රුපියල් තිස් හත් ලක්ෂ පනස් දහසක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යෑමට තැත් කළ විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු 05/25 දින රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
මොවුන් අවුරුදු 30 , 35 සහ 40 යන වයස් සීමාවල පසුවන චීන ජාතික ව්‍යාපාරිකයන් තිදෙනෙකි.
ඔවුන් 05/25 දින රාත්‍රී 09.55 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ , චීනයේ නිෂ්පාදිත දුම්වැටි 25,000 ක තොගයක් අඩංගු, දුම්වැටි කාටූන් 125 ක් සගවා ගෙන තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන, මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.












