විශ්ව නිර්මාණය තුළ පුද්ගලයන් වශයෙන් අප සෑම පුද්ගලයකු තුළම කුමක් හෝ අඩුපාඩුවක් ඇත. අප සැවොම අංග සම්පූර්ණ පුද්ගලයන් නොවනු ඇත. ඒ අතරින් ප්‍රධානතම ගැටලුව වූ අක්ෂි සහ ශ්‍රවණාබාධ සහිතව පීඩා විඳින වැඩිහිටි කුඩා ඔබ සැමට ආදරණීය අත්වැලක් සැපයීම උදෙසා විෂන් කෙයා අපි ඔබ සමඟ නිරතුරුවම සමීපයෙන් සිටිමු. අපගේ ප්‍රධානතම සේවාවක් ලෙස ඔබට ලබාදුන් අක්ෂි සේවාවට අමතරව දැන් ශ්‍රවණ ආබාධයන්ගෙන් පීඩා විඳින්නන් සඳහාද සුහදශීලී සේවාවක් රැගෙන ඒමට අපි සූදානම්ව සිටිමු. ශ්‍රවණාබාධ සම්බන්ධයෙන් අවුරුදු 10ක් පුරාවට අඛණ්ඩ සේවාවක් සපයා ඇති අප ඉදිරියේදීද මෙම අපහසුතාවලින් මිදී පවුල සහ සමාජය සමඟ කිසිදු අපහසුතාවයකින් තොරව වැඩකටයුතු කිරීමට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය අපි ඔබට ලබාදෙමු.
ඒ සඳහා අපේ සේවාවන් ලබා ගැනීමට දැන් ඔබ කොළඹට පැමිණිය යුතු නැත. ඔබේ පහසුව උදෙසා ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සකස් වී ඇති අපේ ශාඛාවන් තුළින් දැන් ඔබට ඔබේ ගමේ, නගරයේ ඇති ශාඛාවෙන්ම ඒ සඳහා කාලය වෙන්කර ගත හැක. එපමණක් නොව ඔබේ ගැටලු උදෙසා ඔබට ඔබව පරීක්ෂා කිරීමට ඒ සම්බන්ධයෙන් මනා පළපුරුද්දකින් යුතු විශේෂඥ හොඳ ශ්‍රවණවේදී මණ්ඩලයක්ද අප සතුව ඇති බව දන්වන්නේ හොඳම නිවැරැදිම දේ ඔබ අතට පත්කිරීම සඳහායි. නිවසේදී පමණක් නොව ඔබ සමාජයේදීද මේ නිසාම ඔබ මානසික අපහසුතාවට පත්වන්නට ඇති බව නොඅනුමානයි. නමුත් ඔබ එසේ සිතමින් තමන් ගැන තිබෙන ආත්ම විශ්වාසය පලුදු කරගත යුතු නැත. ඒ සෑම අපහසුතාවයක්ම සමඟින් උදව් කිරීමට සෑම මොහොතකම අප කැපවී සිටිමු.











