‘ජනයා රැවටුණා මෙවරත් පෙර සේම’
තෙල්ටික අපට නම් අඩුවට දිය හැකිය
කංචනගේ කොමිස් ටික නැවතිය හැකිය
කතිරය දෙනු අපට මේවා කළ හැකිය
ජනයට එදා මේවා හරි රස වැකිය Sri Lanka Latest News
මෙරටෙහි ධනය පිටරටවල ගෙනි හිල්ලා
සඟවා තිබේ අම්මප දෙවියන් පල්ලා
මසකින් දෙකින් ඒවා මෙහි ගෙනැවිල්ලා
මේ රට හදමු අපි සමගිව අත අල්ලා
එහෙමයි එදා කීවේ බලයට එන්න
අද වලි කන්නෙ ලද බලතල රැක ගන්න
අරගෙන ‘වී එයිට්’ රට දස අත යන්න
දඟලයි තැන නොතැන ලද සැප රැක ගන්න
දින දෙක තුනෙන් කළ හැකි වැඩ ඇත බෝම
කීවද කිසි දෙයක් කරලා නැත තාම
දමලා ගෑස් මිල පහතට නොපමාව
සුරපුර කරමු රට බලතල ලැබුණාම
ජනයා රැවටුණා මෙවරත් පෙර සේම
දිනුවා මේ අයද තනි අතකට ගේම
යතහැකි වෙද රටට මෙලෙසට හැමදාම
දෙවියන් සිහිවේවි බලතල නැසුණාම










