• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මුහුදු රළ අතර සැඟවුණු රාමාගේ පාළම

August 29, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මුහුදු රළ අතර සැඟවුණු රාමාගේ පාළම
Share on WhatsAppShare on Facebook

වසර ලක්‍ෂ ගණනක් එහෙමත් නැත්නම් වසර මිලියන 1.7ක් පැරැණි පාලමක් ගැන කෙනෙක් කිව්වොත් එය මිත්‍යාවක් කියලා බැහැර කරන්න තව කෙනකුට හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම පාලමක සාක්‍ෂි සාධක නටබුන් තියෙනවා කිව්වොත් නිකම්ම නිකම් ඒක අතහරින්න බැරි වෙනවා. එහෙම ලේසියෙන් අතහැරලා දාන්න බැරි පාලමක් තියෙනවා. ඒක ලේසිපහසු පාලමක් නෙවෙයි. ඒ කියන්නෙ රටක් මැද ඇලක, දොළක ගංගාවක දෙකොන යා කරලා හදපු නිතර දකින්න ලැබෙන සාමාන්‍ය පාලමකුත් නෙවෙයි. මේක රටවල් දෙකක් එකට යා කරපු මහ මුහුද මැද හදපු විශ්මිත පාලමක්. කිලෝමීටර් 30ක් දිග, කිලෝමීටර් 3ක් පළල මේ මහා පාලමට කවුරුත් කිව්වෙ රාමාගෙ පාලම කියලා. මේ විශ්මිත දැවැන්ත පාලමේ එක් කෙළවරක් පිහිටියේ ඉන්දියාවේ පම්බාන් දූපතේ ධනුෂ්කොඩි තුඩුවේ. අනෙක් කෙළවර පිහිටියේ අපේ ලංකාවට අයිති මන්නාරම් දූවේ.

මේ රාමාගේ පාලමේ අද වෙද්දි දක්නට ලැබෙන්නෙ මුහුදේ පාවෙන දිගු ගල් පේළියක් පමණයි. ඒත් මෙහි කිසිවකුටත් හරි හැටි අවබෝධ කරගත නොහැකි විශ්මිත අබිරහසකුත් සැඟවී තිබෙනවා. ඊට විශේෂිත හේතුවක් ඇති බවටත් බොහෝ විද්වතුන් මත පළකරලා තිබෙනවා.

මතුපිටින් අපට පෙනෙන ගල් පේළියට යටින් කොරල්පර ඇති බවටත්, මීට කාලයකට ඉහත මේවා මිනිසා විසින් ඉදිකර ඇති බවටත් මේ වෙද්දී සොයාගෙන තිබෙනවා. වාල්මිකි ඍෂිවරයාගේ කෘතියක් වන රාමායනයේත් මේ පාලම ගැන ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ක්‍රි.පූ. 500ත් ක්‍රි.පූ. 100 අතර කාලයේ සිදුවීමක් සම්බන්ධව ලියැවුණු රාමායනය කාණ්ඩ හතකින් හා සර්ග 500කින් යුක්තයි. එහි සංස්කෘත ස්ලෝක 24000ක් ඇතුළත්. ක්‍රි.පූ. 500ත්, 100ත් අතර කාලයේ කෝසල රාජධානියේ රජකම් කළ දසරජ රජතුමා සිය පළමු බිසවගේ පුත් කුමරා වූ රාම වනයට පිටුවහල් කරනවා. ඒ තෙවැනි බිසවගේ කුමන්ත්‍රණයකින් ඔහුව බේරා ගන්න අයෝධ්‍යා අගනුවරින් දුරස්ව මහ වන මැද වසර 14 දිවි ගෙවන රාමාට එහිදී අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඔහුට එහිදී වාල්මිකී ඍෂිවරයාත් හමුවෙනවා.
රාමායනයට අනුව නම් රාමසේතු පාලම එහෙමත් නැත්නම් රාමාගේ පාලම ඉදිකර ඇත්තේ හනුමාන් සහ ඔහුගේ වානර සේනාවයි.

වාල්මිකී රාමායනයේ විස්තර කරන ආකාරයට රාමා යනු විෂ්ණු දෙවියන්ගේ දස අවතාරවලින් සත්වැනි අවතාරයයි. එසේම ඔහු කෝසල රාජධානියේ රාජ්‍යත්වයට හිමිකම් ඇත්තායි. කුමන්ත්‍රණය පරාජය කරන අදහසින් රාමා සිය සුරූපී බිරිය සීතා සහ සොහොයුරු ලක්‍ෂ්මන සමඟ වනගත වෙනවා.

එකලද ගුවනින් යෑමේ විශ්මිත තාක්‍ෂණ දැනුමක් සහ අසීමිත බලයක් තිබූ ලංකාදේශය පාලනය කළ මහාබල රාවණ සහ රාම අතර වනයේදී ප්‍රශ්නයක් ඇති වෙනවා. එයින් කෝපයට පත්වූ රාවණ රජු පළිගැනීමේ චේතනාවෙන් සිතා පැහැරගෙන ගුවනින් ලංකා දේශයට පැමිණෙන අතර, ඇයව බේරා ගැනීමේ අදහසින් රාම – ලක්‍ෂ්මන හනුමාන් සහ වඳුරු සේනාව සමඟ ලංකාවට එන්නට තීරණය කරනවා. එහෙත් ඔවුන්ට ඊට එරෙහි වන ප්‍රධානම බාධකය වුණේ මහ සයුරයි. තමන්ටත් තම කණ්ඩායමටත් මුහුදෙන් එතෙර වෙන්න ඉඩ දෙන්නැයි රාාම මුහුදු පාලක වරුණ දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කළත් වරුණ දෙවිඳු පවසා ඇත්තේ විශ්වකර්මගේ දරුවකු වානර සේනාවේ ඇති බවත්, ඔහුගේ උදව්වෙන් පාලමක් ඉදිකර ලංකාවට යන ලෙසත්ය.

එවැනි බලයක් ඇති වානරයා නාලා බව හඳුනා ගන්නා රාමා නාලාට පාලම හදන කාර්යය බර කරනවා. එම කාර්යයට නාලාට සහාය වෙන්නේ නීල් නමැති සෙන්පතිවරයායි. රාමා සේතු පාලමට නාලාගේ පාලම නාලා සේතු පාලම යන නමින්ද පසුකාලීනව හැඳින්වෙන්නේ ඒ නිසයි. කෝටියක වානර පිරිසක් මේ ඉදිකිරීම් කටයුත්තට සම්බන්ධ වූ බවක් තමයි පැවසෙන්නේ. කොතරම් කාර්යක්‍ෂමව මේ කටයුත්ත සිදුකළාද යන්න හොඳම උදාහරණය දින පහක් තුළ මේ පාලමේ කටයුතු අවසන් කිරීමයි.

රාමායනයට අනුව නම් පාලම ඉදිකිරීමට වානර හමුදාව වන සතුන් වගේම මුහුදු ජීවිනුත් සහාය වී තිබෙනවා. තල්ගස්, පොල්ගස් කඳන් වගේම හුනුගල්ද මෙයට භාවිත කර තිබෙනවා. පාලමට යොදාගත් ගල් මහුදේ පාවෙන තත්ත්වයට පත්කළේ නාලාගේ විශේෂිත දැනුම භාවිතයෙන් බවත් රාමායනයේ සඳහන් වෙනවා.

රාමා සේතු පාලමට සම්බන්ධ කොටස් යැයි විශ්වාස කරන මුහුදේ පාවෙන ගල් කුට්ටි සහ ගල් පතුරු අද වන විට නොවිසඳුණු අබිරහසක් බවට පත්ව අවසන්. ඒ අනුව රාමායනය සත්‍යයක්ද යන්න නැවැත නැවැතත් සිතා බැලිය යුතු තත්ත්වයකුත් උදාවෙමින් තිබෙනවා.

මේ කාරණාව පිළිබඳව බොහෝ රටවල් සිය අවධානය යොමුකර තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා ඇමෙරිකාවේ නාසා ආයතනයේ විiාඥයන් පවසන අන්දමට පෘථිවි කක්‍ෂයේ රඳවා ඇති අති ප්‍රබල චන්ද්‍රිකා දුරේක්‍ෂ ආධාරයෙන් රාමා සේතු පාලමේ නටබුන් අධීක්‍ෂණයෙන් හෙළිවී ඇත්තේ එම ගල් කුට්ටි පාලමකට අයත් ඒවා නොවන බවයි. ඒවා කොරල් පර පිහිටීමක් බවත් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා. එහෙත් භූ විiාඥයන් පෙන්වා දෙන අන්දමට කොරල් සෑදී ඇත්තේ කැල්සියම් කාබනේට්වලිනුයි. එනිසා කොරල් ජලයේ පාවෙන්නේ නැහැ. ඊළඟට සැලකිය යුතු කාරණාව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ වසර ගණනාවක සිට කොරල් නිර්මාණය වෙන්නේ මුහුදු පතුලේ සිට භාණ්ඩ කිහිපයක් වශයෙනි. එසේ නොමැතිව මුහුදු මතුපිට කොරල් නිර්මාණය වෙන්නේ නැහැ. අනෙක් කාරණය නම් කොරල් නිර්මාණය වීමට ඝන පෘෂ්ඨයකුත් අවශ්‍යයි. එබැවින් රාමාසේතු පාලමේ කොටස් යැයි සැලකෙන කොටස් කොරල් යැයි පිළිගත නොහැකි බවයි භූ විiාඥයන්ගේ මතය වෙන්නෙ.

මෙහිදී රාමායනය විශ්වාස කරන විද්වතුන්ගේ මතය ගැන අවතක්සේරු කරන්නට බැහැ. ඔවුන් පවසන අන්දමට නම් රමාසේතු පාලම සැබෑවකි. එය අතීත ඉන්ජිනේරු විශ්කමකි. වර්තමානයේ රාමේෂ්වරම්හි පාවෙන ගල් ජලයේ පාවීමට නම් ඒවායේ ඝනත්වය ජලයට වඩා අඩුවිය යුතුය. එහෙත් ඒවා ජලයට වඩා ඝනත්වයෙන් වැඩිය. එසේ නම් ඒවා පාවෙන්නේ කෙසේද, මේ කාටත් ඇතිවන ඊළඟ ප්‍රශ්නයයි. භූ විiාඥයන් පවසන්නේ එම ගල්තුළ වායු කුහර ඇති බවත්, එම තාක්‍ෂණය නිසා ඒවා ජලයේ ගිලී නොයන බවයි. ඊට හොඳම උදාහරණය පියාඹන කුරුල්ලන්ය. උන්ගේ සිරුර බරින් වැඩි වුවද අස්ථිවල ඇති වායු කුහර නිසා උන් සිරුර ගුවනේ සමබර කරගනී. මෙම පාලම ඉදිකිරීමට එදා උපයෝගී කරගත්තේ මෙම තාක්‍ෂණික රහස විය නොහැකි දැයි අද බොහෝ දෙනකු ප්‍රශ්න කරනවා.

කෙසේ නමුත් වසර දහස් ගණනකට එපිට ශ්‍රී ලාංකික මහාරාවණ රජු ගුවනින් යන තාක්‍ෂණයත්, ගුවන් යානා ඉදිකිරීමත් ගැන දැන සිටියා නම් ඉන්දියාව රාමා කුමරුට සහායට පැමිණි නාලාට ගල්කුට්ටි මුහුදු ජලය මත පාකර වීමේ තාක්‍ෂණික දැනුමක් නොතිබුණා කියා තර්ක කිරීමත් සුදුසු නැහැ. එහෙම බලද්දී රාමාගේ පාලම මිත්‍යාවක් කියන්නට උත්සාහ කරන කෙනකුට දෙවරක් නොව කිහිප වරක් සිතා බලන්නත් සිද්ධ වෙනවා. මේ සියල්ල තර්ක, විතර්කවලින් මගහරිනවාට, වසා දමනවාට වඩා වැදගත් වෙන්නේ එයින් ගතහැකි ඥානය මිනිසාගේ අනාගත දියුණුව උදෙසා යොදා ගැනීම නොවේද.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

පියා අහිමි වූ දියණියකගේ ආත්මීය වේදනාව ‘චන්ද්‍ර මණ්ඩලේ’

Next Post

JAT දැවමය මතුපිටක කල්පැවැත්ම වැඩිකරන ‘සේයලැක් සත්කාරය’

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.