• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බුධ නිසා නොමග යන දේශපාලකයන්

August 29, 2020
in Astrology
Reading Time: 1 min read
A A
බුධ නිසා නොමග යන දේශපාලකයන්
Share on WhatsAppShare on Facebook

මිනිසකුගේ බැබලීමත් බැසයෑමත් තීරණය කරනු ලබන්නේ ඔහුගේ බුද්ධිය එසේම සමාජය තුළින් ඔහුව ඉස්මතු කරගන්නට ඔහුටම ආවේණික කුමක් හෝ ක්‍රමයක් පාදාදීමද බුද්ධිය විසින් සිදුකරයි. ඇතැම් විට කපටිකම හෝ උප්පරවැට්ටි ලෙස කෙනකුට එය පෙනෙනවා වන්නටත් බැරි නැත. කෙසේ වෙතත් මේ සියල්ලට බුධ ග්‍රහයා සම්බන්ධ බව ඒ පිළිබඳව පූර්ණ අවධානය යොමුකිරීමේදී පෙනීයයි. කපටිකම් උප්පර වැට්ටි ආදී දේ ගැන කියද්දී ඕනෑම කෙනකුට මුලින්ම මතකයට නැඟෙන්නේ දේශපාලනයට සම්බන්ධ වූවන්ය. පොදු මතය අනුව බැලුවද දේශපාලකයන් බහුතරයක් සටකපටය. මේ තත්ත්වයටද යම් ආකාරයේ බුධගේ දායකත්වයක් නැත්තේම නොවේ.

කෙසේ නමුත් එකිනෙකාගේ බුද්ධියට අනුව ඒ ඒ අය තමන්ට ආවේණික තැන් සකසා ගන්නේය. එහිදී පිරිසක් උසස් තැන්වල වැජබෙද්දී තවත් පිරිසක් කොතරම් බලය, ධනය ලැබුණද කීර්තිය පසුපසට අත්කරගන්නට අපොහොසත් වෙති. ඒ සඳහාත් ප්‍රබලව බුධගේ බලපෑම දායක වෙයි.
යමකු උපත ලැබූ විට එම වෙලාව අනුව සකස් කළ නිවැරැදි කේන්දර සටහන ඔහුගේ හෝ ඇයගේ පෙර කුසල් අකුසල් ගැන පවසන ජන්ම පත්‍රයයි.

ඔහු උපන් මොහොතේ සූර්යා වටා ග්‍රහයන් ගමන් කරමින් තිබූ ආකාරය සැලකිල්ලට ගනිමින් මෙය නිවැරැදි ක්‍රමවේදයකට අනුව සකස් කරයි. මිනිසකුගේ උපතේ සිට මරණය දක්වාම නැවරැදිව හඳුනාගත හැකි නිවැරැදි සිද්ධාන්ත කේන්දර සටහනක අන්තර්ගත වෙයි. කේන්දරය ගැන විවිධ අය විවිධ මතවාද දැරුවද නුවණින් එය භාවිත කරන්නෝ ඉන් උපරිම පල නෙළාගන්නා බව රහසක් නොවේ. එසේම කේන්දර සටහනක භාව දොළහේ මිනිසාගේ ජීවිතයේ සියලුම තොරතුරු හඳුනාගත හැකිය. මෙහිදී ග්‍රහ මණ්ඩලයේ දායකත්වයද සුලුපටු නොවන අතර ඒ ඒ ග්‍රහයන් දෙනු ලබන සහ මිනිසාට කරන බලපෑම විවිධාකාරය. ඒ අතර හොඳ නරක සම සමව ඇති අතර ඒ බෙදී යන කාලසීමාවන් ඉතා සූක්ෂ්මව වටහාගත යුතුය.

මෙහිදී බුධ ග්‍රහයාටද විශේෂ තැනක් හිමිවෙයි. කේන්දර සටහනක බුධ ග්‍රහයාගේ බලපෑම පිරික්සීමෙන්, ජන්මියාගේ බුද්ධිය මෙන්ම මානසික ස්වභාවයත්, ඔහු හෝ ඇය තීන්දු තීරණ ගන්නා ආකාරයත් වටහාගත හැකිය. මිනිසාට අයහපත උදාකර දෙන්නේත් යහපතට මඟ අවහිර කරන්නේත් ආත්මාර්ථකාමී බවයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී දුර්ගුණයන්ට මූලික වන්නේත් තමා ගැනම පමණක් සිතන ආත්මාර්ථකාමීත්වයමය. තමන්ගේ වාසියට අනුන් ගැන නොසිතා කටයුතු කරන්නා ආත්මාර්ථකාමියකු ලෙස හැඳින්වේ. එසේ ආත්මාර්ථකාමියකු බිහි කරන්නට බුධ ග්‍රහයා ප්‍රබලව දායක වෙන බව ජ්‍යොතිෂයේ සඳහන්වේ. ජන්මියකුගේ කේන්දරයේ බුධ ග්‍රහයා සිටින ස්ථානය හඳුනා ගැනීමෙන් මෙම තත්ත්වයන් ඉතා පැහැදිලිව වටහාගත හැකිය. එසේම සැඟවුණු බුද්ධියට ගැඹුරු විෂයකට අවශ්‍ය මානසික පසුබිම සකස් කර ගැනීමට ශක්තිය ලොවට කියාපාන්නේ සෙනසුරුය.

බුධ ග්‍රහයා යම් කේන්දරයක කටක රාශිගතව සිටිනවා නම් තම වාසිය ගැන පමණක්ම සිතන ඒ වෙනුවෙන්ම ක්‍රියා කරන්නකු බිහිකරයි. තම යහපත තකා ක්ෂණිකව පිල් මාරු කරන්නේ මෙවැන්නන්ය. එය දේශපාලනයේදී තදින්ම ක්‍රියාත්මක වන අයුරු කාටත් පැහැදිලිව දැකගත හැක. බුධ, කටක රාශිගත පුද්ගලයා අසත්‍ය සත්‍ය ලෙස පෙන්වා මිනිසුන් මුළා කිරීමේ සමතෙකි. ජන්මියාගේ දැඩි ආත්මාර්ථකාමී අදහස් එයට මූලික වෙයි. වර්තමානය ගැන බලද්දී දේශපාලකයාට වැඩි නැඹුරුවක් දක්වන්නට එවැන්නන්ට අවස්ථාව ඇත.
බුධ, මකර රාශිගත වීමද තවත් එවැනිම තත්ත්වයක් නිර්මාණය කරවයි. නමුත් ඔවුන් සකසුරුවමට දක්ෂය. අනුන්ගේ ශ්‍රමය මෙන්ම මුදල්ද තම අවශ්‍යතා උදෙසා වියදම් කිරීමට දක්ෂය. බුධ, තුලා රාශිගත පුද්ගලයා පිරිසුදු ගුණවත්, ඥානවන්ත අයෙකි. තීන්දු තීරණ ගැනීමේදී අපක්ෂපාතීව යුක්තිගරුකව කටයුතු කරයි.

බුධ කුම්භයේදී දූරදර්ශීව කටයුතු කරයි. විශ්වාසවන්ත අයෙකි. සානුකම්පිත සිතුවිලි ඇත. අසරණ අයට පිහිටවීමට දෙවරක් නොසිතයි. අන් සතු දෙය වියදම් කරන්න අනුන්ගෙන් යැපෙන්නට මැලිවෙයි.

ගුණකාරක වන බුධ කේන්දර සටහනක විසිදෙවැනි දෙර්කාණාධිපති වීම කවර නම් රාශියක වුවද යහපත් නැත. එසේ වූ විට කවර කටයුත්තකදී වුවද බුද්ධිය හීන කරවීමට බුධ කටයුතු කරයි. බුද්ධියෙන් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වෙයි. අන්‍යයන් සමඟ කතාබහේදී තමන් වෙත අප්‍රසන්නතා යොමුවීමට හේතුවෙයි. බුද්ධියට ගෝචර නොවන අදහස් තමා තුළ ඉස්මතු කරවයි. ඥානකාරක දුබල වීම වදන් දුබල කරවීමට හේතුවෙයි. නිම වීමක් නැති නිෂ්ඵල කතාව ජන්මියා තුළ ඇති වෙන්නේ බුධ ග්‍රහයාගේ හීන බලය හේතුවෙනි.

මේ ආකාරයට බුධ ග්‍රහයාගේ අසීමිත බලපෑම බුද්ධියෙන්ම වටහාගත යුතුය. ඒ බව සිය පවුලේ ජ්‍යොතිෂවේදියා හමුවී තොරතුරු පවසා කේන්දර පරීක්ෂාවක් කරගෙන අවබෝධ කරගත හැකිය. එවැනි තත්ත්වයක් ඇතොත් එය වඩාත් සුබදායී කෙලෙසද යන්න විමසා ඊට අනුගතව කටයුතු කිරීමට ජන්මියා සිතට ගත යුතුය.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

AIA ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ඇගයුමට

Next Post

ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට ‘Card Balance by Missed Call’ සේවාව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.