වසර 40ක උරුමයක් ඇති මහනුවර සුවසෙවන රෝහල, සෞඛ්‍ය සේවා අංශයට කාන්තාවන්ගේ කැපී පෙනෙන දායකත්වය හඳුනා ගනිමින් සහ අනාගතය සඳහා බලගැන්වීම, යහපැවැත්ම සහ නායකත්වය දිරිමත් කරමින් මාර්තු 8 වන දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනයේදී APIIT මහනුවර කැම්පස් හිදී වටිනා සහ විශේෂ වැඩසටහනක් පැවැත්වීය.Sri Lanka Latest News
මහනුවර කාන්තා පුරෝගාමීන්, උපදේශක වෛද්‍යවරුන් සහ කාන්තා නායිකාවන් සමඟ එක්ව මෙම වැඩසටහන පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
මෙය මහනුවර කාන්තාවන් සඳහා සුවසෙවන හි ව්‍යාපාර මෙහෙයුම් ප්‍රධානී නිලු වේරගම මහත්මිය විසින් සංවිධානය කරන ලදී.
















