• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

යූටියුබ් නෑ… ෆේස්බුක් නෑ… චකබ්ලාස් කෙල්ල තාමත් හිට්…! මාව සහාය නිළිය කළාට කමක් නැහැ… ඒත් වසන්තට වුණු දේ ගැන මට දුකයි…! දොඩම් ගොඩක් එකවර බදලා අල්ලා ගන්න කලාවට මම ආසා නැහැ…! ජනකාන්ත නිළියක් වෙන්න සිය ගානක් රඟපානවට වඩා මතක හිටින එකක් කළත් ඇති…! Sri Lanka Latest News

April 11, 2026
in Heart
Reading Time: 4 mins read
A A
යූටියුබ් නෑ… ෆේස්බුක් නෑ… චකබ්ලාස් කෙල්ල තාමත් හිට්…! මාව සහාය නිළිය කළාට කමක් නැහැ… ඒත් වසන්තට වුණු දේ ගැන මට දුකයි…! දොඩම් ගොඩක් එකවර බදලා අල්ලා ගන්න කලාවට මම ආසා නැහැ…! ජනකාන්ත නිළියක් වෙන්න සිය ගානක් රඟපානවට වඩා මතක හිටින එකක් කළත් ඇති…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චම්පා ශ්‍රියානි නම් සම්මානනීය රංගන ශිල්පිනිය ගැන සටහනක් තබන්නටයි මේ සූදානම. කොතැනින්ද එය පටන් ගන්නේ? සිතන්නට එකම එක තත්පරයක් හෝ කාලය මිඩංගු කරන්නට අවැසි නැත. ඊට හේතුව වන්නේ ඈ ගැන ලියන්නට කාරණා ඕනෑ තරම් තිබෙන නිසාය. එලෙසම ඒ දහසකුත් එකක් කාරණා අතර ‘හිරුට මුවාවෙන්’ ටෙලියේ එක ‘චකබ්ලාස් කෙල්ල’ එහෙමත් නැත්නම් ‘ප්‍රීතිමාලි’ හැමදාමත් සුවිශේෂ වන්නීය. චම්පා ශ්‍රියානි සමග කරන විද්‍යුත් මාධ්‍ය හමුවකදීද කවුදෝ මන්දා අයකු කීවේ ‘චකබ්ලාස්’ කෙල්ලගෙන් බැහැරව ඈ සමග යම් කතිකාවක් ආරම්භ කිරීම මඳක් අපහසු බවය. ඒ නිසාම මෙතැනදිත් අපි ප්‍රීතිමාලි ගැන මතකයෙන්ම මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය ගැන කතාබහ ආරම්භ කරන්නෙමු. Sri Lanka Latest News

කටකාර ප්‍රීතිමාලි ටෙලි තිරයට ඇවිදින් දැන් දශක හතරකුත් පහුවෙලා හමාරය. අවුරුදු හතළිස් ගණනක් එලෙස පසුවුවද ප්‍රීතිමාලිගේ චරිතයෙන් අප පිනවූ ඈ තවමත් රඟන්නීය. අදටත් ඈ යන මගතොටකදී ප්‍රේක්ෂකයෝ ඈ වටා හරි ප්‍රියතාවකින් රොද බඳින්නෝය. එය කලාකාරිනියකට ඇති ලොකුම වාසනාවකි. ඒ වාසනා මහිමය ගැනත් රයිගම් සම්මාන උළෙලේදී නැවතත් ඇය සම්මානනීය වූ වග ගැන කතා කරන්නටත් අප ඇයට ආරාධනා කළෙමු.

ඉතින් කියන්න කොහොමද ඔබේ සුව දුක්?
මම සතුටින් දවස ගෙවනවා. මගේ දූදරුවන්, සැමියා සහ මුණුබුරන් සමග තමයි වැඩිහරියක් කාලය ගෙවෙන්නේ. ඒ අතරතුර හිතට දැනෙන හොඳ ටෙලි වෙනුවෙන් ඉඳහිටක සම්මාදම් වෙනවා.
මේ දවස්වල මොකක් හෝ අලුත් ටෙලියක රූගත කිරීම්වලට සහභාගි වන බව ආරංචියි?
ඔව්. ‘සකර්ම’ සහ ‘සසංකාරා’ අධ්‍යක්ෂණය කරපු ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අලුත්ම ටෙලියට මේ දවස්වල සම්බන්ධ වී සිටිනවා. ගැමි පරිසරයක පසුබිමක් නොවන ඔහුගේ එම නිර්මාණය වෙනස් තාලයක කතාවක්. ‘සිත් අතර හිස්තැනක්’ යනුවෙනුයි එය නම්කර තිබෙන්නේ.

ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ටෙලි නිර්මාණ ඔබට විශේෂයි නේද?
ඔව්. මම ඔහුගේ නිර්මාණකරණයට ප්‍රිය කරනවා. එහි කරන්නට යමක් සහ සිතට සතුටක් තෘප්තියක් දැනෙන චරිත තමයි බොහෝ විට ලැබෙන්නේ. ඒ නිසා ඊට සම්මාදම් වෙනවා.
බොහෝ ටෙලි චරිත සඳහා ලැබෙන ආරාධනා මගහරින්න හේතුව කියන්න පුළුවන්ද?
දොඩම් ගොඩක් එකවර බදලා අල්ලා ගන්න තනන ටෙලි කලාවට මම ආසා නැහැ. ඒ වගේම මගේ පවුල සහ ගෙදරින් බැහැරව කාර්යබහුල ටෙලි නිළියක වීමේ උනන්දුවක් හෝ කැමැත්තක්ද මා තුළ කොහොමවත් නැහැ. ඉඳහිටක මතක හිටින හොඳ චරිතයකට දායක වීම තමයි බොහෝ විට සිදුවෙන්නේ.
ඇවිටිලි කළත් සමහර ටෙලි නිර්මාණ සඳහා ඔබ දායක වෙන්නේ නැති බවයි අහන්න ලැබෙන්නේ?
අනේ ඔව්. මම අර කලින් කිව්වා වගේ වැඩ ගොඩක් නම් බදා ගන්නේ නැහැ. ඒ කාර්යබහුල කමට මම කැමැති නැහැ. ඒ නිසා ඔවුන්ට බොහොම සුහදව එය වටහා දී පැත්තකට වෙනවා.
ඔබ ඔබ ගැන ආඩම්බර විය යුතුයි. අවුරුදු හතළින් ගානකට පස්සෙත් තවමත් තියෙන ඩිමාන්ඩ් එකට?
ඔව්. ඇත්තෙන්ම මට මා ගැන බොහොමත්ම සතුටුයි. අවුරුදු හතළින් ගණනක් ගිහිල්ලත් බොහෝ දෙනා තවමත් ‘හිරුට මුවාවෙන්’ ටෙලියෙ ප්‍රීතිමාලි ගැන කතා කරනවා. අනෙක මේ කිසිවක් මම ආයාසයෙන් මවාගත් දේ නෙවෙයි. නිරායාසයෙන් සිදුවන දේ. මොකද කියනවා නම් මම සෝෂල් මීඩියාවල මම ගැන පෝස්ට් දාන්නේ නැහැ. මටය කියලා හදාගත්ත යූටියුබ් හෝ මුහුණු පොතක් නැහැ. ඒවා වැරැදිය, තිබිය යුතු නැත කියලා නෙවෙයි මම මේ කියන්නේ. ඒ ගැන වරදවා හිතන්න එපා. මේ කියන්නේ ඔබ ඉහත ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කිවයුතු දේවල්.
මම ඉඳහිටක ටෙලියක රඟපානවා. ඉන් පස්සේ නිහඬව සාමාන්‍ය මවක්, බිරියක්, මිත්තණියක් ලෙස දවස ගෙවනවා. හැබැයි මුහුණු පොතේ, සෝෂල් මීඩියාවල ප්‍රීතිමාලි හැමදාමත් වගේ ඇක්ටිව්. ප්‍රේක්ෂකයෝ ඒ ගැන කතා කරනවා. ප්‍රීතිමාලි පුංචි තිරයේ රඟන කාලේ ඒවා බලපු නැති පරම්පරාවත් ප්‍රීතිමාලිගේ පෝස්ට්වලට කමෙන්ට් කරනවා. මට ඒ ගැන ආඩම්බරයි නෙවෙයි සතුටුයි. මොකද කියනවා නම් මෙය මම කවදාවත් බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි.
බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි කියන එකේ අදහස?
මම කවදාවත්ම නිළියක් වෙන්න හීන මැව්වේ නැහැ. මට ඒ ගැන ඉලක්ක තිබුණේ නැහැ. හැම දේම වුණේ අහම්බයකින්.
ඒ අහම්බය නැවත මතක් කරනවා නම්?
උසස් පෙළ කරන වයසෙදි තිමති වීරරත්න මහත්තයා අපේ ඉස්කෝලෙට ආවා නාට්‍යයක් කරන්න. කෙල්ලන්ට ඉතින් ඕක මදැයි. එක පොදියට වටවුණා නළු නිළියන්ව බලන්න. ඔය අතරේ තිමති මහත්තයා මාව දැකලා මට විශේෂ ආරාධනාවක් කළා ඒකාංගික ටෙලියක ප්‍රධාන චරිතයට. නාට්‍යය ‘කඳුළක හසරැලි’.
ඒ මොහොතෙ දැනුණු හැඟීම?
අවංකවම කියනවා නම් ‘අනේ මට නිළියක් වෙන්න ලැබුණා නේද?’ කියන ආශ්චර්යවත් හැඟීමක් මට දැනුණේ නැහැ. ඉන් පස්සේ අධ්‍යාපන කටයුතු හමාර කරලා ගෙදර ඉන්න අතර ආයෙම සෙනරත් ජයවර්ධන සහ බන්දුල විතානගේ යන සුවිශේෂ නිර්මාණකරුවන්ගෙන් ආරාධනා ආවා ‘හිමි අහිමි’ එකට. එතැනින් පස්සේ තමයි ටෙලිනාට්‍ය මහ ගොඩකට ආරාධනා ආවේ.
හිතපු නැති අසීමිත ජනප්‍රියත්වක් ඔබ සොයා ආවා?
එහෙම තමයි කවුරුත් කියන්නේ…..
කවුරුත් කියන ඒවා පැත්තකට දාමු. ඔබ මොනවද ඒ ගැන කියන්නේ?
මම වාසනාවන්තයි. කිසිම වෙහෙසක් හෝ හඹායෑමක් නැතිව ටෙලි තිරය තුළ ප්‍රේක්ෂක සිත් තුළ සදාකාලික මතකයක් වෙන්න මට පුළුවන් වුණා. මට ඕනෙ වුණෙත් ඒකමයි. ටෙලිනාට්‍ය මෙච්චරක රඟපෑවා, අච්චරක රඟපෑවා කියනවට වඩා ‘හිරුට මුවාවෙන්’ ටෙලියෙ ප්‍රීතිමාලි වගේ මතක හිටින හිතට දැනෙන යමක් කරන්නයි මට ඕනෙ වුණේ.
ජනප්‍රියත්වය සහ මතකය විතරක්ද? සම්මානනීය නිළියක ලෙසත් ඔබට අවැසි තැන නොඅඩුව ලැබුණා?
සම්මාන නම් බොහෝ විට සාපේක්ෂයි. එක් සම්මාන උළෙලක ජූරියක් මාව හොඳම නිළියට තෝරනකොට ඊළඟට තියෙන සම්මාන උළෙළේ ජූරිය ඒ නාට්‍යය පෙළ අතරින්ම වෙනත් නිළියක් බෙස්ට් ඇක්ටර් ලෙස තෝරන්න පුළුවන්. ඒ වගේම ඒ තීන්දු වැරැදි නොවන්නත් පුළුවන්.
ඔබ කතා කරන්නේ යම් හිත් තැවුලකින්ද?
අපොයි නැහැ. සම්මාන හෝ සම්මාන දෙන පිළිවෙළ ගැන කවමදාවත් මට හිතේ අමුරු දැනිලා නැහැ. කොතැනක ගියත් මගතොටකදි මට ආදරය කරන් ප්‍රේක්ෂකයෙක් ඇවිදින් ‘චම්පා ශ්‍රියානි නේද මේ’ එහෙමත් නැත්නම් ‘සිංගි අම්මා නේද මේ’ කියලා බොහොම හැඟීම්බරව අහනකොට හිතට පුදුම සතුටක් දැනෙනවා. ඒ අතර තවත් පිරිසක් මාව එක පොදියට වටකරගෙන ෆොටෝ ගන්නවා, සෙල්ෆි ගන්නවා. කෝළං ගොඩයි. අන්න ඒ හදවතින්ම එන ළෙන්ගතු ජනතා ප්‍රතිචාර තමයි කලාකාරියකට ආත්ම තෘප්තිය මෙන්ම ආශ්වාදය ගෙන එන්නේ. සම්මාන කියන්නේ අපව අගැයීමක්, මෝටිවේෂන් එකක්. අප එය කෘතඥතාපූර්වකව පිළිගත යුතුයි. නමුත් ජනතා සම්මානය සහ ආදරය ඒ හැම දේටම යටයි. මගෙ අදහස එයයි.
‘සසංකාරා’ ටෙලියෙ සිංගි අම්මට පසුගියදා රයිගම් සම්මාන උළෙලෙදි හොඳම සහාය නිළි සම්මානය ලැබුණා?
ඔව්. සතුටුයි. සසංකාරා ටෙලියට බොහෝ සම්මාන හිමිවුණා.
ඔබව සහාය නිළිය ලෙස නම්කිරීම ගැන සමාජ මාධ්‍ය පුරා ඉතා තදින් චෝදනා කොට තිබුණා?
ඔව් මමත් එය දුටුවා. ඒ සම්බන්ධව බොහෝ පිරිස් විවේචන එල්ල කොට තිබුණා.
ඔබත් එහි වරදක් දකින බවයි පෙනෙන්නේ?
මෙහෙමයි. අප ජූරියේ තීරණයට ගරු කළ යුතු වෙනවා. ‘සසංකාරා’ ටෙලියේ මගේ සහ වසන්ත මොරගොඩගේ ප්‍රධාන චරිතයන් සහාය චරිතයන් බවට පත්කොට තිබුණේ ජූරිය විසිනුයි. සසංකාරාහි මටත් වසන්ත මොරගොඩටත් පවරා තිබූ ප්‍රධාන චරිත එලෙස සහාය තත්ත්වයට වැටුණේ ඇයි කියන්න මටත් තේරුම් ගන්න අමාරුයි. මගේ ‘සිංගි අම්මා’ගේ චරිතය කෙසේ වෙතත් නාට්‍යයේ ප්‍රබල මෙහෙවරක් කළ වසන්තව සහාය නළු තත්ත්වයට ඇදදැමීම සාධාරණ නැති බව මෙහිදී කිව යුතුමයි.
ඒ වගේම බලාපොරොත්තු නොවූ ආකාරයට ප්‍රේක්ෂකයන් ඉතා නිර්භයව සහ දයාවෙන් ඒ අසාධාරණය පිළිබඳ විශාල ආන්දෝලනයක් කරනකොට ‘අනේ මේ අපි වෙනුවෙන් නේද?’ කියන සංවේදී හැඟීම මගේ හිතට දැනුණා. එතැනදි වුණත් බලන්න සම්මාන ප්‍රදානයකට වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාරය සහ ආදරය මොන තරම් වටිනවද?
සම්මාන උළෙල වර්ජනය කළේ ඔබව සහාය නිළි මට්ටමට දැමූ නිසාද?
අයියෝ, හීනෙකින්වත් එහෙම හිතුවේ නැහැ. මම ඒ තරම් බොළඳත් නැහැ. සම්මාන උළෙලට යන්න බැරි වුණේ ගෙදර ලොකු දානමය පින්කමක් තිබුණා. මේ ගෙදර අම්මා විදියට මම එයට සහභාගි විය යුතුව තිබුණා. ඒ නිසයි යන්න බැරිවුණේ.
ඔබ වෙනුවෙන් සම්මානය ගත්තේ හොඳම නිළිය වූ අප්සරා ගුණතිලක?
ඔව්. ඇය ඒ සම්මානය අපේ ගෙදරටම අරන් ආවා. තෑග්ගකුත් එක්කම. අප්සරා බොහොම නිහතමානී දරුවෙක්. හොඳ අනාගතයක් තියෙන දක්ෂ යොවුන් කලා ශිල්පිනියක්.
ඉතින් කියන්න අවසාන වශයෙන් තැබිය යුතු සටහන කුමක්ද?
නවකයන්ට කිවයුතු බොහෝ දේ තියෙනවා. ජනකාන්ත නිළියක් කියන්නේ නාට්‍ය සිය ගණනක රඟපාන එක නෙවෙයි. මතක හිටින එක් නිර්මාණයක හෝ ප්‍රේක්ෂකයන්ගේ හිතට දැනෙන චරිතයක ජීවත් වීමයි. රැල්ලට රඟපාන අද තරුණ පිරිස එය තේරුම්ගත යුතුයි. ඒ අතර ප්‍රේක්ෂකයන්ට කියන්න ඔවුනගේ අසීමිත ආදරයට ගොඩක් ස්තුතියි කියලා.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

‘සාජන්ට් පුංචිසෝම’ අප්‍රේල් 17 රාජකාරියට වාර්තා කරයි! Sri Lanka Latest News

Next Post

මම මෙහෙමයි ගේ හැදුවේ…! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.