• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාලනී ෆොන්සේකා එක්ක කපල් ඩාන්ස් දාපු අපේ ජෙනරේෂන් එකේ එකම නළුවා මමයි…! හැම දේකින්ම ඈත්වෙලා පැත්තකට වෙලා හිටියා…! මට ඒවා හිතට දැනුණේ නැහැ… ඒ හින්දා රිජෙක්ට් කළා…! සචින් ලියනගේ I Sri Lanka Latest News

May 16, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මාලනී ෆොන්සේකා එක්ක කපල් ඩාන්ස් දාපු අපේ ජෙනරේෂන් එකේ එකම නළුවා මමයි…! හැම දේකින්ම ඈත්වෙලා පැත්තකට වෙලා හිටියා…! මට ඒවා හිතට දැනුණේ නැහැ… ඒ හින්දා රිජෙක්ට් කළා…! සචින් ලියනගේ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල විකාශය වන ටෙලිනාට්‍ය අතරින් ‘අහංකාර ආදරේ’ ටෙලියට විශේෂ ජනප්‍රියත්වයක් හිමිවෙලා තියෙනවා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. ඒ ලස්සනම ලස්සන ටෙලියේ වීරයට, එහෙමත් නැත්නම් සුරූපී තාරාට ආදරය කරන පෙම්වතාට එහෙමත් නැත්නම් වීරයාට රඟපාන්නේ ජනප්‍රිය ටෙලි මෙන්ම සිනමා නළු සචින් ලියනගේ.
ටික කාලයක් ටෙලි තිරයෙන් ඈත්වෙලා වාගේ හිටපු සචින් ආයෙම ආලින්දයේ සිනමාව පිනවන්න ටෙලි තිරයට ආවෙත් ‘අහංකාර ආදරේ’ ටෙලියෙනුයි. ඇයි සචින් ඒ විදියට ටෙලිවලින් ඈත්වෙලා හිටියේ? ටෙලිනාට්‍ය කිහිපයක්ම රිජෙක්ට් කරපු සචින් ‘අහංකාර ආදරේ’ ටෙලියෙන් ආයෙම රංගනයට එක්වුණේ ඇයි? අහන්න තියෙන ඒ හැම දෙයක්ම සචින්ගෙන්ම අහගන්න හිතාගෙනම ‘හාට්’ එකට ඔහුට ඇරයුම් කළා.

කොහොමද සචින් ඉතින් මේ දවස්වල ජීවිතේ?
ජීවිතේ සතුටින් ඔහේ ගලාගෙන යනවා. කලා කටයුතු අතර පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නවා.
‘අහංකාර ආදරේ’ ටෙලියට ප්‍රතිචාර බොහොමයිලු නේද?
ඔව්. හිතාගන්න බැරි තරමට ‘අහංකාර ආදරේ’ ප්‍රේක්ෂකයන් හරිම සතුටින් භාරගෙන තියෙනවා. හිතන විදියට මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම ටෙලි අතරින් ‘අහංකාර ආදරේ’ පළමු තැන ඉන්නවා.
තව අලුත් ටෙලියක සහ චිත්‍රපට කීපයක වැඩ අතරයි ඔබ මේ දවස්වල ඉන්නේ?
අලුත් ටෙලියෙ වැඩ නම් සම්පූර්ණයෙන්ම ඉවරයි. එය ළඟදීම විකාශය වේවි. චිත්‍රපට දෙකක වැඩකටයුතු ආරම්භ වුණා. ජුනි මාසය වනවිට එක් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ වෙනවා. එය ‘විසල් ආදරේ’ට පසුව මට ලැබෙන දෙවැනි චිත්‍රපටයයි. කොහොමත් ඒ චිත්‍රපට දෙකම 2027 වසරේදී තිරගත වේවි කියලා හිතනවා.
අලුත් ටෙලිය සහ චිත්‍රපට දෙක ගැන ටිකක් කතාකරමුද සචින්?
තවම ඒවට නම් දාලත් නැහැ. ඒවා කොහොම වෙයිද කියන්න දන්නෙත් නැහැ. ඒ නිසා අපි ඒ ගැන කතා කිරීම පසුවට කල් තබනවා නම් හොඳයි වගේ.
මෑතක් වනතුරු සචින් රංගනයෙන් මඳක් ඈත්වෙලා හිටියා?
පොඩි රිලැක්ස් එකක් ඕනෙ වුණා කියලා කිව්වොත් තමා හරි. හැම දේකින්ම ටිකකට ඈත්වෙලා පැත්තකට වෙලා හිටියා. ඇත්තටම කියනවා නම් ඒ රිලැක්ස් වීම තුළ මම මාව හොඳින් කියෙව්වා. මට ඕනෙ මොනවද කියන එක තේරුම් ගත්තා.
ඒ අතර ඔබ ටෙලි ඩ්‍රාමා කිහිපයක්ම රිජෙක්ට් කළා කියලත් ආරංචි වුණා?
ඒක ඇත්ත. ටෙලි පිටපත් කිහිපයක්ම රිජෙක්ට් කළා. මට ඒවා හිතට හරිගියේ නැහැ. දැනුණේ නැහැ. ඉතින් භාරගත්තේ නැහැ.
‘අහංකාර ආදරේ’ ටෙලි පිටපත භාරගත්තේ එය හිතට දැනුණු නිසාද?
හරියටම හරි. ‘අහංකාර ආදරේ’ ටෙලිය වෙනස් යමක් කරන්න පුළුවන් නිර්මාණයක් බව දැනුණා. ඒ නිසා රිලැක්ස් එකට තිත තියලා ‘අහංකාර ආදරේ’ ටෙලියේ අංජනගේ චරිතයට පණ දුන්නා.
ඔබ හිතුවා වගේම ‘අහංකාර ආදරේ’ ඔබටත් ප්‍රේක්ෂකයන්ටත් තදින්ම හිතට දැනුණා?
පළමු කොටසේ ඉඳලා ‘අහංකාර ආදරේ’ ඉතා ආදරණීය ආකර්ෂණීය ටෙලිනාට්‍යයක් වුණා. ප්‍රේක්ෂකයන් එය සතුටින් වැලඳ ගත්තා. ඒ වගේම කොහොමත් මට විශ්වාසයක් තියෙනවා ආදරවන්තයගේ චරිතය මට සාර්ථකව කරන්න පුළුවන් කියලා.


‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිය තුළද ඔබ අතිශයින්ම ජනප්‍රිය වුණේ ඒ නිසාද?
බොහෝවිට එහෙම වෙන්න ඇති. අනෙක එය පෙම්වතකු වගේම දුෂ්ටයාද අතර දිවෙන ද්විත්ව චරිත රංගනයක්. මම හිතන විදියට නිර්වාන්ටයි අනුත්තරටයි මම සාර්ථකව මුහුණ දුන්නා. නිර්වාන් අනුත්තරට වඩා හාත්පසින්ම වෙනස් චරිත නිරූපණයක්. බැල්ම, හිනාව, ගමන බිමන, කටහඬ ඒ හැම එකම වෙනස්නේ. ඒ වෙනස මම සාර්ථකව පටලවා ගැනීමකින් තොරව ඉදිරිපත් කළා. මහේෂ් රත්සර මද්දුම ආරච්චිට වගේම ධනුෂ්ක රත්නායකටත් මම අදටත් ස්තුති කරනවා මාව ඒ සඳහා තෝරාගත්තට.
‘විසල් ආදරේ’ චිත්‍රපටය ඔබට ලැබුණේ ‘කියාදෙන්න ආදරේ තරම්’හි රංගනය නිසයි?
අනිවාර්යයෙන්ම ඒක එහෙමයි. ඔවුන් ඒ චරිත රංගනය දිහා බලලා හිතුවා ‘විසල් ආදරේ’ පෙම්වතාගේ චරිත නිරූපණය මට පුළුවන්ය කියලා. අනෙක ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලියත් ඒ දවස්වල හුඟක් හිට් වෙලානේ තිබුණේ.
ඔබ වාසනාවන්තයි. ඔබේ පළමු චිත්‍රපටයත් අතිශයින්ම සාර්ථක වුණා?
ෆිල්ම් හෝල්වලට ප්‍රේක්ෂකයෝ එන්නේ නැති කාලෙකයි ‘විසල් ආදරේ’ ආවේ. ඒත් නොහිතූ විදියට විසල් ආදරේ වටා ප්‍රේක්ෂකයන් එක්රොක් වුණා.
බොහොමයක් ටෙලි නළුවන්ට හීනයක් වෙච්ච සිනමාව ඔබට හරි පහසුවෙන් ලැබුණා. එහෙම නේද?
නැහැ. ඒ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වැරැදියි. මම සිනමා රංගනයට ආවේ යම් ජර්නියක් හරහායි. කිසිවක් මට ලේසියෙන් ලැබුණේ නැහැ කියලයි මම හිතන්නේ.
ඔබ ඔබේ රංගන ජීවිතය ගැන තෘප්තිමත්ද?
මෙහෙමයි. මට ලැබෙන චරිත රංගනයට මම සාධාරණයක් කරනවා. ඒ වගේම හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් තියෙනවා චරිතාංග නළුවෙක් ලෙස සංකීර්ණ චරිත නිරූපණයකට මැදිවෙන්න. අන්න එහෙම අවස්ථාවක් ලැබුණු දවසට මම එවැනි චරිත රංගනයකට දායක වීම තුළ මට මා ගැන ලොකු සතුටක් දැනේවි.
එහෙම අවස්ථාවක් ලැබුණොත් ඔබ රඟපාන්න කැමැත්තක් දක්වන ප්‍රවීණයෙක් ඉන්නවද?
එහෙම දෙයක් ගැන නම් තවම හිතලා නැහැ. හැබැයි හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා සමග ටෙලියක හෝ චිත්‍රපටයක රඟපාන්න ආසාවෙන් හිටියා.
කනගාටුයි ඔබේ හීනය බොඳවී යෑම ගැන?
හීනය සම්පූර්ණයෙන්ම බොඳව ගියේ නැහැ කිව්වොත් හරි. මොකද කියනවා නම් චිත්‍රපටයක ටෙලියක රඟන්න බැරි වුණාට මම නිළි රැජින සමග වේදිකා රංගනයක යෙදුණා. ඔස්ටේ්‍රලියාවේ කරපු මියුසිකල් ෂෝ එකකදි තමයි ඒ අවස්ථාව ලැබුණේ. මාස එකහමාරක් අපි එහිදී එකට ඒ සංදර්ශනය වෙනුවෙන් එකම වේදිකාව බෙදාගත්තා. ඇය වැනි ප්‍රතිභාපූර්ණ සම්මානනීය ප්‍රවීණ රංගනවේදිනියක් සමග මම කපල් ඩාන්ස් එකකට සහභාගි වුණා. මම හිතන්නේ මගේ ජෙනරේෂන් එකේ කිසිම කලා ශිල්පිනියකට හෝ ශිල්පියෙකුට එවැනි භාග්‍යයක් උදාවී නැහැ. ඇත්තටම මම ඒ අතින් හරි වාසනාවන්තයි.
ඉතින් සචින් අනාගත බලාපොරොත්තු ගැනත් කතා කරමුද ටිකක්?
දැනට තියෙන එකම බලාපොරොත්තුව තමයි දීර්ඝකාලීනව සිනමාවට ප්‍රවිෂ්ට වීම. අවස්ථාව ලැබුණොත් ඒ සඳහා ප්‍රේක්ෂකයාට මතක හිටින මගේ හිතට දැනෙන හොඳ නිර්මාණයක් දෙකක් කරන්නත් කැමැත්තක් තියෙනවා.
ඒ කියන්නේ ඔබ ටෙලි තිරයෙන් සමුගන්නයි අදහස?
එහෙම අදහසක් නැහැ. ටෙලි කලාව කියන්නේ අපි ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට ඔවුන්ව හමුවෙන්න යෑමයි. ඒ ගමන තුළ අපි ඔවුන්ව නිතර හමුවෙනවනේ. ඒ සමීප බව අහිමි කරගන්න කැමැති නැහැ.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

රජිව් ඝාතනයට අවුරුදු 30ක් හිරේ ගිය පෙරරිවලන්ට තවත් ලොකු නඩුවක් වැටිලා! Sri Lanka Latest News

Next Post

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.