හදවතට බැඳුණු ආදරයක් කිසිම දිනක අමතක කරන්න බැරි බැඳීමක්. මේ දිනවල සිහින වර්ෂා ටෙලිනාට්‍යයෙන් ඔබ හමුවන ආදරණීය චරිතයක් තමයි යුහස්. යුහස් ලෙසින් ඔබට සමීප වන ඔහු තීක්ෂණ පෙරේරා. තීක්ෂණ ඔබට වැඩිපුරම සමීප වන්නේ වෙළෙඳ දැන්වීම හරහායි. වෙළෙඳ දැන්වීම් සියයකට වැඩි ප්‍රමාණයකට සම්බන්ධ වුණු තීක්ෂණ ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාන පළමු අවස්ථාව මෙයයි. ඉතින් අද අපි මේ කතාබහ කරන්නේ ඔහු සමගයි.
‘සිහින වර්ෂා’ ටෙලිනාට්‍යයේ යුහස් ගැන කතා කරමු මුලින්ම…
මාව ගොඩ දෙනෙක් දැනහඳුනා ගත්තේ වෙළෙඳ දැන්වීම් හරහා. යුහස් චරිතය මම ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන පළමු අවස්ථාවයි. මගේ කලා දිවියට විශේෂ අවස්ථාවක් යුහස් චරිතය. ප්‍රේක්ෂකයන්ට යුහස් දෙස බලන විට විවිධ විදියට හිතන්න පුළුවන්. හොඳ වගේම යුහස් තුළ නරකත් තියෙනවා. ඒ නිසා මම යුහස් චරිතය දකින්නේ අළු චරිතයක් විදියට.
වෙළෙඳ දැන්වීම් රැසකට සම්බන්ධ වුණු ඔබට යුහස් වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
‘සිහින වර්ෂා’ ටෙලිනාට්‍යයේ කැමරා ශිල්පී කසුන් ජයරත්න හරහා තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. මම ගැන ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සමීර පියරත්නට සහ තිරපිටපත් රචිකා විදේශිකා රත්නායකට කියලා නදුන්. ඉතින් ඒ සියලු දෙනා කතාබහ කරනගෙන තමයි මට මේ චරිතය ලැබුණේ. ඒ වගේම තමයි මගේ රංගනය දැකපු නිසා ඔබත් මම ගැන මේ විදියට ජාතික පුවත්පතකට අකුරු කරන එකත් මට විශේෂ අවස්ථාවක් මම ගැන පත්තරයක මේ විදියට පළවෙන නිසා.
තීක්ෂණට මේ විදියට ප්‍රධාන චරිතයකට ආරාධනාවක් ලැබුණු එක ගැන මොකද හිතුණේ?
ආරාධනාව ලැබෙනකොට මට හිතුණේ ලොකු වගකීමක් ඒ වගේම චරිතයට හොඳ සාධාරණයක් කරන්න ඕනේ කියලා. කැමරාව මට නුහුරු දෙයක් නෙවෙයි. ඒ බය නම් මට කොහෙත්ම දැනුණේ නැහැ.
හැබැයි ඉතින් පොඩි දෙයකින් හරි රිදවන එක වැරැදියි නේද?
ලොකුම දුක යුහස්ව විශ්වාස කරපු නැති එක. යුහස් ආදරය හිතේ හිර කරගෙන මතකයන් සමග ජීවත් වෙනවා. යුහස්ට තියෙන්නේ ඒ වේදනාව. ඒ නිසාම තමයි යුහස්ගේ බිරිඳව පොඩි දෙයකින් හරි රිදවන්නේ.

ලැබෙන ප්‍රතිචාරත් සමග අලුත් නිර්මාණ සඳහා ආරාධනා එහෙම කොහොමද?
භාරගත්ත වගකීම ඉවර කරන්න ඕනේ. ඉඩකඩ ලැබෙන විදියට අලුත් නිර්මාණ සඳහා සම්බන්ධ වෙනවා.
තීක්ෂණ වෘත්තීය මට්ටමෙන්ද කලා කටයුතු කරන්නේ?
නැහැ. මම දැනට කායවර්ධන මධ්‍යස්ථානයක සේවය කරනවා. ආයතනයේ අධ්‍යක්ෂතුමන් ඇතුළු සියලු දෙනාගෙන් ලොකු සහායක් ලැබෙනවා මගේ කලා කටයුතු කරගෙන යෑමට.
ඔබේ ආදරණීය බිරිඳගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ?
ඇය තමයි මගේ මුල්ම රසිකාව. ඒ වගේම මගේ පුතා. පුතාත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට වගේම චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා.
වසන්ත විතාරණගේ











