේ ජීවත් වූ මුල්ම ජීවීන් කොටස ශරීරයෙන් ආලෝකයක් නිකුත් කරමින් දිවිගෙවූ බව බුද්ධ දේශනාවේ සඳහන්ය. කාලයාගේ ඇවෑමෙන් මොවුන් සූර්යාලෝකයට අනුරූපව වෙනස් විය. නානාවිධ ප්‍රදේශයන්ගේ පසේ වෙනස් බව විවිධ මානවයින් බිහි වීමට හේතුකාරක වන්නට ඇත. අදින් වසර මිලියන දහයකට පමණ පෙරාතුව පොළොවෙහි ඇති වූ කම්පනය මානව වර්ග ප්‍රස්තුතයට දැඩි බලපෑමක් එල්ල කළ බව නොරහසකි. නූතන මානවයා හෝමෝසේපියන්ට් මානවයාට නෑකම් කියන බව ඔබත් මමත් හොඳින් දන්නා කරුණකි. නමුත් මෙම මානවයාට පෙර තවත් මානව වර්ග කිහිපයක් මෙපොළොව මත විස්කම් පෑ යුරු ඔබ නොදන්නවා විය හැකිය.

වසර මිලියන ගණනකට පෙර ඇති වූ ව්‍යසනයෙන් දිවි ගලවා ගත් වානරයින් දෙවර්ගයකි. වනාන්තර වානරයා වූ කලී තම ගෝත්‍රයේ හුරු පුරුදු එපරිද්දෙන්ම අනුගමනය කළ පිරිසයි. සැවානා වානරයින් එසේ නොවීය. තම ජීවිතය දේශගුණික විපර්යාසයන්ට අනුව වෙනස් කරගත් මොවුහු ගස්වල කොළ, පොතු, ගෙඩි අහර ලෙස ගනිමින් ගස් මුදුන්වලට කොටුව ජීවත් වූහ. කුසට මෙම ආහාර ප්‍රමාණවත් නොවීම නිසා කුසගින්න දරාගත නොහැකිව ගෝත්‍රයේ පිරිස් මරමුවට යන්නට විය. දියුණු භාෂා රටාවකට හිමිකම් කීමට අපොහොසත් වූ සැවානා වානරයින් ආහාර මත පදනම්ව පෙර කිසිදිනෙක නොකළ දේ කිරීමට යොමු වීම සුවිශේෂී වන්නකි. දෙපා හා දෙඅත් පොළොව මත තබමින් ගමන් කළ මොවුන් පසු පාදයන්ගෙන් නැඟී සිටීමට යොමු වීමත් සමඟ ඔරෝරන් නමින් අර්ථ ගන්වන්නට විය. ආහාර සොයා වනයෙන් වනයට පිය මනින ඔරෝරන් මානවයා දෙපයින් නැගී සිටි මුත් තියුණු උල් දත් සහිත මෘගයන්ගේ ගොදුරු බවට පත් වන්නේ සටන් කලාව පිළිබඳ දැනුමේ වන හීනභාවය නිසාය. මෘගයන් තම ඉදිරියට එනවාත් සමඟ සැඟවෙන්නේ කෙසේ හෝ දිවිය සුරක්ෂිත කර ගැන්මටය. මුමායි මානවයා ඔරෝරන් මානවයා සේම දෙපයින් සිට ගත් පිරිසකි. මෙම මානවයින් දෙපිරිසම කැලිකෝපයන් වැනි සතුන් සමඟ මනා සබඳතාවක නිරත වූ නමුත් හඬ පමණක් නිකුත් කරන ලද හෙයින් ආවේණික භාෂාවද එයම විය. භාෂාවක් නොමැතිව සබඳතා පැවැත්වූයේ කෙසේද යන්න පැන නඟින ගැටලුවක් වුවත් ඉඟි බිඟි හා හඬ ඔවුනොවුන් අතර සබඳතාවයට ප්‍රමාණවත් වූ බව සිතිය හැක.

ඔමොනොයික් මානවයා ඇනෙමෙන්සස් මානව වර්ගයට අයත් වූ අතර වනාන්තර විනාශ වී යාමේදී මොවුන්ට සුරක්ෂිත වීමට හැකි වූහ. අවස්ථාවාදී පිරිසක් වූ මොවුන් සෑම විටෙකම අනෙකාගෙන් උදුරා ගෙන කන්නට සමත් විය. හෝමෝ හැබිලිස්ට් මානවයා තරමක් විශාලව පිහිටි මොළයකට උරුමකම් කියන්නා සේම අභියෝගයන්ට මුහුණදීමේ ශක්තියෙන්ද යුක්ත විය. අත් හා දත්වලින් කැපීමට නොහැකි දෑ ගල් පතුරු යොදා ගෙන කැබලි කිරීමට මොවුන්ට හැකි විය. එය දඩයමට ඈඳා ගනිමින් සාර්ථකව කුස පුරවා ගන්නට මොවුන් සමර්ථ වීම මානව වංශ කතාවෙහි කැපී පෙනෙන්නකි. විශාල සතුන් සමඟ සටන් කිරීම, තම ගෝත්‍රය සුරක්ෂිත කිරීම යනාදිය පදනම් කරගෙන කණ්ඩායමක් ලෙස ජීවත් වීමට ප්‍රියතාවයක් දැක් වූ පිරිස හෝමෝ අගාස්ටර් නම් විය. සැලසුම්සහගතව උගුල් අටවා ගොදුර සොයා ගන්නට සමත් වූයේ මොවුන්ය. මානවයාගේ විශිෂ්ටතම සොයා ගැනීම ලෙසින් සලකන්නේ ගින්දරයි. හෝමෝ ඉරෙක්ටස් ගින්දර සොයා ගත්තා පමණක් නොව එය යොදාගෙන අවි ආයුධ සම්පාදනයත්, දරුණු සතුන් සමඟින් මුහුණට මුහුණ සටන් කරන්නටත් යොමුවිය. කණ්ඩායමක් ලෙස ජීවත් වන අතරවාරයේ දින ගණන් වනයේ සරමින්, දඩයමක් සොයා ගෙන, ගෙනැවිත්, ගිනිමැලයක් බැඳ, දඩයම කළයුරු රඟ දැක්වූයේ මනහර අයුරෙන් බව ඉතිහාසයේ සඳහන්ය. ආංගික අභිනය ප්‍රභවය ලබන්නේ මෙම අවස්ථාවේදීය. වත්මන් මානවයාට සමීප සබඳතාවක් දක්වන නියැන්ඩතාල් මානවයා අදෘශ්‍යමාන බලවේග හා වෙසෙසින් බද්ධ විය. හෝමෝ සේපියන්ට් මානවයා නූතන මානවයාගේ පැරණියා ලෙසින් අර්ථකථනය කරන අතර ඔවුන් පෙරකී මානවයන්ට වඩා කැපී පෙනෙන්නේ දියුණු භාෂා රටාවකට හිමිකම් කියන නිසාවෙනි. වත්මන් මානවයා හෝමෝ සේපියන්ට් මානවයා හා සමීප වුවද ඊට පෙර මේ පොළොව මත විස්කම් පා පොළොවට පස් වූ මානව වර්ග රැසකි. මේ පිළිබඳව අවධානය වැදගත් වන්නේ ඉතිහාසය යන්න අමතක කර අනාගතය ලිවීමට වෙහෙසෙන නූතන පරපුර නිසාමය. මානව වංශ කතාවෙන් සුඹුලක් මෙසේ ගෙනහැර දැක්වීමට හැකි වන්නේය.

සඳුනි අරවින්දිනී

SendShareShare
Previous Post

OPPO ලංකාවට ඇවිත් අවුරුදු 5යි

Next Post

මේරියන්ස් හින්දා තමයි මම ජනප්‍රිය වුණේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.