• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මතකද මේ ශිරාණි

August 31, 2019
in Heart
Reading Time: 2 mins read
A A
මතකද මේ ශිරාණි
Share on WhatsAppShare on Facebook

සිංහල සිනමාව මිහිරැති වසන්තයක් කළ එක් අපූර්වතම යුගයක් ලෙස 80 දශකය හඳුන්වන්නට පුළුවන. හැඩකාර නිළි කෙල්ලන් සමූහයක් සැලෝලයිට් පට තුළ තම රුව සිත්තම් කළ ඒ ස්වර්ණමය අවධියෙහි ශිරාණි නුගේරා නම් වූ ලස්සන හුරුබුහුටි නවක තාරකාවද බිහිවිය.
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අධ්‍යක්‍ෂණය කළ “මයුරිගේ කතාව” සිනමා පටය තුළින් ප්‍රේක්‍ෂක සිත්සතන්හි අනුපමේය වූ මතක සටහන් තැබූ ශිරාණි,
“අහස් මාලිගා” සහ “රැජින” චිත්‍රපට තුළ දඟකාර පෙම්වතියක ලෙස සිය රංගන හැකියාව ඔපවත් කොට තැබුවේ තරුණ සිත් අමන්දානන්දනීය ලොවක් කරා ගෙනයමිනි.
ඒ දඟකාර කෙල්ල ශිරාණි නුගේරා දැන් කෝ?
රඟපෑමෙන් ඈත්වෙලාද..?
මාධ්‍යවලින් හැංගිලාද?
ශිරාණි නුගේරාට එදවස ආදරය කළ ප්‍රේක්‍ෂකයන් බොහෝ විට විමසිලිමත්වනවා ඇත.
ඉතින් සිංහල සිනමාව වර්ණවත් කළ රංගවේදීන් සොයාගෙන යන ගමනේදී මෙවර “ශිරාණි නුගේරා” ගැන තොරතුරු හොයන්න ඈ ළඟ නවතින්නට අපට සිත්විය.
මේ දිගහැරෙන්නේ ඒ අපූරු නැවතුම හමුවේ ඈ අප හා දොඩමලු වූ සුහද ආකාරයයි.

ඉතින් ශිරාණි කොහොමද ජීවිතේ?
ජීවිතේ සුන්දරයි. හරිම සතුටින් කාලය ගෙවනවා.
ඔබ ගැන තොරතුරු අහන්නට නැහැ. මාධ්‍යවලින් සැඟවිලාද?
අයියෝ නැහැ. මොනවට හැංගෙනවද? මම කවදාවත් මාධ්‍ය මඟහැරිය කෙනෙක්වත් එයින් හැංගුණු කෙනෙක්වත් නෙවෙයි.
හැබැයි, ඒ වගේම මාධ්‍ය සමඟ කතාබහේදී මම බොහොම පරෙස්සම් වෙනවා.
මෙතැනදී කිවයුතු තවත් කාරණයක් වන්නේ, සමහර මාධ්‍යයන් තෝරාගත් පිරිසක් පමණයි හඹා යන්නේ. නවකයන් පමණයි ඔවුන් ඒ සඳහා තෝරා ගන්නේ.
ඒ ගැන ඔබට යම් කනගාටුවක් දැනෙනවාද?
කොහෙත්ම නැහැ. එවන් සිතුවිලි මා තුළ නැහැ. අනෙක මම කිසිම දවසක මාධ්‍ය පසුපසවත් ජනප්‍රියත්වය පසුපසවත් හඹා ගිය කෙනෙක් නෙවෙයි.
ලැබෙන දේ කොපමණද මම ඒ තුළ සතුටු වුණා, සෑහීමකට පත්වුණා.
රඟපෑම සඳහා චිත්‍රපට භාරගන්නේ නැද්ද?
භාරගන්නවා, හොඳ චිත්‍රපටයක් නම්. ඒ චරිතය මට සුදුසු නම් එයට හවුල් වෙනවා. පසුගිය දවස් ගෙවුණේද චිත්‍රපට කිහිපයක රඟපෑම සඳහායි. මේ දවස්වලත් මම අලුත්ම චිත්‍රපටයක ෂූටින්වලට සහභාගි වෙනවා.
චිත්‍රපටය ගැන තොරතුරු ටිකක් කියමුද?
එය ගාමිණී හේවාවිතාරණගේ අධ්‍යක්‍ෂණයක්. “අංගනාවෝ” නමින් නිර්මාණය වන එහි මම අම්මා කෙනකුගේ චරිතය රඟපානවා.
ඔබ සිනමාවට පය තැබුවේ ස්වර්ණමය යුගයකයි?
ඇත්තෙන්ම ඔව්. ඒ ගැන කියන්නට වචන නැති තරම්. චිත්‍රපට හැදුණේ සීමාවක් නැතිවයි. අලුත් නළු නිළියන් පොකුරු ගණන් බිහි වුණා. නවකයන්ට වගේම ප්‍රවීණයන්ටත් චිත්‍රපටවලට දින දීම සඳහා ලොකු තරගයක් කරන්න සිද්ධ වුණා.
කොයි අධ්‍යක්‍ෂවරයගේ, කොයි චිත්‍රපටයේද රඟපාන්නේ කියා තීරණයක් ගන්න බැරිව දෙගිඩියාවට පත්ව හිටපු ඒ යුගය ඇත්තෙන්ම කියනවා නම් හරිම අමරණීයයි.
දඟකාර චරිත රඟපෑ ඔබටත් ඒ කාලේ ප්‍රේක්‍ෂකයන් උමතු වුණාද?
මම දඟකාර චරිත විතරක් නෙවෙයි අහිංසක ගැමි චරිතද කළා. ප්‍රේක්‍ෂකයන් ඒ සියල්ලට ඇලුම් කළා.
ඒ ළෙන්ගතුකම නිසා සමහර දෙනා මාව හොයාගෙන ගෙදරටම ආවා. ගේට්ටුව ගාව රැකගෙන හිටියා. කතාබහ කරන්න මම එළියට බහිනකල් බලාගෙන හිටියා.
එය ඔබට මානසික පීඩාවක් වුණාද?
එය මානසික පීඩාවක් වන්නේ අප දක්වන ප්‍රතිචාරය අනුවයි. මම ඉතාම කරුණාවෙන් ඔවුන්ට කරුණු කාරණා පැහැදිලි කර දුන්නා.
ඒ වගේම, ප්‍රේක්‍ෂකයන් සිනමා ශිල්පීන් වෙත ආකර්ෂණය වන්නේ ඔවුන් කෙරෙහි තිබෙන ඇල්ම නිසයි. ප්‍රේක්‍ෂකයන් නැති සිනමාවක් කොයින්ද? අපව ජනප්‍රිය කරවීමේ ගෞරවය හිමිවන්න ඕනෑ ඔවුන්ටයි.
ඔබ කළ චරිතයන් තුළ සුවිශේෂීව ඔබේ සිත්ගත් චරිතයක් තිබුණද?
මා කළ සෑම චරිතයක්ම වාගේ මට සුවිශේෂියි. ඒ වගේම ඒ හැම චරිතයකටම මම ආදරෙයි.
හැබැයි, ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්‍ෂණය කළ තිරගත වීමට නියමිත “දූ දරුවෝ” චිත්‍රපටයේ චරිතය ගැන නම් විශේෂ හැඟීමක් මා තුළ තිබෙන බව මට දැනෙනවා. මමයි ශ්‍රියානි අමරසේනයි එහි අක්කා සහ නංගි ලෙස රඟපානවා. වයසින් අප දෙදෙනා අතර තිබෙන පරතරය වගේම ඒ චිත්‍රපටයට තේමා වූ කතා පුවතද හරිම අපූරුයි.
ප්‍රේක්‍ෂක සිත් තුළ ඔබ තවමත් ජීවත් වන බව ඔබට හැඟෙනවාද?
මට එහෙම හිතෙනවා. මොකද? අදටත් මඟතොටදී ඔවුන් මට දක්වන ප්‍රතිචාරය හරිම උණුසුම්. ඇත්තෙන්ම අවුරුදු ගණනක් ගිහිල්ලත් ඔවුන්ට අපව මතක තිබීම ගැන හිතට දැනෙන සතුට කිව නොහැකි තරම්මයි.
සිනමා නිළියක ලෙස ඔබ ඔබ ගැන තෘප්තිමත්ද?
අනිවාර්යයෙන්ම මම මා ගැන තෘප්තිමත්… සිනමාව වෙනුවෙන් මා කළ මෙහෙවර සහ ඉන් ලැබුණු දේ ගැන සතුටට පත්විය හැකි අවස්ථා මට තිබෙනවා.
විශේෂයෙන් හොඳ අධ්‍යක්‍ෂවරු යටතේ මගේ රංගන ජීවිතය මුවහත් වීම, 1982 නැඟී එන නිළිය ලෙස සරසවි සම්මාන ලැබීම, සිනමාවේ ප්‍රවීණත්වයට පත් සෑම නළුවකු සහ නිළියක සමඟම රඟපෑමට වාසනාව ලැබීම සහ පාරට බැස්සම තවමත් ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයට බඳුන් වීම යන කාරණයන් ගැන මම වඩාත් සතුටු වන බව මෙහිදී කිව යුතුයි.
60, 70 සහ 80 දශකයන්හි වසන්තයක් ලෙස ඔබ දුටු සිනමාව අද ගිම්හානයක හුදෙකලා වෙලා නේද?
ඇත්තටම විශාල කනගාටුවක් දැනෙනවා. චිත්‍රපට හැදෙන්නේ නැහැ. හැදුණු චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ පහසුකම් නැහැ. චිත්‍රපට බලන්නට ඒ කාලේ පවුල්පිටින් ගිය ප්‍රේක්‍ෂකයන් අද දකින්නත් නැහැ. හිතාගන්නට බැරි ව්‍යසනයකට සිනමා කර්මාන්තය ගොදුරු වෙලා.
එයට හේතුව අන්තර්ජාලය සහ රූපවාහිනිය මිනිස් සිත් ආක්‍රමණය කිරීමද?
එයද එක් හේතුවක් ලෙස දැක්විය හැකියි. ඒ වගේම තවත් හේතු තිබෙනවා. ප්‍රධානම කාරණය සියල්ල කඩාවැටෙන්නට ඉඩදී වගකිවයුත්තන් බලා සිටීමයි.
පැහැදිලිව කියනවා නම් හොඳ අධ්‍යක්‍ෂවරු, හොඳ රංගවේදීන් තවමත් අපට ඉන්නවා. නමුත් ගැටලුව තියෙන්නේ හොඳ නිර්මාණ කරන්න ඒ අයට පහසුකම් නැහැ. එලෙසම චිත්‍රපට පෙන්වන්න සිනමා ශාලාවල පවා ඇතැම් විට පහසුකම් නැහැ.
නවකයන් වෙනුවෙන් යමක් කියනවා නම්?
හොඳ නවකයන් අපට සිටිනවා. ඉතාම දයාවෙන් ඔවුන්ට කියන්න තියෙන දේවල් බොහොමයි. කෙටියෙන් එක් දෙයක් කියන්නම්. ප්‍රේක්‍ෂකයන්ට මතක හිටින යමක් තිළිණ කරන්න උත්සාහ කරන්න. එවිට කිසිවිටෙකත් ඔවුන්ට ඔබ අමතක නොවනු ඇත.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හොරකමට තිත තියපු කොණ්ඩදෙණිය ගුරුකම

Next Post

හාට් මල්සරා සොයා යයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.