• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සැර වැර දාන කළු එතනා

August 22, 2020
in Heart
Reading Time: 1 min read
A A
සැර වැර දාන කළු එතනා
Share on WhatsAppShare on Facebook

හද්ද පිටිසර ගම්මානයක කළු එතනා ලෙසට ජීවය දෙමින් සිනමා තාරකාවියක් වීමට ඇයට වරම් ලැබුණේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය හරහා. එතැනින් ගමන ඇරැඹූ ඇය අප වැඩි හරියක්ම දුටුවේ රිදී තිරයේ. මෑත කාලයේ ඇය පුංචි තිරයට සම්බන්ධ වීමත් සමඟ ඇය ගැන බොහෝ දෙනා කතාබහ වුණා. ඒ වෙනස ගැන කතා කිරීමට නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනී සිනෙති අකිලාව අප එකතු කරගත්තේ මේ විදියට.
වැඩිහරියක්ම සිනෙති ඔබව අපි දැක්කේ රිදී තිරයේ. ඒත් මේ දවස්වල වෙනස්ම චරිතයකින් පුංචි තිරයේ අපි දකිනවා?
මම සිරි පැරකුම් චිත්‍රපටයේ කළු එතනාගේ චරිතය රඟපාලා තමයි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඒ ලබපු ප්‍රතිචාරත් එක්ක මට චිත්‍රපටවලින් තමයි ආරාධනා ගලාගෙන ආවේ. මේ දවස්වල ජාතික රූපවාහිනියේ විකාශය වන කැලෑහඳ ටෙලිනාට්‍යයේ ග්‍රේස් ලෙසට වලව්කාර පැලැන්තියක චරිතයක් නිරූපණය කරනවා.
ග්‍රේස්ගේ දකින අහිංසකභාවයත් එක්ක හොඳ ප්‍රතිචාර ඇති නේද?
ඇත්තටම ග්‍රේස්ට ගොඩාක් ප්‍රේක්ෂකයො ආදරය කරනවා. වලව්කාර පැලැන්තියක චරිත ගොඩාක් දුරට දකින්නේ සැර පරුෂ චරිතනේ. කැලෑහඳ ටෙලිනාට්‍ය ගොඩදෙනෙක් නරඹන බව දැනෙනවා ලැබෙන ප්‍රතිචාරත් එක්ක.
ඔබේ ආදරණීය සැමියත් එහි රඟපානව නේද?
ඔහු රඟපාන්නේ කුමතේරිස්ගේ චරිතය. අපි දෙන්නා එකම ටෙලිනාට්‍යයේ රඟපෑවාට අපිට එකට රඟපාන්න හමුවුණේ නැහැ. ඔහුගේ රූපගත කිරීම් සිදුවන්නේ කොළඹින් බැහැර ප්‍රදේශවල තමයි.
ඉදිරියට සිනෙති ටෙලිවලින් නිතරම දකින්න ලැබේවිද?
මම සිනමාවට වගේම හොඳ ටෙලිනාට්‍ය නිර්මාණවලට කැමතියි. එහෙම වර්ගීකරණයක් අනුව එකම පැත්තකින් මම සම්බන්ධ වෙන්න හිතාගෙන නැහැ. මට ගැළපෙන හොඳ චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන් භාරගන්නවා.
දැන් ඉතින් එහෙම ආවට ගියාට චරිත කරන්න බැරිව ඇති හස්බන්ඞ්ගේ බලපෑමක් ඇති?
අපෝ කවදාවත් ඔහු මට බලපෑම් නීති රාමුවක් දාලා නැහැ. ඔහු මට උපරිම නිදහස දීලා තියෙන්නේ. අනික අපි දෙන්නම මේ ක්ෂේත්‍රයේ වැඩ කරන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමෝම අපිව දන්නවා. ඔහු මට කියලා තියන්නේ කරන්න පුළුවන්නම් කරන්න කියලා.
ඔබ දෙදෙනා දැන් විවාහ වෙලා කාලයක් ගෙවීගෙන යනවා. කොහොමද විවාහ ජීවිතේ?
එහෙම කිසිම වෙනසක් දැනුණේ නැහැ. එදා වගේම අදටත් දෙන්නා සතුටින් ඉන්නවා. එදා ඉඳල අපි දෙන්නා එකට තමයි කාලය ගතකළේ. වෙනසකට තිබුණේ එක වහලක් යට ජීවත් නොවුණ එක විතරයි. ඒ ජීවිතයත් හරිම සුන්දර විදියට ගලනවා.
ගලන ගඟ හරිම සුන්දරයි කියනවා වගේ ගෙවෙන ජීවිතයට තවම වෙනසක් සිදුවුණේ නැද්ද?
තවම ඉතින් අපි බැඳලා වැඩි කාලයක් නැහැනේ. තවම දරුවන් ගැන හිතුවේ නැහැ. දරු සුරතල් බලන්න ආසාවෙන් අපි ඉන්නවා. කාලයත් එක්ක ඒ හැමදේම සුන්දර විදිහට ගලාගෙන යයි.
ඔබේ තිබුණ ජනප්‍රියතාවයට තවමත් ඇගැයීමක් ලැබුණේ නැහැ නේද. එය ගැන දුකින්ද ඉන්නේ?
සම්මාන ගැන මම හිතන්නේ ලොකු බොරුවක් විදියට තමයි. එය ගැන කලකිරීමක් තියෙවා. සුදුස්සාට හිමි තැන නැහැ. එය මම දකිනවා. ඔය ටික තමයි අපිටත් කවදාහරි වෙන්නේ. ලැබුණොත් ආදරයෙන් භාර ගන්නවා. සම්මාන ගන්න හිතාගෙන මම රඟපාන්නේ නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හරියට තෝරගත යුතු වාස්තු සහ හූනියම්

Next Post

වසර 2900ක් සැඟවුණු සබරගමුව

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.