අක්‍රීයව පැවති දේශීය ආර්ථික කාර්යයන් නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම තුළින් සක්‍රීය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය (CSBA) ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ නව රජයටත්, අභිනව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් නිවාඞ් කබ්රාල් මහතා වෙතත් සිය උණුසුම් සුබපැතුම් පුදකර සිටී.
ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් වෙළෙඳපොළ කාර්යයන් ඉලක්ක කර ගනිමින් ඒ සඳහාම වූ අමාත්‍යවරයකු පළමුවරට පත්කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත විශේෂ ස්තුතියක් එම සංගමය විසින් ප්‍රදානය කරන අතර, මෙහිදී මූල්‍ය සහ රාජ්‍ය ව්‍යවසාය මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක වැනි ක්‍ෂේත්‍රයන් රැසක බහුල අත්දැකීම් ඇති අජිත් නිවාඞ් කබ්රාල් මහතා වැනි අයෙකු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කිරීම පැසසුම් ලැබියයුතු කාර්යයකි.
කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය පසුගිය වසර කිහිපය තුළ සුවිසල් අභියෝග රැසකට මුහුණ දුන් අතර, සංගමයක් ලෙස දේශීය ආර්ථිකයේ වර්ධනය සඳහා සිය දායකත්වය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක විය. අභිනවයෙන් පත්වූ මෙම නව රජය සමඟ සංගමයක් ලෙස සමීපය කටයුතු කිරීමට යොමුවන්නේ එමගින් විදේශීය ආයෝජක ඉල්ලීම් වර්ධනය කිරීම හා සමගාමීව ශ්‍රී ලාංකීය ජනතාවගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණ පෙරදැරි කර ගනිමිනි.











