අලූත්ගම සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් නාගොඩ මහ රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ (28) උදෑසන රෝහලින් පැනගොස් ඇත.
එහි රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය තමර කළුබෝවිල මහතා ප්‍රකාශ කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිට පැමිණ අලූත්ගම, මොරගල්ලේ ඊඞ්න් හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවක් මෙසේ රෝහලින් පැනගොස් ඇති බවය.
අදාළ කාන්තාව ඊඞ්න් හෝටලයේ නිරෝධායනය වෙමින් සිටියදී මානසික රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර ඊයේ උදෑසන 7.30 ට පමණ හෙදියක් ඖෂධ ලබාදීමට සොයා බැලීමේදී ඇය රෝහලින් පැනගොස් ඇති බව තහවුරු වී ඇත.
ඇයගේ ජෛව පටල සාම්පල් පී. සී. ආර්. පරීක්‍ෂණයකට යොමුකර ඇති බවත් මෙතෙක් ඇයට කොවිඞ් – 19 වෛරසය වැළඳී ඇති බවට හෝ සැක සහිත තත්ත්වයක් ඇති බවට තහවුරු වී නැති බවත් රෝහල් අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත..











