වසර 150 කට අධික කීර්තිමත් ඉතිහාසයක් තිබෙන, දිවයිනේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක් වන කොළඹ වෙස්ලි විද්‍යාලයේ රග්බි ක්‍රීඩා වාරය නිල වශයෙන් දියත් කිරීම පසුගියදා සිදු කෙරිණි. Sri Lanka Latest News
මෙය එම විදුහලේ ක්‍රීඩා ඉතිහාසයේ 70 වැනි රග්බි ක්‍රීඩා වාරය ලෙස සැලකෙන අතර, තවද එහිදී විදුහලේ රග්බි ක්‍රීඩාවට අනුග්‍රාහකත්වය දක්වන ව්‍යාපාරික සමාගම් කිහිපයකට උපහාර පිදීමද සිදු කෙරිණි.
කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක් වන වෙස්ලි විද්‍යාලය , 1874 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය සපයන මෙතෝදිස්ත පාසලකි. මෙරට අධ්‍යාපනයට කීර්තිමත් සේවයක් සිදුකල , ගරු ජෝන් වෙස්ලි පියතුමන්ගේ මෙහෙයවීමෙන් මෙම විදුහල ආරම්භ කරන ලදි.



ප්‍රියන්ත හෙට්ටීගේ











