• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

පාර්ලිමේන්තුවේ ලිස්සන තීන්ත ගෑවේ මහින්ද වට්ටන්නද රනිල් වට්ටන්නද?

August 31, 2019
in Politics
Reading Time: 1 min read
A A
පාර්ලිමේන්තුවේ ලිස්සන තීන්ත ගෑවේ මහින්ද වට්ටන්නද රනිල් වට්ටන්නද?
Share on WhatsAppShare on Facebook

මේ ලියන්න යන්නෙ කිසිසේත්ම දේශපාලන කතන්දරයක් නෙවෙයි. ඒ නිසා,
“ඔය දේශපාලනේ අපිට අප්‍රසන්නයි” කියලා හිතන කිසිම කෙනෙක් මේක නොකියවා ඉන්න එපා. මොකද මේක දැක්ක ගමන්ම මම දන්නවා ඔබට හිතෙන්න පටන් ගන්නවා මේ ලියලා තියෙන්නෙ දේශපාලනය ගැන කතාවක් කියලා.
හැබැයි එකක්, මේ දේශපාලනය ගැන කතාවක් නොවුණට දේශපාලකයන්ගෙ කතාවක්. ඒ නිසා මේකෙ අගමුල හොයන්න පාර්ලිමේන්තුවට රිංගන්න වෙනවා. ඒ නිසා වුණේ මොකක්ද කියලා ඔක්කොටම කලින් කියලා ඉන්නම්.
දවසක් දා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, ඇමැතිවරු, හිටපු ඇමැතිවරු, අගමැතිතුමා, කතානායකතුමා, හිටපු ජනාධිපතිතුමා, විපක්‍ෂ නායකතුමා වගේ වෙන්ඩ ඇමැතිවරු එහෙමත් පාර්ලිමේන්තු ආවා. ඒ රට හදන අවංක චේතනාවෙන්. දැන් අර ඉස්සර වගේ එක එක විචිත්‍රාංග නැති නිසා පාර්ලිමේන්තු සැසිය නැඟලා යන්නෙ නැහැ. මතකද දන්නෙ නැහැ. ඉස්සර එහෙම නෙවෙයි. අපේ රටේ දක්‍ෂ දේශපාලකයො ඒ දවස්වල ජනතාවගෙ රසාස්වාදය උදෙසා මිරිස් කුඩුවලින්, කොකාකෝලා මැව්වා, ටෙලිෆෝන් එකෙන් අත කපාගෙන පෙන්නුවා. සමහර වෙලාවට සංගීත පුටු තරගෙට ගියා. කුණු බක්කිවලින් වොලිබෝල් ගැහුවා. පොත්වලින් වෙන කරන්න දෙයක් නොදන්න නිසා අල්ලලා විසි කළා. සමහර වෙලාවට ඕමි ගැහුවා. රෑට නිදාගත්තා. පවිත්‍ර හඬින් හොරා හොරා කිව්වා. හරියට අවුරුදු කාලෙට එන කොහා වගේ. හැබැයි දැන් එහෙම නැහැ. ඒ නිසා එන යන එකත් ඒ තරම් උනන්දුවෙන් වුණේ නැහැ. එක පාරක් ලිෆ්ට් එකේ හිරවෙලා ඉතිපිසෝ ගාථාව කියපු අයත් දැන් බය නැතුව එනවනෙ. දැන් ඕන තරම් ලිෆ්ට් නෙ. හැබැයි එදා ආපු ගමන් තේරුනා නිකං තියපු අඩිය උස්සලා ඊළඟ එක තියන්න බැහැ වගේ ගතියක්. එක්කෙනෙක් දෙන්නෙක්ට ඕක වුණත් අනෙක් කෙනාට කියන්න ගියේ නැහැ. හැබැයි ටික වෙලාවකින් තේරුනා ලිස්සනවා කියලා.
දැන් ඔය ලිස්සනවා කිව්වම කාට කාටත් තේරෙනවා ඇතිනෙ. කොහොමටත් අපේ මැති ඇමැතිවරු ලිස්සලා යන්න හරි දක්‍ෂයි. බලන්නෙ කොහොම හරි ලිස්සලා යන්න. ඒ නිසා පාර්ලිමේන්තුවේ ලිස්සනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ටික වෙලාවක් යනකොට මේ ලිස්සන එක ඒ තරම්ම හොඳ දෙයක් නෙවේ කියලා තේරුණා.
මහින්ද රාජපක්‍ෂ මහත්තයා පාර්ලිමේන්තුවට එන කොටත් මේ ලිස්සිල්ල එහෙමමයි. ඒ නිසා වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමාලා ඈත තියාම මහින්දට කිව්වා.
“බලාගෙන ලිස්සයි” කියලා.
අපි මේ ගැන පාර්ලිමේන්තුවේ වගකිවයුතු නිලධාරියෙක්ගෙන් ඇහුවම එතුමා කිව්වා ලිස්සුවට තාම කවුරුත් වැටිලා නැහැ කියලා.
“හැබැයි මමත් ගිහිල්ලා ආවා. ලිස්සනවා නං තමයි” කියලා.
හැබැයි අපිට තියෙන ආරංචිවලට අනුව නම් මන්ත්‍රිවරුන් ඇතුළු පාර්ලිමේන්තු සේවකයන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් දැනට ලිස්සලා වැටිලා තියෙනවා. සමහරු පාර්ලිමේන්තුවේ වෛද්‍ය අංශයෙනුත් ප්‍රතිකාර අරගෙන තියෙනවා. තවත් සමහරු ආයුරුවේද ප්‍රතිකාරවලට පවා යොමුවෙලා තියෙනවා. ඒ අතර පාර්ලිමේන්තු සේවිකාවක් මෙතැනින් යද්දි අඩි උඩ සෙරෙප්පු ගලවලා යනවා කියලත් ආරංචියි.
දැන් ප්‍රශ්නෙ ඕක නෙවෙයි. රටේ නීති හදන උත්තරීතර ආයතනයේ වටපිටාවේ පහසුකම් ටිකවත් උත්තරීතර මට්ටමේ නැත්තං රට ගැන කවර කතාද.
මතක ඇතිනෙ වතාවක් ඔය පාර්ලිමේන්තුවෙම ලිෆ්ට් එක හිරවුණා. එහෙම ලිෆ්ට් එක හිරවෙන්නෙ කාගෙ වරදින් වුණත් අන්තිමට අපි ගෙවන්නෙ රටේ සල්ලිවලින්. රටේ සල්ලි කියන්නෙ කියවන ඔයාගෙයි ලියන මගෙයි තුට්ටු දෙකෙන් තට්ටු කරගන්න සල්ලිවලින්. පාං ගෙඩියෙන්, සීනි දෙසිය පනහෙන්, තේ කුඩු සීයෙන්, ගිනිපෙට්ටියෙන් ගෙවන බදුවලින්. ඒක සෙල්ලමක් නෙවෙයි. පළමු වැනි එකාගෙ වැඬේ හරියට කරගත්තෙ නැති වුණාම එක වැඬේ දෙකයි. සමහර වෙලාවට දෙකයි නෙවේ තුනයි. ඒ කියන්නෙ මුලින්ම වැඬේට ගියපු මුදල. ඊළඟට වැඬේ වැරැදුණු එක අයින් කරන්න යන මුදල සහ අලුතින් වැඬේ කරන්න යන මුදල. මතක තියාගන්න ඕවා ඔක්කොම යන්නෙ අපෙන්. එහෙම නැතුව වරද්දපු එකා ගෙදරින් ගෙනල්ලා නිවැරැදි කරන්නෙ නැහැ.
ඊළඟට මොකක්ද මේ ලිස්සන්න හේතුව. ඒ ගැන අපි හෙව්වා. කතාව මේකයි. ලිස්සන්නෙ අලුතින් ගාපු වැක්ස් එකක් නිසා. මේ වැක්ස් එක ගාන්නෙ නිකම්ම නිකං හිතිලා ඔන්න ඔහෙ ගාලා දාමු කියලා නෙවෙයි කියලයි අපි හිතන්නෙ. ඕවා ඉතින් මේ අපි අපේ නොදන්නකමට හිතනවද දන්නෙ නැහැ. ඒත් රටේ තියෙන ප්‍රධානතම ආයතන තුනෙන් එකක ඇණයක් ගහන්නත් අනුමැතියක් ඕන ඇති කියලා අපිට හිතෙනවා. අරලියගහ මන්දිරයයි, ජනාධිපති මන්දිරයයි, අලුත්කඬේ උසාවියයි, පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලයි රටේ තියෙන වැදගත්ම ආයතනනෙ. එතකොට කවුද මේ වැක්ස් එක ගෙනාවෙ? ආරංචි විදිහට මේ ලිස්සන සුළු වැක්ස් එක ලීටර් 4 කෑන් 50ක් ගෙනැත් තමයි ආලේප කරල තියෙන්නේ. ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණා මේ එක කෑන් එකක් රුපියල් 4650ක් වෙනවා කියලා.
අපි මේ ගැන අහන්න කීප දෙනෙක්වම සම්බන්ධ කරගන්න උත්සාහ කළා. එක වතාවක් අපි මේ පිළිබඳ දැනගන්න අදහසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්ජිනේරු අංශයට ඇමතුමක් ගත්තා. නමුත් අවාසනාවකට ඔහු කිව්වා මේ ගැන දන්නේ ඒ අංශය නෙවෙයි කියලා.
ඊට අදාළ අංශය විදියට ‘හවුස් කීපර්’ට කතා කරන්න කිව්වා. නමුත් ‘මව්රට’ අපි කිහිප වතාවක්ම උත්සාහ කළා මේ හවුස් කීපර්ව දුරකතනයෙන් සම්බන්ධ කරගන්න. මුලින් ඊට අදාළ ස්ථාවර දුරකතනයට ප්‍රධාන අංකය යටතේ ඇමතුම් ගත්තා. ඒත් ඒක සාර්ථක වුණේ නෑ. ඉන් පසුව අපි ඔහුගෙ ජංගම දුරකතන අංකය හොයාගෙන ඇමතුමක් ගන්න සෑහෙන උත්සාහයක යෙදුණා. නමුත් ඒ අංකය හරහාත් අපට හවුස් කීපර්ව සම්බන්ධ කරගන්න බැරිවුණා. ඒ නිසා අපි මේ ගැන කියැවෙන විවිධ ආරංචි ඔස්සේ ඉදිරියට ගියා.
දැනගන්න තියෙන විදියට රනිල්ලා, මහින්දලා, අනුරලා, සජිත්ලා, කරුලා අවදානමක දාපු මේ ලිස්සන සුළු කතන්දරේට වගකිව යුත්තන් ගැන පරීක්ෂණ ආරම්භ කරන්න කියලා කියල තියෙනවලු. හැබැයි එහෙමයි කියලා තවමත් සාර්ථක විසඳුමක් නෑ. වැරැදිකාරයෙක් හොයලා නෑ. මේ ලිස්සන සුළු වැක්ස් එක පිටරටින් ගෙන්වපු අය මේ වෙද්දී චීනෙට ගිහින් කියලත් කියනවා. ඒවායේ ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ.
කොහොම නමුත් තවම පරීක්ෂණ, පරීක්ෂණ මට්ටමේම තියෙනවා කියලයි ආරංචි. අපට නම් හිතෙන්නෙ මේවා මෙහෙම ලිස්සලා යන්න ඇරලා හරියන දේවල් නෙවෙයි. ඔය කට්ටිය ලිස්සුවට කමක් නෑ. අපේ සාක්කුවල තියෙන තුට්ටු දෙක ලිස්සන එකයි තියෙන ප්‍රශ්නෙ.
හැබැයි රටේ ජනතාවට තියෙන ප්‍රශ්නෙ ඕක නෙවෙයි.
වැක්ස් ගාලා ලිස්සන සුළු පොළොවක් හැදුවෙ
රනිල් වට්ටන්නද?
මහින්ද වට්ටන්නද?
නැත්නම් වෙන කාවහරි වට්ටන්නද? කියන එක.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

ලොන්තපෝල්ගේ නන්නපෝල් ඔට්ටුව

Next Post

කිසිම මාධ්‍යයක් වාර්තා ‌නොකරපු හිරුණිකා බය නැතිව කළ ‌හෙළිදරව්ව

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.