• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලග්නයට නොදෙවැනි නවාංශකයේ රහස්

August 29, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ලග්නයට නොදෙවැනි නවාංශකයේ රහස්
Share on WhatsAppShare on Facebook

අපගේ ජන්ම පත්‍රයේ නැතිනම් හඳහනේ රාශි 12 කින් යුත් කොටු 2ක් දක්නට ඇත. එය ලග්නය හා නවාංශකය ලෙසින් අප හදුන්වන්නේය. නමුත් අප සමාජයේ බොහෝ විට පලාපල කථනයේදී ඇතැම් ජ්‍යොතිෂවේදීන් නවාංශකය පිළිබඳ දක්වන අවධානය ඉතාම අඩුය. ජන්ම පත්‍ර හිමියාද ඒ සඳහා එතරම් අවධානයක් නොදක්වයි. නමුත් ලග්නභාවය සේම නවාංශකයද ඉතාම වැදගත්ය. ලග්නයෙන් 50% කොටසක් නවාංශකය තුළ ගැබ්ව ඇත. එම නිසාවෙන් නවාංශක කේන්ද්‍රයේ ඇති වැදගත්කමත් එය අපේ කේන්ද්‍ර තුළ පලාපල කථනයට යොදා ගත යුතු ආකාරයත් පැහැදිලි කිරීම මෙම ලිපියේ මූලික අරමුණයි. දළ කේන්ද්‍ර උපයෝගි කොටගෙන පලාපල කථනය කිරීම මෙරට ජ්‍යොතිෂවේදීන් වෙතින් බහුලව දක්නට ලැබේ. එහිදී නිවරැදිව පලාපල කථනය කිරීමට අප කේන්ද්‍රයේ ඇති නවාංශකය භාවිතා කළ යුතුමය. නවාංශකයක් නෙමැති කේන්ද්‍රය කොල්ලෑවක් නැති ඔරුවක් වැනිය. කොල්ලෑව නොමැති විට ඔරුව පැදයා නොහැක. එය පෙරළී යා හැකිය.

පැරණි ජ්‍යෙතිෂවේදීන්ගෙන් සියයට අනූවක් පමණ පුරුෂ නවාංශකය හා ස්ත්‍රී නවාංශකය කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මේ නිසා පැරණි කේන්ද්‍රයන් බොහෝමයක නවාංශක වැරදි ලෙස සටහන්ව ඇති බවද අපට දැකිය හැකිය. පුරුෂ හා ස්ත්‍රී වශයෙන් ජන්ම පත්‍ර ලැබූ විට පිරිමියාට පුරුෂ නවාංශකයට සරිලන ලෙස උපන් වෙලාව වෙනස් කිරීමත් කාන්තා නවාංශකයට සරිලන ලෙස ස්ත්‍රී උපන් වෙලාව වෙනස් කිරීමත් සිදු කරන අවස්ථා කොතෙකුත් ජන්ම පත්‍ර පරීක්ෂාවේදී දක්නට ඇත. ඡන්මියා උපන් නියම වෙලාව අනුව පුරුෂයෙකු නම් ඔහුට හිමිව ඇත්තේ ස්ත්‍රී නවාංශකයක් වූ විට උපන් නිවැරැදි වෙලාව මඳක් වැඩි කර හෝ ආපස්සට ගෙන ආසන්නයේ ඇති පුරුෂ නවාංශකයට අනුව ඡන්ම පත්‍රය සාදයි. එය කිසිසේත් නොකළ යුත්තකි. මෙම වෙනස් කිරීමේ ක්‍රියාව ඉතා භයානක මෙන්ම ඉතා හානිදායක බව කිව යුතුමය. මෙසේ වෙනස් කිරීම තුළ බොහෝ විට චරිත ලක්‍ෂණ වැනි දේ පලාපල කථනයේදී වෙනස් වී යා හැකිය. එම නිසාවෙන් කිසියම් ජන්මියෙකු උපන් නිවැරැදි වේලාවට නැඟෙනහිර ක්ෂිතිජයේ පායන ග්‍රහ තාරකා අනුව සැකෙසෙන නිවැරැදි දළ කේන්ද්‍රයත් නවාංශක කේන්ද්‍රයත් විය යුතුමය.

නවාංශකයේ ඇති වැදගත්කම මනසාගරී කතුවරයා විසින් මැනවින් උලුප්පා දක්වා ඇත.
චන්ද්‍රයා බීජය ලෙසද උදා ලග්නය පුෂ්පය ලෙසද නවාංශකය ඵලය හෙවත් ගෙඩිය ලෙසද ඉතා තර්කානුකූලව දක්වා ඇත. “නවමාංශ කලත්‍රානං” යනුවෙන් අර්ථ දක්වන්නේ විවාහය පිළිබඳ නවාංශකයෙන් විමසිය යුතුම බවය. යම් ජන්මියෙක් උපන් උදා ලග්නයේ නාමයම නවාංශකයටද තිබේ නම් එම උපත වර්ගෝත්තම උපතක් වශයෙන් හඳුන්වයි.

පුරුෂ නවාංශක සහිත ස්ත්‍රිය යම් තරමකින් හෝ පුරුෂ ගතිගුණවලින් යුක්ත වෙයි. එසේම ස්ත්‍රි නවාංශකය සහිත පුරුෂයෙකු වෙතොත් ඔහු තරමක් ස්ත්‍රි ගති ලක්ෂණ පිහිටන බව සිහිය තබා ගත යුතුය. පැරණි සෘෂිවරුද මේ බව සඳහන්කර තිබෙයි. කෙන්ද්‍රයේ වෙනත් ග්‍රහ සංයෝග අනුව මෙහි ස්වභාවය අඩු වැඩි වන බවද අප මතක තබා ගත යුතුය.

දැන් අපි නවාංශකය යනු කුමක් දැයි විමසා බලමු. සෑම කොටුවක්ම රාශිය නොහොත් භාවය වශයෙන් හැඳින්වීමට ඔබ ඉටාගත යුතුය. ඒ අනුව එක් රාශියකට නවාංශක නවයක් තිබේ. අංශක 30 නවයෙන් බෙදා ලැබෙන කොටස 30 ÷− 9 = 03.20 අංශක තුනයි කලා 20ක කොටස නවාංශකයක් ලෙස හඳුන්වයි. මේ අනුව එක රාශියකට නවාංශක 9ක් තිබේ නම් 9 × 12 = 108 රාශි 12ට නවාංශක 108ක් තිබේ. මේ නවාංශ එකසිය අටෙන් කුමන ස්ථානයක හෝ ග්‍රහයන් නවදෙනා තැන්පත්ව ඇත.

හත අධිපති, හත්වැන්නේ සිටි ග්‍රහයන්, සිකුරු හා සිකුරු සිටි භාව අධිපති නොහොත් අභිලාෂ දායකයා සඳු ආදී ග්‍රහයන් විවාහයට බලපාන්නේය. මොවුන් උදා ලග්නයේ සුබව සිටි පමණින් විවාහ ජීවිත සාර්ථක නොවේ. මොවුන් නවාංශකයේ දුබලව සිටී නම් විවාහ නොවීම හෝ විවාහ ජීවිතයේ ගැටලු ඇති කරයි. විවාහ කීයක් සිදුවේද? කන්‍යාභාවය කෙළෙසාගත් යුවතියක් විවාහයට ලැබේද පැවසීමට නම් නවාංශකය අධ්‍යයනය කළ යුතුමය. විවාහ ප්‍රමාදයට හේතුද නවාංශකයෙන් බැලිය යුතුය. ඔබගේ ඉෂ්ට දේවතාවුන් පාලන දේවතාවුන් ආත්ම කාරක ග්‍රහයින් කවුරුන් දැයි සොයා ගන්නේ ද නවාංශකය තුළිනි. රැකියාව ලැබෙන කාලය තීරණය කිරීමට නවාංශකය ඉතා වැදගත්වේ. විවාහය සිදුවන කාලය මැන බැලීමටද නවාංශකය ඉතා වැදගත් වේ.
හත අධිපතියා වැස උන
නව අංසෙට තෙකොන වෙමින
සුරගුරු ආ කලට නදන
සතට විවා සැප ගෙන දෙන

හත අධිපති උදා කේන්ද්‍රයේ නවාංශකයේ සිටි රාශිය බැලිය යුතුය. මෙම රාශියට හෝ ත්‍රිකෝණ රාශිවල ගුරු ගමන් කරන විට විවාහ සැපත දෙන බව ඉහත ශ්ලෝකයේ අදහසයි. නීත්‍යනුකූලව හෝ නොමැතිව අඩු තරමින් කී දෙනෙක් තම වසඟයට ගන්නේ දැයි නවාංශකයෙන් බැලිය යුතුමය. වැඩ තහනම් වීම්, ස්ථාන මාරු සේවයෙන් පහකිරීම්, ශල්‍යකර්ම, මරණය හෝ ඒ හා සමාන වේදනා පිළිබඳ නවාංශකයෙන් තොරව බැලිය නොහැකිය. සියදිවි හානිකර ගැනීම්, ජලයෙන් වස විෂවලින් සතුන්ගෙන්, මහජනතාවගෙන් මැරුම් කන්නේ දැයි නවාංශකයෙන් බැලිය යුතුමය. යෝනි රෝග පිළිබඳවද නවාංශකයෙන් පැවසිය හැකිය. නවාංශකයේ සත්වැන්න ප්‍රථම විවාහය පෙන්වන අතර ඊට පෝෂණය හෝ මරණය ඉන් දෙවැන්න වූ නවාංශකයෙන් අටවැන්නෙන් බැලිය යුතුමය. සියලු ලෞකික අවශ්‍යතා පාලන දේවතාවුන් ලබාදෙන අතර පාලන දේවතාවන් යනු නවාංශකයේ අමාත්‍යකාරක ග්‍රහයා සිටි තැනින් සයවැන්නේ සිටි ප්‍රබල ග්‍රහයා හෝ ග්‍රහයින් නොමැති නම් රාශි අධිපති පාලන දේවතාවුන්ය. වැඩිම අංශක ගානක් ගතකළ නොහොත් අවසන් කරන ලද ග්‍රහයා ආත්ම කාරක ග්‍රහයා වශයෙන් හඳුන්වයි. සියලු අරමුණු යුතුකම් ඉටුකර ගැනීම සඳහා දෙවි දේවතා වන්දනය අතීතයේ සිටම පැවත එන්නකි. මෙකී අරමුණු ඉටුකර ගැනීම සඳහා ජන්මියා යොමු කළ යුත්තේ ධර්ම දේවතාවුන් වෙතය. ආත්ම කාරක ග්‍රහයා නවාංශකයේ සිටි තැනින් 9 වැන්නේ සිටි ග්‍රහයා හෝ ග්‍රහයන් නොමැති නම් රාශි අධිපති ධර්ම දේවතාවුන්ය.

මෙතෙක් ඉහතින් කෙටි විස්තරයක් කළේ නවාංශකයේ වටිනාකම ඔබට වටහා දීමට, හදවතේ තැන්පත් කිරීම සඳහාය. දෙනෙත් නොපෙනේ නම් ජීවත් වීමෙන් පලක් නොමැත. දෙපා නොමැති නම් ජීවත් වීමෙන් පලක් නොමැත. එම නිසා නවාංශකයෙන් තොරව ජන්ම පත්‍රයක පලාපල විග්‍රහ කරන්නේ නම් ඔහු ගුප්ත ශාස්ත්‍රීය ජ්‍යොතිෂය නොදන්නෙකි.

ඉහත සඳහන් ආකාරයට නවාංශක 108 තර්කානුකූලව රාශි 12ට බෙදී යනු ඇත. මේ අනුව මේෂ, සිංහ, ධනු ලග්න හිමියන්ගේ නවාංශක මේෂ නවාංශකයෙන් පටන්ගෙන ධනු නවාංශකයෙන් අවසන් වේ. වෘෂභ, කන්‍යා, මකර, රාශි හිමියන්ගේ නවාංශක මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා යනුවෙන් මකර නවාංශකයෙන් පටන්ගෙන කන්‍යා නවාංශකයෙන් අවසන් වේ. මිථුන, තුලා, කුම්භ ලග්න හිමියන්ගේ නවාංශක ගණනය තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන වශයෙන් තුලා නවාංශකයෙන් ආරම්භ වී මිථුන නවාංශකයෙන් අවසන් වේ. කටක, වෘශ්චික, මීන ලග්න හිමියන්ගේ නවාංශ ගණනය කටක නවාංශකයෙන් ආරම්භ වී මීනයෙන් අවසන් වේ.

ආමිශය හෙවත් නවාමිශය යනුවෙන්ද, ධර්මාවිශය යනුවෙන්ද විවිධ උගතුන් ප්‍රකාශ කරන්නේ නවාංශකය බව අප වටහා ගත යුතුය.
ලග්නය යනුවෙන් භාවිත කිරීම සම්පූර්ණ වැරදිය. නවාංශකය යනුවෙන් භාවිත කිරීමද වැරදිය. උදා ලග්නය, උදා නවාංශකය යනුවෙන් භාවිත කළ යුතුය. උතුම් ශාස්ත්‍රය අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීමට නම් ප්‍රථමයෙන්ම ගුරුවරුන් ලේඛකයන් නිවැරැදි විය යුතුය.
උදා – ලග්නයේ උච්චව සිටින ග්‍රහයන් නවාංශකයේ නීච නම් රජ කුමරෙකු වුවද දුකෙන් පීඩිතව ඇතැම්විට දුවා දරුවන්ගෙන් බිරිඳගෙන් වෙන් වී හුදකලා විය හැකිය. බිරිඳ පර පුරුෂයන් ගනීද නැද්ද පිළිබඳව නවාංශකයෙන් බැලිය හැකිය. ලග්න කේන්ද්‍රයේ භාග්‍යස්ථානාධිපති හා ආත්ම කාරක ග්‍රහයා පාපීන් වුවද නවාංශකයේ එකට සිටී නම් ඔවුන් ගෝචර වශයෙන් එකම නවාංශකයේ ගමන් කරන විට ඔබගේ ප්‍රථම පත්වීම, විවාහය හෝ මේ දෙකම සිදුවිය හැකිය.
මේ අනුව ඉහත දක්වන ලද්දේ අපගේ ජන්ම පත්‍රයකට ලග්න භාවය සේම නවාංශකයේද ඇති වැදගත්කමයි. විවාහය, අධ්‍යාපනය, රැකියාව, ලෙඩ රෝග, දරුඵල ආදී මේ සෑම කරුණකටම නවාංශක කේන්ද්‍රයද අතිශය වැදගත් කමක් උසුලනු ඇත. එම නිසාවෙන් ඉහත කාරණා පිළිබඳව අවධානය යොමු කරමින් නවාංශකයද අපගේ හඳහන තුළ පලාපල කථනයට යොදා ගැනීම තුළින් අපට මහඟු ප්‍රතිඵල උදා කරගත හැකිය.
ජ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

අකිල තුන්කොන් ආදරයක පැටලෙයි

Next Post

කාටත් හොරෙන් කූඩු වුණු සුළං කිරිල්ලී

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.