‘සිහින සමීකරණ’ චිත්‍රපටය තිරයට රැගෙන ආ සසික හේරත්, ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය ලෙසින් ‘බිත්තරේ’ චිත්‍රපටයේ මුහුරත් උත්සවය මැරීනෝ හෝටල් පරිශ්‍රයේදී පසුගියදා සුබ මොහොතින් ආරම්භ වූයේ, චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන්, කාර්මික ශිල්පීන්, මාධ්‍යවේදීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් මධ්‍යයේදීය. දෙරණ මාධ්‍ය ජාලයේ ඉදිරිපත් කිරීමක් ලෙසින් මෙය තිරයට එක්වීමට නියමිතව ඇත.Sri Lanka Latest News
තම පෙම්වතිය මැජික් සංදර්ශනයකදී බිත්තරයක් බවට පත්වූ බව වැරදියට වටහා ගන්නා අහිංසක මෝඩ ගැමි තරුණයෙකු, එම බිත්තරය ආරක්ෂා කරගැනීම සඳහා නපුරු මැර කණ්ඩායමක් සමග සිදුකරන හාස්‍යජනක සටන මෙම කතාවට වස්තු බීජය වී ඇත.
ප්‍රදීප් රාමවික්‍රම, උමා අසේනි, චින්තක වාස්, තිලාන් වර්ණජිත්, ශශී ප්‍රියංකර, චමින්ද බටුකොටුව, නවීන් සෞම්‍ය, නිමල් ජයසිංහ ප්‍රමුඛ දක්ෂ රංගන ශිල්පීන් රැසක් ‘බිත්තරේ’ සඳහා රංගනයෙන් දායකව ඇති අතර, රජීව් මදුමාධව ලියූ තිර පිටපතකට අනුව නිර්මාණය වන මෙහි කැමරාකරණයෙන් සජී එම්. කුලරත්න, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් මධුවන්ත ජයකොඩි, කලා අධ්‍යක්ෂණයෙන් සහ ඇඳුම් නිර්මාණයෙන් බුද්ධි සංජය, අංග රචනයෙන් ප්‍රියන්ත වන්නිනායක සහාය අධ්‍යක්‍ෂණයෙන් සංඛ වීරසිංහ, නිෂ්පාදන කළමනාකරණයෙන් දුමින්ද පෙරේරා, ශබ්ද සැලසුම්කරණයෙන් ලක්ෂිත පොන්සේකා, ඇතුළු පිරිසක් එක් වී ඇත.
දුෂ්කර ගමක ජීවත්වන කුසුම්සිරි සහ ශිරෝමාගේ ආදරය මැජික් සංදර්ශනයක් නිසා උඩු යටිකුරු වෙයි. ශිරෝමාගේ බලකිරීම මත මැජික් බැලීමට යන ඔවුන්ට එදින මුහුණදීමට සිදුවන්නේ නොසිතූ අකරතැබ්බයකටය. මැජික්කරු ශිරෝමාව පෙට්ටියකට දමා අතුරුදන් කර බිත්තරයක් පෙන්වන මොහොතේම, මැජික්කරු විසින් කළ මැජික් එකක් අතර අතුරුදන් වූ මැණිකක් සොයා කළු මහතුන් ඇතුළු මැර පිරිසක් එතැනට කඩාවදී. මෙම සිදුවීම් ඔස්සේ චිත්‍රපටය ඉදිරියට ගලාගෙන යයි. මෙය සම්පූර්ණයෙන්ම හාස්‍යයෝත්පාදක සිනමා නිර්මාණයකි.











