• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

June 7, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලවකවානුවේදී මෙම ඇමෙරිකානු තීරුබදු ප්‍රශ්නයට ලංකාවට මුහුණ දීමට සිදුවූ විට එය සැනසුම් සුසුමක් හෙළිය හැකි මට්ටමට අඩුකර ගැනීමට විශාල සටනක් ගෙන ගියේ වෙන කවුරුවත් නොව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කළ මහින්ද සමරසිංහ මහතාය. ට්‍රම්ප් විසින් මුල් අවස්ථාවේ ලංකාවට 44%ක තීරුබද්දක් යෝජනා කළද, පසුව මහින්ද සමරසිංහ වොෂින්ටනය සමග සාකච්ඡා කොට එම තීරුබදු ප්‍රමාණය 20% දක්වා පහළ දමාගැනීමට කටයුතු කොට තිබිණි. 2019 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ මහින්ද සමරසිංහ එම මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී ඇමෙරිකානු තානාපති ධුරය භාරගැනීමට තීන්දු කළේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුවය. ඒ අනුව ගෝඨාගේ පාලන සමයේදී පැමිණි කොවිඩ් අර්බුදයෙන් සහ ඉන් අනතුරුව මතුවූ ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීම සඳහා ඇමෙරිකානු තානාපතිවරයා වශයෙන් මහින්ද සමරසිංහ අමෙරිකාවේ සිට විශාල කාර්යභාරයක් සිදුකළේය. එහි ප්‍රතිඵලය වූයේ ගෝඨා බලයෙන් පහ කිරීමෙන් පසු පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාද මහින්ද සමරසිංහව තවදුරටත් ඇමෙරිකානු තානාපතිවරයා වශයෙන් එම ධුරයේ තබාගැනීමය. රනිල්ගෙන් පසු බලයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා පවා අතිමහත් බහුතරයක් වූ තානාපතිවරුන් ලංකාවට කැඳවීමට කටයුතු කළද, මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ තැබීමට තීරණය කළේ ඔහු විසින් සිදුකළ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල සාර්ථකභාවය මුල් කරගෙනය. ඇතැම් අවස්ථාවලදී ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ වසන්ත සමරසිංහ පවා මහින්ද සමරසිංහ සිදුකළ මෙහෙය අවඥාවෙන් යුතුව හෑල්ලුවට ලක්කරද්දී ජනාධිපතිවරයා පෞද්ගලිකවම පාර්ලිමේන්තුවට පැමිණ මහින්ද සමරසිංහව ආරක්ෂා කිරීමට කටයුතු කළේ ඔහු ඉතා දක්ෂ අයුරින් සිය රාජකාරිය සිදුකොට තිබීම නිසාය. එමෙන්ම ලංකාවට එරෙහිව බටහිර රටවල් විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ලංකාව සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනාව මුල් කරගෙන යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඡන්දයක් මගින් එම යෝජනාව පරාජයට පත්කිරීමට මූලිකත්වය ගත්තේද එවක විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මහින්ද සමරසිංහය. නමුත් දැන් ඇති ප්‍රශ්නය වී ඇත්තේ මහින්ද සමරසිංහ ඇමෙරිකානු තානාපති ධුරයෙන් ඉවත් වන බවට වූ ලිපිය දැනටමත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබීමය. එම ලිපියේ සටහන්ව ඇත්තේ ජූලි 31 වනවිට තමන් ඇමෙරිකානු තානාපති ධුරයෙන් ඉවත්ව ලංකාවට පැමිණෙන බවය. ඒ අනුව දැන් මතුව ඇති ප්‍රශ්නය වී ඇත්තේ මහින්ද සමරසිංහ ඇමෙරිකානු තානාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මෙවැනි අර්බුද විසඳා ගැනීමට ලංකා ආණ්ඩුව කටයුතු කරන්නේ කෙසේදැයි කියාය. මහින්ද සමරසිංහ වෙනුවට එම තනතුරට පත්කරන්නේ කවුරුන්දැයි කියාය.Sri Lanka Latest News

අන්තිමට ගහපු ගේම

අවසන් වතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලංකාව ඉලක්ක කරගෙන 44%ක තීරුබද්දක් පැනවීමට කටයුතු කරද්දී එය 20% දක්වා අඩුකර ගැනීමට කටයුතු කළේ වෙන කවුරුවත් නොව මහින්ද සමරසිංහය. එහිදී වාචිකව එම එකඟතාවන්ට එළඹුණද එය ගිවිසුමක් දක්වා ගෙනයන තැනට වූ කටයුතු පසුගිය කාලයේදී අවසන්ව තිබුණේ නැත. විශේෂයෙන්ම බංග්ලාදේශය ජන අරගලයකින් පසු හිටපු අගමැතිවරිය රටින් පන්නා දැමීමේ පසුබිමක පවා බංග්ලාදේශ ආණ්ඩුව ඇමෙරිකානු රජය සමග සාකච්ඡා කොට එරටට පැනවූ 20%ක තීරුබද්ද ගිවිසුමක් දක්වා රැගෙන යාමට කටයුතු කොට තිබිණි. නමුත් ලංකාව ඇමෙරිකාව විසින් පනවා තිබූ ඇතැම් කොන්දේසිවලට එකඟ නොවීම මත එම සාකච්ඡා දිගින් දිගටම ඇදෙමින් පැවැති ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් මහින්ද සමරසිංහ රට වෙනුවෙන් අවසන් වරට කළ මෙහෙයුම වී තිබුණේ එම 20%ක තීරුබදු පැනවීම පිළිබඳ සාකච්ඡා සාර්ථකව අවසන් කොට එය ගිවිසුමක් දක්වා ගෙනයෑමට කටයුතු කිරීමය. ඒ අනුව පසුගිය සතිය වනවිට මහින්ද වොෂින්ටනය සමග සාකච්ඡා කොට එම ගිවිසුම්වලට අස්සන් තැබීමට දින වකවානු පවා වෙන්කර ගැනීමට සමත්ව සිටියේය. ඒ අනුව ලබන ජූලි 20 වැනි දිනට ප්‍රථම ඊට අස්සන් තැබීමට හැකිවනු ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

නමුත් මහින්ද සිය තනතුරෙන් ඉල්ලා අස්වී ලංකාවට පැමිණි පසු තත්ත්වය කුමක් වනු ඇද්ද? ඇමෙරිකාව විසින් ලංකාවට එරෙහිව යෝජනා කොට ඇති 12.5%ක නව තීරුබද්ද සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය සමග සාකච්ඡා ආරම්භ කරන්නේ කවුරුන්ද? මහින්ද කළාක් මෙන් එම තීරුබදු ප්‍රතිශතයද අඩුකර ගැනීමට අලුත් තානාපතිවරයාට හැකියාව ලැබෙයිද? එසේ නොවුණහොත් ලංකාවට බරපතළ අපනයන අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. බොහෝ ආර්ථික විශ්ලේෂකයන් ලංකාවේ නැවත ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති පසුබිමක කොරේ පිටට මරේ කියන්නාක් මෙන් ට්‍රම්ප්ගේ මෙම නව බද්දද ලංකාවේ කර මතට වැටුණහොත් ලංකාවේ අනාගතය කුමන අතකට පෙරළෙනු ඇත්දැයි දැන්ම තියා කිව නොහැකිය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Next Post

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

MORE NEWS

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

Load More
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ඒ වෙනකොටත් වෙසක් පෝය ඉවර වෙලා නෑ. වෙසක් හඳ අවපසට හැරෙන්න පටන් අරගෙන. රෑ අහසට එහෙන් මෙහෙන් එන අඳුරු වලාකුළු...

Read more
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.