• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඉසිපතන විද්‍යාලයීය රග්බි අභිමානය සමරන අනුග්‍රාහක උපහාර උළෙල! Sri Lanka Latest News

April 16, 2026
in Business
Reading Time: 8 mins read
A A
ඉසිපතන විද්‍යාලයීය රග්බි අභිමානය සමරන අනුග්‍රාහක උපහාර උළෙල! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්ෂේත්‍රයේ අතිශය සම්භාවනාවට පාත්‍ර වූ ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ 2026 වසරේ අනුග්‍රාහක උපහාර උළෙල සහ මාධ්‍ය හමුව 2026 අප්‍රේල් 8 වන දින කොළඹ ග්‍රෑන්බෙල් හෝටලයේ දී පැවැත්වේ. මෙම අවස්ථාව මෙවර රග්බි තරඟ සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, අනුග්‍රාහකයන්, ආදි සිසුන් සහ මාධ්‍ය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කණ්ඩායමේ අභිමානවත් ඉතිහාසය සහ අනාගත ඉලක්ක සැමරීම මෙහි ප්‍රධාන අරමුණයි. Sri Lanka Latest News

ඉසිපතන විද්‍යාලයට රග්බි ක්‍රීඩාව යනු හුදු ක්‍රීඩාවක් පමණක් නොව, එය 1950 දශකයේ අගභාගය දක්වා දිවයන අභිමානවත් සම්ප්‍රදායකි. 1960 දශකයේ මුල් භාගයේ නිල වශයෙන් ආරම්භ වූ මෙම කණ්ඩායම එතැන් සිට ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බලවේගයක් බවට පත්විය. 1963 වසරේ දී ලබාගත් ප්‍රථම අන්තර් පාසල් රග්බි ජයග්‍රහණයෙන් පසු ඉසිපතන විද්‍යාලය ජාතික මට්ටමේ අවධානය දිනාගත් අතර, අඛණ්ඩ දක්ෂතාවය සහ විශිෂ්ටත්වය පිළිබඳව ඉහළ කීර්තිනාමයක් ගොඩනගා ගැනීමට ඔවුන් සමත්ව තිබේ.

ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාවේ “රජවරුන්/Kings of Schools Rugby” ලෙස සැලකෙන ඉසිපතන විද්‍යාලය, 14 වතාවක් ජනාධිපති කුසලාන ශූරතාවය දිනා ගනිමින් වාර්තාවක් ද පිහිටුවා ඇත. “Green Machine” ලෙස විරුදාවලිය ලත් මෙම කණ්ඩායමේ අඛණ්ඩ සාර්ථකත්වය රඳා පවතින්නේ විනය, නොපසුබට උත්සාහය සහ සැමවිටම ජයග්‍රහණය ඉලක්ක කරගත් සංස්කෘතියක් මතය. වසර ගණනාවක් පුරා ඔවුන් ත්‍රිත්ව ශූරතා 6ක්, ලීග් ශූරතා 14ක් සහ Knockout ශූරතා 15ක් ඇතුළුව ප්‍රධාන ජයග්‍රහණ රාශියක් දිනා ඇති අතර, අපරාජිත තරඟ වාර 12කට වඩා වාර්තා කර ඇත.

පසුගිය දශක හයකට අධික කාලය තුළ ජාතික මට්ටමේ ක්‍රීඩකයන් 70කට අධික සංඛ්‍යාවක් බිහිකරමින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට ප්‍රමුඛතම දායකත්වයක් දක්වන පාසලක් බවට ඉසිපතනය පත්ව ඇත. ක්‍රීඩකයන්ට අමතරව ඩිල්රෝයි ප්‍රනාන්දු සහ නිසාම් ජමාල්ඩීන් වැනි ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවන් ද, ආනා සරණපාල, එම්.ඩී. ඉෆ්තිකාර් සහ සනත් මාටිස් වැනි ප්‍රකට ජාතික පුහුණුකරුවන් ද මෙම විද්‍යාලයීය රග්බි සම්ප්‍රදාය තුළින් බිහිවී තිබේ.

2026 තරඟ වාරයේ සුවිශේෂී සිදුවීමක් වන්නේ සනත් මාටිස් මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස නැවත පත්වීමයි. එය ඔහු සිය මව් පාසල වෙත පැමිණීම සනිටුහන් කරන වැදගත් අවස්ථාවකි. හිටපු ජාතික ක්‍රීඩකයෙකු මෙන්ම පාසල් රග්බි ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුලතම පුහුණුකරුවෙකු වන මාටිස් මහතා, කණ්ඩායමේ දක්ෂතා ඉහළ නැංවීම සඳහා සිය පුළුල් අත්දැකීම්, නායකත්වය සහ පැහැදිලි දැක්ම කණ්ඩායමට එක් කරයි. පුහුණු අංශය තවදුරටත් ශක්තිමත් කරමින්, 15 සාමාජික සහ 7 සාමාජික රග්බි යන අංශ දෙකෙහිම විශේෂඥ දැනුමක් සහිත හිටපු ෆීජි ජාත්‍යන්තර ක්‍රීඩක සයිමෝනි රොකිනි ද උපදේශකවරයෙකු ලෙස කණ්ඩායම සමඟ එක්ව සිටී.

2026 වසරේ කණ්ඩායමේ නායකත්වය ශාකීබ් සුම්රි විසින් දරනු ලබන අතර, උප නායකයන් ලෙස නිමත සංදීප සහ අබ්දුල් අසීස් කටයුතු කරමින් ඉදිරි තරඟ වාරය සඳහා ප්‍රබල නායකත්වයක් ලබා දෙනු ඇත.

මෙම අනුග්‍රාහක උපහාර උළෙලේ දී ප්‍රධාන අනුග්‍රාහක Fortune Soy ආයතනය මෙන්ම සම අනුග්‍රාහකයන් වන KFC සහ Sense.lk ආයතන ලබාදෙන සහයෝගය ඇගයීමට ලක් කෙරේ. ලෝකඩ අනුග්‍රාහකයන් ලෙස Macson Mesh Industries, TVS සහ MAS යන ආයතන ද, විශේෂ අනුග්‍රාහක ලෙස UDDS ආයතනය ද එක්වෙමින් මෙම වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරයි. මීට අමතරව, කණ්ඩායමේ අනාගත සංවර්ධන ගමන්මග ශක්තිමත් කරමින් වයස අවුරුදු 14න් පහළ කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස Group 89 කටයුතු කරයි.

මීට අමතරව තවත් සහකරුවන් රැසක් මෙම ගමනට ශක්තියක් වී ඇත. ඒ අනුව සත්කාරක සහකරු ලෙස Pearl Beach ද, කැමරා සහකරුවන් ලෙස Camera.lk සහ SONY ද, සුවය සහ යහපැවැත්ම පිළිබඳ සහකරු ලෙස Link Natural Samahan ද, පෝෂණ සහකරු ලෙස Appeton ද සහ Grooming Partner ලෙස Gold දායකත්වය සපයයි. තවද, Dialog ආයතනය තරඟාවලි අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව කටයුතු කරන අතර, Kottu Mee ආයතනය ‘Hot and Spicy’ සහකරු ලෙසත්, Koko Kiddies Land ආයතනය ගෘහ භාණ්ඩ සහකරු ලෙසත් සහාය දක්වයි.

මෙම වැඩසටහනේ නිල මාධ්‍ය සහකරුවන් ලෙස Hiru TV සහ Sun FM කටයුතු කරන අතර, Content Wizards ආයතනය ඩිජිටල් මාධ්‍ය කටයුතු ද, Emerging Media ආයතනය එළිමහන් ප්‍රචාරණ සහකරු ලෙස ද කටයුතු කරයි. මීට අමතරව, සමස්ත මහජන සම්බන්ධතා කටයුතු මෙහෙයවනු ලබන්නේ PR Wire ආයතනය විසිනි.

මෙම උළෙල වසර ආරම්භයේ දී කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වූ තරඟ වාරය ආරම්භ කිරීමේ වැඩසටහනට සමගාමීව පවත්වන්නකි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ කණ්ඩායමේ සාර්ථකත්වය පිටුපස සිටින සියලුම පාර්ශවයන්ගේ සාමූහික සහයෝගය අගය කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් රග්බි කළමනාකරණ සහ සංවර්ධන කමිටුවේ සභාපති කැලුම් රොද්‍රිගෝ මහතා සඳහන් කළේ, ඉසිපතන රග්බි ක්‍රීඩාවේ අඛණ්ඩ සාර්ථකත්වය රඳා පවතින්නේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, පරිපාලකයන්, අනුග්‍රාහකයන් සහ සහකරුවන්ගේ පවතින නොපසුබට කැපවීම මත බවයි. අද වන විට ඉසිපතන විද්‍යාලයීය රග්බි ක්‍රීඩාව යනු අඛණ්ඩ විශිෂ්ටත්වයේ, නායකත්වයේ සහ ක්‍රීඩාශීලීත්වයේ ජීවමාන සංකේතයකි. අභිමානවත් උරුමයකින් සහ අනාගතයට ගැළපෙන පැහැදිලි දැක්මකින් සන්නද්ධ ‘Green Machine’ ක්‍රීඩා පිටිය තුළ මෙන්ම ඉන් පිටතදී ද විශිෂ්ටත්වය කරා ළඟා වීමට තරුණ ක්‍රීඩක පරපුර අඛණ්ඩව දිරිමත් කරනු ලබයි

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අලුත් අවුරුද්දේ බීලා රාජකාරී කරන්න ආපු බක්කිඇල්ල පොලිසියේ නිලධාරීන්ට වෙච්ච දෙයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සෙබළු 10000ක්! යුද නැව් 12ක්! ප්‍රහාරක යානා රැසක්! අමෙරිකාව හෝමුස් අල්ලා ගනී! ඉරාන නැවකුත් ආපහු හරවා යවයි! I Sri Lanka Latest News

MORE NEWS

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News
Business

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.