• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පියා අහිමි වූ දියණියකගේ ආත්මීය වේදනාව ‘චන්ද්‍ර මණ්ඩලේ’

August 29, 2020
in Heart
Reading Time: 1 min read
A A
පියා අහිමි වූ දියණියකගේ ආත්මීය වේදනාව ‘චන්ද්‍ර මණ්ඩලේ’
Share on WhatsAppShare on Facebook

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය සංගීතය පෝෂණය කළ නිර්මාණකරුවන් තිදෙනකුගේ සුවිශේෂී නිර්මාණය වූ ‘චන්ද්‍රමණ්ඩලේ සැඟවුණු පුංචි සාවියේ’ ගීතය නැවැතත් බොහෝදෙනාගේ කතාබහට ලක්වන සේ කරළියට පැමිණ තිබෙනවා. ඒ අභිෂේකා විමලවීරගේ නවතම නිර්මාණය වන ‘චන්ද්‍රමණ්ඩලේ’ ගීතය හරහායි. වර්තමානයේ සිටින තරුණ නිර්මාණකරුවන් අතර ගුණාත්මක නිර්මාණ බිහිකරමින් සෙමින් ගමනක් යන ඇය තම නවතම නිර්මාණය වන ‘චන්ද්‍රමණ්ලේ’ ගැන අපට කීවේ මේ විදිහට.
අභිෂේකා මොකක්ද මේ ‘චන්ද්‍රමණ්ඩලේ’?
චන්ද්‍රමණ්ඩලය කියන්නෙ මගේ අලුත්ම ගීතය. ඇත්තටම අවුරුදු දෙකකට තුනකට කලින් මට ඕනෙ වුණා තාත්ත ගැන ගීතයක් නිර්මාණය කරන්න. ඒ අනුව නිර්මාණය වෙච්ච ගීතය තමයි ‘චන්ද්‍රමණ්ඩලය’.
සුනිල් එදිරිසිංහ මහත්මයගෙ ඉතාම ජනප්‍රිය ගීතයක් වන ‘චන්ද්‍රමණ්ඩලේ’ ගීතය හා ඔබගේ ගීතය අතර සම්බන්ධයක් තියෙනවද?
ඇත්තටම කිව්වොත් මගේ ගීතය සුනිල් එදිරිසිංහ මහත්මයගෙ ‘චන්ද්‍රමණ්ඩලේ සැඟවුණු පුංචි සාවියේ’ කියන ගීතයට කළ පිළිතුරු ගීතය කිව්වොත් නිවැරැදියි. සුනිල් එදිරිසිංහ මහත්මයගෙ ගීතයෙන් කියැවෙන්නෙ දුවෙක් නැති වුණ තාත්ත කෙනෙක් ගැන. මගේ ගීතයෙන් කියවෙන්නෙ තාත්ත කෙනෙක් නැතිවුණ දුවෙක් ගැන.
සුනිල් එදිරිසිංහ මහත්මයගෙ වගේම ඔබේ ‘චන්ද්‍රමණ්ඩලේ’ ගීතය ලියන්නෙත් රත්නශ්‍රී විජේසිංහ මහත්මය?
ඔව්. සුනිල් එදිරිසිංහ මහත්මයගෙ ගීතය ලිව්ව රත්නශ්‍රී විජේසිංහ මහත්මය තමයි මේ සින්දුව ලියන්න සුදුසුම කෙනා කියල මට හිතුණ. මොකද එතුමටත් ඉන්නෙ දුවෙක්. සාමාන්‍යයෙන් රත්නශ්‍රී මහත්මයගෙ බොහෝ ගීත ගත්තම එතුම ලියල තියෙන්නෙ එතුමගෙ පෞද්ගලික අත්දැකීම මත. සුනිල් එදිරිසිංහ මහත්මයෙග ‘චන්ද්‍රමණ්ඩලේ’ ගීතය කරල තියෙන්නෙත් එතුමගෙ යාළුවෙක්ට වුණ පෞද්ගලික අත්දැකීමක් මත. ඉතින් මම ගීතය ගැන යෝජනාව කළාම එතුම මට කිව්ව සති දෙකක් විතර දෙන්න මම සින්දුව ලියල දෙන්නම් කියල. එහෙම කිව්වට විනාඩි 10ක් ඇතුළත මේ ගීතය ලියන දුන්න.
ගීත දෙකටම සම්බන්ධ වන ඊළඟ කෙනා හමුවෙන්නෙ සංගීත නීර්මාණය පැත්තෙන්?
ඔව්. ඇත්තටම සුනිල් එදිරිසිංහ මහත්මයගෙ ගීතයට වගේම මගේ ගීතයට සංගීතය නිර්මාණය කරන්නෙ රෝහණ වීරසිංහ මහත්මය. සින්දුව රෝහණ වීරසිංහ මහත්මයට දුන්නට පස්සෙ එතුම ඒක ඉතාම ආදරයෙන් භාරගත්ත. මොකද රෝහණ අංකල් අපේ තාත්තවත් ඉතාම හොඳින් හඳුනන කෙනෙක්.
ඔබ කලින් ‘නේත්‍රා’ කියල අම්ම ගැන ගීතයක් කළා. ඇයි ඒ එක්කම තාත්ත ගැන ගීතයක් කරන්න හිතුවෙ?
ඇත්තටම ‘නේත්‍රා’ ගීතය කරන්න කලින් තමයි මම චන්ද්‍රමණ්ඩලේ ගීතය කළේ. මීට අවුරුදු තුනකට විතර කලින් තාත්ත නැතිවුණ ගමන්ම තමයි මං ඒ වෙනුවෙන් මේ ගීතය කළේ. ඒත් මේක එළියට දාගන්න පුළුවන් වුණේ ‘නේත්‍රා’ ගීතයට පස්සෙ.
මේ ගීතය එළිදක්වන දවසත් විශේෂයි නේද?
ඔව්. ගීතය එළිදැක්වුවෙ අගෝස්තු 23 වැනිදා. එදා තමයි මගේ පියා වන සුනිල් විමලවීරගෙ උපන් දිනය යෙදිල තියෙන දවස. ඉතින් එදාටම ගීතය එළිදක්වන්න පුළුවන් වීම ගැන මම ඉතාම සතුටු වෙනව.
ගීතය එළිදක්වන්නෙ වෙනස්ම ආකාරයේ මියුසික් වීඩියෝවක් එක්ක?
ඇත්තටම මගේ කලින් නිර්මාණය වගේ නැතුව ඉතාම සරල විදිහෙ මියුසික් වීඩියෝවක් නිර්මාණය කරන්න තමයි අපි උත්සාහ කළේ. සින්දුවට වැඩිය වීඩියෝව ඉස්මතු කරන්න ඕනෙ නෑ කියල මතයක් තමයි ඒක නිර්මාණය කරද්දි මූලිකව අපි හිතුවෙ. මේ සඳහා මගෙන් කිසිම මුදලක් අය කරන්නෙ නැතුව මේ විදිහට මියුසික් වීඩියෝව කරල දුන්නෙ රංග එස්. බණ්ඩාර. අනිත් එක තමයි මගේ දුවත් මාත් එක්ක මේ ගීතයෙ රංගනයට එකතු වෙනව.
මේ වෙද්දි මොනවගේ ප්‍රතිචාරද ගීතයට ලැබෙන්නෙ?
ගීතය එළිදක්වල ඇත්තටම තාම දවස් කීපයයි. මේ වෙනකොට ඉතාම හොඳ ප්‍රතිචාර ගීතයට ලැබෙනව.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

ශ්‍රවණ උපකරණ තාක්ෂණය කෙතරම් වැදගත්ද?

Next Post

මුහුදු රළ අතර සැඟවුණු රාමාගේ පාළම

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.