මලයාසියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සඳහාද, ආසියාටා ගෝලීය පාරිභෝගික ඒකකයේද, ප්‍රධානී ලෙස ඬේවිඞ් හෑගෙඛර්රූ පත්කෙරුණු බව එරික්සන් අද නිවේදනය කළේය. ඔහුගේ නව තනතුරට පත්වීමට පෙර අග්නිදිග ආසියාව, ඕෂියානියාව සහ ඉන්දියාව සඳහා උපායමාර්ග, තාක්ෂණය සහ රාජ්‍ය හා කර්මාන්ත සබඳතා ප්‍රධානී ලෙස ඬේවිඞ් ක්‍රියා කළේය.
‘මලයාසියාවේ, ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ වෙළෙඳපොළවල් අපට ඉතා වැදගත් වෙනවා’ යැයි එරික්සන්හි අග්නිදිග ආසියාව, ඕෂියානියාව සහ ඉන්දියාව සඳහා ප්‍රධානී නුන්සියෝ මිටරිලෝ පවසයි. ‘මෙම වෙළෙඳපොළවල සම්බන්ධතාවයේ ප්රතිලාභ පූර්ණ වශයෙන් ලබාදීම සඳහා තාක්ෂණයේ නවතම නිපැයුම් අප පාරිභෝගිකයන්ට ලබාදීමට කැපවී සිටිමු. ඬේවිඞ් මේ කලාපයේ එරික්සන් ව්‍යාපාරයට නායකත්වය දී සංවර්ධනය කිරීම පිළිබඳව ප්‍රබල ඉතිහාසයක් ඇති කෙනෙක්. එරික්සන් විසින් මෙම වෙළෙඳපොළවලට කර ඇති කැපවීම ඔහු විසින් ඉටුකරනු ඇති බවට මට විශ්වාසයි.’ ඔහු වැඩිදුරටත් පැවැසුවේය.
නායකත්වය හා තාක්ෂණික කාර්යභාරයන්හි වසර විස්සක පළපුරුද්දක් ඇති ඬේවිඞ් එරික්සන් හා සම්බන්ධ වූයේ 2008දීය. වෙළෙඳ, කළමනාකාරීත්ව, තාක්ෂණ, උපායමාර්ග හා රාජ්‍ය සබඳතා හරහා විවිධ කාර්යභාරයන් ඉටුකර ඇති ඔහු ස්විඩනය, ඉන්දුනීසියාව, මලයාසියාව හා ඉන්දියාව වැනි රටවල් ගණනාවක ව්‍යාපාර කටයුතු සාර්ථකව දියුණු කර ඇත.











