• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගහපු පාර තරු පෙන්න වැදුණා…! දෙතුන් පාරක් ගනිද්දි ඒක මට අමාරුයි…! වුණු දේ හිතාගන්න බැරි වුණා…! දුමී වන්නිආරච්චි I Sri Lanka Latest News

February 28, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ගහපු පාර තරු පෙන්න වැදුණා…! දෙතුන් පාරක් ගනිද්දි ඒක මට අමාරුයි…! වුණු දේ හිතාගන්න බැරි වුණා…! දුමී වන්නිආරච්චි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇයගේ රංගන කුසලතාව අපට මෙලෙස අකුරු කිරීමට නොහැකි වුණත් දුමීගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඇයව වැලඳගෙන හමාරයි. අතේ ඇඟිලි ගානටවත් ඇය නිර්මාණවලට සම්බන්ධ නොවී ඇති අතර, මේ දිනවල ‘පද්මලතා’ චරිතය හරහා විශිෂ්ට රංගනයක නිරත වෙමින් ඔබට සමීප වී සිටිනවා. ඉතින් ඇය ගැන බොහෝ දෙනා කතාබහ කරන මොහොතක ‘හාට්’ අපිත් හිතුවා ඇය සමග පිළිසඳරක යෙදෙන්න. මේ, දුමී වන්නිආරච්චි සමග අප ගතකළ මොහොතක්.Sri Lanka Latest News

මේ දවස්වල නම් දුමී ගැන ගොඩක් දෙනෙක් කතාබහ කරනවා?
ඇත්තටම මමත් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.
ඔබ නිරූපණය කරන ‘පද්මලතා’ ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන කතාකරන්න ගියොත් ගොඩක් දේවල් තියෙනවා. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ලලිත් රෝහිත අධ්‍යක්ෂණය කරන ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයේ මම රඟපාන පද්මලතා කියන්නේ නැටුමට දස්කම් දක්වන කාන්තාවක්. පාරක බැහැලා යන්න බැරි තරමට ප්‍රේක්ෂක ආදරය ඊට ලැබෙනවා. සමහරුන්ගෙන් බැණුම් පවා අහන්න වෙනවා. තවත් සමහරු පද්මලතා තේරුම් අරගෙන අනුකම්පා කරනවා. ඒ කොහොම වුණත් ඉතා ආදරණීය ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. පද්මලතා චරිතයට හොඳ සාධාරණයක් කළා කියලා මට මේ ලැබෙන ප්‍රතිචාර එක්ක හිතෙනවා. ගොඩ දෙනෙක් ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යය වැලඳගෙන තියෙනවා. මේ ළඟදි මට ෆේස්බුක් එක හරහා මැසේජ් එකක් ආවා රසිකාවකගෙන්. ඇය විඳපු ජීවිතයම පද්මලතා චරිතය තුළින් දකිනවා කියලා. පද්මලතා වගේ විඳවපු ගැහැනු තව කොයි තරම් ඇද්ද කියලා මටම හිතුණා.


ජනප්‍රිය රංගන ශිල්පී දසුන්ගෙන් කාපු පාර කොහොමද?
අම්මෝ ඒ පාර නම් කෑව තරු පේන්නම. දසුන් අයියා ගහපු කනේ පාර නම් සැරටම වැදුණා. ඒ වැදුණු පාරට මට වුණු දේ හිතාගන්නත් බැරි වුණා. අඩු තරමේ මට ඩයලොග් එකවත් කියාගන්න මතකයට ආවේ නැහැ. ඒ විතරක් නෙවෙයි උමා අක්කගෙනුත් හොඳට කෑවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් මට ඒ චරිතය තුළ ජීවත් වෙන්න වුණා.
ඔබ හැදුණු පරිසරයත් එක්ක ඔබ තුළින්ම පද්මලතා බිහිවුණු එක පුදුමයක් වෙන්න ඇති?
ඇත්තටම ඔව්. මට පද්මලතා චරිතය ලොකු අභියෝගයක් වුණා. පද්මලතා චරිතය මගේ වයසට වඩා වැඩිමහලුයි. ඒ වගේම ඇය හැදුණු වැඩුණු පරිසරය, වචන උච්චාරණය මේ හැම දේම බලනකොට මට වඩා ලොකු දුරක් තියෙනවා. ඉතින් මම ඒ වගේ චරිතයකට හාත්පසින්ම වෙනස් වෙන්න වුණා. මා තුළින්ම පද්මලතා නිර්මාණය වීම ගැන ලොකු අභියෝගයක්. හරියටම කිව්වොත් ඒ පරිසරයට, පොළොවට ගැළපෙන විදියේ ගැහැනියක් ලෙසට හැඩගැහෙන්න වුණා. හික්මීමක් ඇතිව පද්මලතා චරිතයට සාධාරණයක් කළා.
රඟපාන්න වගේම හොඳට නටන්නත් පුළුවන් නේද දුමීට?
මහාචාර්ය මුදියන්සේ දිසානායක ගුරු පියාණන් යටතේ මම නැටුම් කලාව ඉගෙන ගත්තා. ඉතින් මට හොඳට නටන්න පුළුවන් නිසා පද්මලතා චරිතයට තවත් සාධාරණයක් කරන්න ලොකු පහසුවක් වුණා. ඒ වගේම ‘දොරකඩ දෙවොල’ කණ්ඩායමෙන් ලැබුණු සහායත් පද්මලතාට ශක්තියක් වුණා කියලා මට කියන්න පුළුවන්.
ඔබ ඒ හෙළපු කඳුළු ස්වභාවික කඳුළුද?
ගොඩක් දුරට මට ස්වභාවික කඳුළු ගන්න පුළුවන් අවස්ථාව අනුව. එහෙම අඬපු අවස්ථා තියෙනවා. අනෙකුත් ශිල්පීන්ගෙන් ලැබෙන සහායත් එක්ක මට ඒ සිටුවේෂන් එකට හැඩගැහෙන්න පුළුවන්. හැබැයි ඉතින් ටේක් දෙක තුන ගන්නකොට නම් මට ඒ දේ කරන්න අපහසු වෙනවා.
චරිතයට හැඩගැහෙන්න කලින් නවකතාව කියෙව්වද දුමී?
ෂූටින් අතරතුර තරංගා අක්කගේ දුව නවල් එක ගෙනත් මම බැලුවා. හැබැයි නවල් එකම නෙවෙයි තියෙන්නේ. නවල් එකේ පද්මලතා තමයි ගෙනාවේ. හැබැයි මානුෂික වශයෙන් අවස්ථාවලට පද්මලතා චරිතයට වෙනස් වෙන්න හේතු තිබුණා. නවකතාවේ පද්මලතා කළු චරිතයක් වෙන්න පුළුවන්. හැබැයි නිර්මාණයක් හැටියට පද්මලතා අළු චරිතයක් ගෙනාවේ. ඔය විදියට පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා.
දුමීගේ මීළඟ අලුත් පෙරළිය ගැන කතා කළොත්?
තවම එහෙම අලුත් පෙරළියක් නැහැ. ‘දොරකඩ දෙවොල’ රූගත කිරීම් ඉවර වෙනකම් මම පද්මලතා තුළ ජීවත් වෙනවා. නිර්මාණවලින් මට ආරාධනා ලැබුණා. ඒත් තවම භාරගත්තේ නැහැ. මේ වැඩකටයුතු අවසන් වෙනකම් ඉන්න තමයි බලාපොරොත්තුව.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හතර වටින් සොර සතුරෝ… පරිස්සමින්…! Sri Lanka Latest News

Next Post

ඔයා මරු කියනකොට දැනෙන සතුට මාරයි…! අලුතෙන් බැන්දාම ඉතිං ප්‍රශ්න තමයි…! වේදිකාවෙන් ආවා කියලා හැම කෙනාටම රඟපාන්න බෑ…! රෙබෙකා දිල්රුක්ෂි I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.