• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වසර 31ක් දර්ශන වාර පනස්දාහකට වැඩිය රඟපාලා ගිනස් පොතටත් ගිය සුප්පාදේවි…! මගේ දෙපයින් වේදිකාවට ගිහින් සම්මානය ගන්න ලැබුණු එක වාසනාවක්…! ඔහු නොලැබුණා නම් මේ වගේ ඇගයීමක් ලැබෙන්නේ නැතිවෙයි…! මාලනී රණසිංහ I Sri Lanka Latest News

March 14, 2026
in Heart
Reading Time: 4 mins read
A A
වසර 31ක් දර්ශන වාර පනස්දාහකට වැඩිය රඟපාලා ගිනස් පොතටත් ගිය සුප්පාදේවි…! මගේ දෙපයින් වේදිකාවට ගිහින් සම්මානය ගන්න ලැබුණු එක වාසනාවක්…! ඔහු නොලැබුණා නම් මේ වගේ ඇගයීමක් ලැබෙන්නේ නැතිවෙයි…! මාලනී රණසිංහ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ වේදිකා නාට්‍යයේ ‘සුප්පාදේවි’ චරිතයට පණ දුන් සම්මානනීය රංගන ශිල්පිනී මාලනී රණසිංහ සමගයි මේ කතාබහ. ඇය පසුගියදා රාජ්‍ය සම්මානයක් ලබාගන්න ඔස්ටේ්‍රලියාවේ සිට ලංකාවට පැමිණියා. ඉතින් ‘හාට්’ අපි හිතුවා ඇයගේ කලා දිවියේ දස්කම් විස්කම් ඔබ සමග බෙදාහදාගන්න.Sri Lanka Latest News

පසුගියදා ඔබතුමිය සුවිශේෂ ඇගයීමකට ලක්වුණා?
මගේ ජීවිතයට ලැබුණු උතුම් සම්මානයක් ලෙස මට එය හඳුන්වන්න පුළුවන්. ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන නාට්‍ය කීර්ති රාජ්‍ය සම්මානය. ගොඩක් සතුටුයි මගේ දෙපයින් වේදිකාවට ගොඩවෙලා ඒ සම්මානය ලබාගන්න මට හැකිවීම ගැන. මම දැකලා තියෙනවා තවත් කලා ශිල්පීන් මේ රාජ්‍ය සම්මානය රෝද පුටුවලින් ගිහින් පවා ලබාගන්නා අවස්ථා. මම මේ සම්මානය ලබාගැනීම සඳහා ඔස්ටේ්‍රලියාවේ ඉඳලා ලංකාවට ආවේ.
ඔබතුමිය කලාවට සම්බන්ධ වුණු අතීතය ගැන කතා කළොත්?
මගේ ගම් පළාත මහනුවර කටුකැලේ. මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය හැදෑරුවේ. මම අධ්‍යාපන කටයුතු හොඳින් කළා. පාසලේ කවි තරග තියෙනවා. කුඩා කාලයේ ඉඳලා උසස් අධ්‍යාපනය අවසන් වෙනකම් මම කවි තරගවල පළමු තැනට පත්වෙනවා. ඉතින් මට කියන්නේ හයියෙන් කවි කියන මාලනී කියලා. මගෙ කට නම් ගොඩක් ශබ්දයි. විශ්වවිද්‍යලයේ වෛද්‍ය පීඨයට මාවත් තේරුණා. කොළඹ යන්න මම කැමැති නැති නිසා මම මවුපියන්ගේ කැමැත්ත අරගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිසීමෙන් පස්සේ තමයි මගේ ගමන වෙනස් වුණේ. ඇතුළත් වුණු පළමු දවස මට හාස්කමක් වගේ. ඉතින් මට රැග් එකක් විදියට සින්දුවක් කියන්න තමයි තිබ්බේ. මම ඉතින් රුක්මනී දේවිය ගායනා කරන සින්දුවක් කිව්වා. පස්සේ මට ඔවුන් කිව්වා මහාචාර්ය සරච්චන්ද්‍ර සර් එන්න කිව්වා කියලා. ඉතින් මාත් පුදුමයට පත්වෙලා යාළුවො කීප දෙනෙක් එක්ක සර් පුහුණුවීම් කරන ශාලාවට ගියා.
සරච්චන්ද්‍රයන් හමුවුණාට පස්සේ මොකද වුණේ?
මට ඉතින් සින්දුවක් කියන්න කිව්වා. මම එතැන පුහුණුවීම් කරමින් හිටපු ‘සිංහබාහු’ නාට්‍යයේ ගීතයක් ගායනා කළා. ඊට පස්සේ මට පුහුණුවීම්වලට එන්න කිව්වා ‘සිංහබාහු’ නාට්‍යයේ. මම පුදුම වුණා එහෙම කිව්වම. මම වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්න ගියේ. නමුත් දෛවය අනුව මාව වෙනස් පැත්තකට යොමුවුණා. ඔය විදියට මම සුප්පාදේවියගේ චරිතයට පුහුණු වුණා. ඇත්තටම ‘සිංහබාහු’ නාට්‍යයේ දෙබස්, ගීතවලට මම වශීවෙලා හිටියේ. 1961 සැප්තැම්බර් 31 වැනිදා තමයි ‘සිංහබාහු’ වේදිකාගත කළේ. එදා මාව ගොඩ දෙනෙක් දැනහඳුනා ගත්තා සුප්පාදේවියගේ චරිතය තුළින්. මගේ ඒ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔය විදියට තමයි මගේ කලා ගමන පටන් ගත්තේ.
මාලනී පෙරේරා, මාලි ජයවර්ධන ‘සිංහබාහු’ට රඟපෑවා. සිංහ සීවලීට මාලනී පෙරේරා, පොතේගුරාට ටෙරන්ස් රණසිංහ. ඔය විදියට අවුරුදු 31ක් විතර මම සිංහබාහු නාට්‍යයේ දර්ශනවාර පන්දාහකට වැඩිය සුප්පාදේවිය ලෙස රඟපෑවා. පසුකාලීනව 1966 දී විතර පොතේ ගුරාට රඟපාපු ටෙරන්ස් රණසිංහ සමග මම විවාහ වුණා.
ගිනස් පොතටත් අවසානයේ ඇතුළත් වුණා නේද ඔබ දෙපළ?
එකම නාට්‍යයක අඛණ්ඩව රඟපාපු නිසා තමයි ඒ ඇගයීම් සම්මානය මටත් මගේ සැමියාටත් ලැබුණේ. වසර 31ක් දර්ශන වාර පන්දාහකට වැඩිය රඟපාපු නිසා තමයි. මට ඔහුව නොලැබුණා නම් මේ වගේ ඇගයීමක් ලැබෙන්නේ නැතිවෙයි. මටත් වඩා මගේ සැමියාට තමයි ලොකු උනන්දුවක් තිබුණේ මාව මේ තරම් දුර ගමනක් එක්කගෙන යන්න. හැබැයි ඉතින් ලෙඩක් දුකක් හැදුණත් දර්ශනවාර අතපසු කළේ නැහැ. 2002 වර්ෂයේ තමයි අපිට ඒ ඇගයීම ලැබුණේ.

පසුකාලීනව ඔබට ‘මනමේ’ කුමරිය වීමටත් වරම් ලැබුණා?
මට කලින් මුලින්ම මනමේ කුමරිය ලෙස රඟපෑවේ ටි්‍රලීෂියා ගුණවර්ධන. ඇය විදේශගත වුණාට පස්සේ තමයි මට ඒ ආරාධනාව ලැබුණේ. පසුකාලීනව සරච්චන්ද්‍ර සූරීන්ගේ ‘වෙස්සන්තර’ වේදිකා නාට්‍යයේ මන්ද්‍රී දේවිගේ චරිතය රඟපෑවා. එතුමාගේ නිර්මාණ කිහිපයක මට පසුකාලීනව රඟාපාන්න වාසනාව ලැබුණා.
ඔබ වේදිකාවවේ විතරක් නෙවෙයි, සිනමාවෙත් ටෙලිනාට්‍යවලත් සුවිශේෂ චරිත නිරූපණය කළා?
පරාක්‍රම නිරිඇල්ලගේ ‘අයෝමා’ චිත්‍රපටයේ ස්වර්ණා මල්ලවාරච්චිගේ නැන්දා ලෙසටත්, විජය ධර්මශ්‍රීගේ ‘හිමගිර’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ වසන්ති චතුරාණිගේ නැන්දා ලෙසටත්, ‘යක්ෂාවේෂය’ චිත්‍රපටයේ සනත් ගුණතිලකගේ අම්මා ලෙසටත් චරිත නිරූපණය කළා. ‘යක්ෂාවේෂය’ චිත්‍රපටය ඉදිරියේදී මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න පුළුවන්. තවම එය තිරගත වුණේ නැහැ. ධර්මසේන පතිරාජගේ ‘හිරු දරුවෝ’, චන්ද්‍රසේනගේ ‘ඉරට හඬන මල්’, සුදත් දේවප්‍රියගේ ‘අඹ යාළුවෝ’ ටෙලිනාට්‍යයේ නිමල්ගේ මව ලෙසත්, ‘මවකගේ ගීතය’ වැනි තවත් ටෙලිනාට්‍ය කීපයකටත් සම්බන්ධ වුණා.

‘මවකගේ ගීතය’ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත්තා නේද?
ඒ මවගේ චරිතය නම් ගොඩක් සංවේදී චරිතයක්. මගේ පොඩි පුතාට රඟපෑවේ අමිත්ත වීරසිංහ. අඹ යාළුවෝ ටෙලිනාට්‍යයෙත් මම රඟපාපු මවගේ චරිතයට ප්‍රේක්ෂකයන් අදටත් ආදරය කරනවා. මම ඉතින් වැඩිපුර ටෙලිනාට්‍ය චිත්‍රපට සඳහා සම්බන්ධ වුණේ නැහැ ගුරුවරියක් ලෙස කටයුතු කරපු නිසා. ඒ කටයුතු සියල්ලම සමබරව කරගෙන යන්න ඕනෙ නිසා තෝරා බේරාගෙන නිර්මාණ සුළු ප්‍රමාණයකට විතරක් සම්බන්ධ වුණා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අත්ල මැද මැවුණු කතිරයකින් කියවෙන කවුරුත් නොදන්න රහස්! ධන යෝගයක් අත ළඟද? මාරක අපලයක් ඉස්සරහද? හඳුනා ගන්නා හැටි මෙන්න! Sri Lanka Latest News

Next Post

සිනමාවට බිත්තරයක්! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

මේ දිනවල ටික්ටොක් සමාජ මාධ්‍යයේ ඇති කෙටි වීඩියෝ අතර ජනාධිපතිවරයාටත්, විපක්ෂනායකවරයාටත්, පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයාටත් ඉහළ ප්‍රතිචාරය හිමිව ඇති ආකාරයක් දැකගන්නට...

Read more
‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල එළියට එන්නෙ නැතිව අනුර මොනවද කරන්නේ..? කාටත් දැනෙන ලොකු වැඩකට අතගහන්නයි යන්නේ..! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාලාව පිරෙන්න නීතීඥවරුන් සහභාගී වූ සමගි නීතීඥ සම්මේලනයේදී විපක්ෂනායක සජිත් කරපු කතාවට රට පුරා නීතී ප්‍රජාවගෙන් පැසසුම්! සම්පූර්ණ කතාව මෙන්න! හැමෝම අහන්න වටින කතාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.