නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් හිමියන්ට PickMe සේවාවන් සඳහා ගාස්තු ගෙවීම් වඩාත් පහසු කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා PickMe ආයතනය අත්වැල් බැඳගනියි. මේ අනුව නේෂන්ස් ට්‍රස්ට් ඇමෙරිකන් එක්සප්‍රස් කාඞ්පත් හිමියන්ට සියලුම PickMe සේවාවන් සඳහා මුදල් භාවිතයකින් තොරව ගෙවීම් සිදුකිරීම සඳහා ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් යොදා ගැනීමට හැකියාව සැලසෙන අතර මෙමඟින් වඩාත් වේගවත් පහසු හා ආරක්‍ෂාකාරී ගනුදෙනු සිදුකිරීමේ හැකියාවද පාරිභෝගියාට හිමිවේ.
මෙම නව හවුල්කාරීත්වය හඳුන්වාදීමේ අවස්ථාවට සහභාගි වෙමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඞ්පත් අංශ ප්‍රධානී නිලූක ගුණතිලක මහතා මෙසේ අදහස් පළ කළේය. “අපගේ කාඞ්පත් හිමියන්ගේ එදිනෙදා ගනුදෙනු වඩාත් පහසුවෙන් සිදුකළ හැකි ක්‍රමවේදයන් හඳුන්වා දීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා. PickMe සමඟ අත්වැල් බැඳ ගනිමින් ආරම්භ කළ මෙම නවතම සේවාව තුළින් ද අප අපේක්‍ෂා කරන්නේ මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු ක්‍රමවේදයක් අපගේ පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමයි. මෙම සේවාව සක්‍රිය කරගැනීම සඳහා කාඞ්පත් හිමියන් විසින් කළ යුතු වන්නේ PickMe ඇප් එකේ ගෙවීම් ක්‍රමය ලෙස නේෂන්ස් ට්‍රස්ට් ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඞ්පතේ විස්තර ඇතුළත් කිරීම පමණයි.
මෙම නවතම පහසුකම සහ අනෙකුත් දීමනා පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා www.americanexpress.lk වෙත පිවිසෙන්න. නැතිනම් පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය වන (011) 4 414141 අමතන්න. Nations Mobile Banking App හරහාද නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අලුත්ම දීමනා හා ප්‍රවර්ධන වැඩසටහන් ආදිය සම්බන්ධයෙන් ක්ෂණිකව තොරතුරු දැනගත හැකි අතර iOS සහ Android සඳහා එය ලබාගත හැකි වේ.











