NDB බැංකුව සිය පාරිභෝගිකයාගේ හදිසි මුදල් අවශ්‍යතාවයන් සඳහා කරදරයකින් තොරව රන් ණය උකස් සේවාව ලබාදීමට පමණක් නොව එය ආරක්‍ෂිත සහ විශ්වාසවන්ත ක්‍රමවේදයකින් ලබාදීමට සෑම විටෙකම ක්‍රියාත්මක වේ.
මේ වන විටත් NDB රන් ණය උකස් සේවා වෙළෙඳපළ තුළ කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැතිව 9% වැනි තරගකාරී අවම වාර්ෂික පොලී අනුපාතයකට එනම් මාසිකව 0.75% කට NDB රන් ණය සේවාව ලබා දෙයි. තවද NDB රන් ණය සේවාව වෙතින් කැරට් 24ක රන් භාණ්ඩ සඳහා රුපියල් 65ල000 තෙක් උකස් අත්තිකාරම් ලබා ගැනීමේ හැකියාව ඇත.
පාරිභෝගික පිරිස වෙත වේගවත්, විශ්වාසවන්ත හා පෞද්ගලිකත්වය සුරකින සේවාවක් පිරිනමන රන් භාණ්ඩ උකස් සේවාවක් වශයෙන් NDB රන් ණය සේවාව ඉහළ කීර්තිනාමයක් හිමිකරගෙන ඇත. NDB රන් ණය සේවාව භාවිතා කරන ඔබට දිවයින පුරා පිහිටි NDB ශාඛා 88කට අධික ප්‍රමාණයකින් ඔබේ රන් භාණ්ඩ සඳහා උපරිම ආරක්ෂාවක් හා බාධා රහිත පාරිභෝගික සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව NDB විසින් හිමිකරදී තිබේ. NDB රන් ණය සේවාවට එක් කළ තවත් ප්‍රතිලාභයක් වන්නේ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අතේ ඇති මුදල් ප්‍රමාණය අනුව නැවත ගෙවීමේ හැකියාව ලබාදීමයි. එමෙන්ම අනිකුත් රන් භාණ්ඩ උකස් සේවා හා සමානවම වාරික කොටස් ගෙවීම හරහා තම රන් භාණ්ඩ නැවත ලබාගැනීමේ හැකියාවද ලබාදී තිබේ.











